ඇත්තටම සමහර හැඩකාරිය්නගේ සිරුරයි බත් පිගානයි දිහා බැලුවාම ඒ අය එච්චර කන්නෙත් නැහැ. ඒත් මහතයි. ඇයි මේ වෙනස..? ඔබ ආහාර ගැනීමේදී ප්‍රමාණය ගැන විතරක් සලකා බැහැ. එහිදී වැදගත් වෙන හේතු මොනවාද....?
ආහාර ලබා ගන්නා වේලාව
අපිට මොනතරම් වැඩ කටයුතු තිබුනත් අපේ සිරුරේ ජෛව රිද්මයෙන් ඔබ්බට යන්න අපට බැහැ. උදේට රජෙක් වගෙත් ආහාර ගැනීමට උපදෙස් දෙන්නෙත් ඒ නිසයි. රාත්‍රි ආහාරය දහනය වීමක් සිදු නොවෙන නිසා රාත්‍රි ආහාරය බොහොම සැහැල්ලු විය යුතුයි. දරුවන්ට වුනත් උදේ ආහාරය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය උනන්දුව, ධාරණය වෙනුවෙන් උදේ ආහාරය ඉතා වැදගත් නිසයි.
ආහාරවල විවිධත්වය
ආහාරය කාබොහයිඩ්ඩ්‍රේට මෙන්ම මේදය , ප්‍රෝටීන්, යකඩ සහ වෙනත් ඛණිජ ලවණ අන්තර්ගත වන සේ පිළියෙල කර ගන්න. බොහෝ දෙනා පිළියෙල කිරීමේ පහසුව නිසා අර්තාපල් වැනි අල වර්ග වෙනුවෙන් විශේෂත්වය ලබා දෙනු ඇත. මැල්ලුම් කපන්න ඇති අපහසුව යැයි කියමින් ආහාර වේලට මැල්ලුමක් එක් කර ගැනීම බොහෝ විට අතපසු කරනු ඇත. එහෙත් මැල්ලුමකින් ලැබෙන පෝෂණ ගුණය මෙතැකැයි කියා නිම කළ නොහැකි අතර ඉතා සුළු වියදමකින් විශාල ලෙසින් පෝෂණය ලබා ගැනීමට පලා වර්ග උපයෝගී වෙනු ඇත. එහෙත් ඔබ අර්තාපල් වෙනුවෙන් නිතරම යොමු වෙන විට ඔබේ සිරුර අනවශ්‍ය ලෙසින් පිෂ්ඨ ආහාරයට ගැනීමේ ආදීනව නිසාම තරබාරුවට පත් වීම වලක්වා ගත නොහැක.
මාළු ආහාරයට ගැනීමේදී
මාළු හදවත් රෝගීන්ට පවා ගුණදායක වේ. ඔමේගා 3 අඩංගු මත්ස්‍යයන් ගැඹුරු මුහුදේ වෙසෙති. මෙම සංයෝගය හදවත වෙනුවෙන් ගුණදායක වේ. ඊට අමතරව සාලයා, හුරුල්ලා වැනි මත්ස්‍යයන් අනුභවය සුදුසුය.
තන්තු ආහාර
ඔබේ ආහාර වේලට තන්තු අන්තර්ගත වීම ඉතා වැදගත් වේ. තන්තු මගින් බඩවැල්වල ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වේ. මේ නිසා කොහිල, බෝංචි, කෙහෙල්මුව, කෙසෙල් බොඩ, කුරක්කන් වැනි තන්තු බහුල ආහාර එක් කර ගැනීමට උනන්දු වන්න. කොහිල පිලියෙල කිරීමේදි එහි ඇති නූල් ඉවත් කරන්න එපා. මෙම නූල් වැනි තන්තු බඩවැල් ක්‍රියාකාරිත්වයට හේතු වෙනවා. දියවෙනසුළු තන්තු ලෙස සැලකෙන මෙම ආහාර ගැනත් අවධානය දක්වන්න.
- පියලි ඇට වර්ග- බෝංචි, මෑ
- පළතුරු
- පලා
ආහාරයෙන් පසුව අතුරුපසට පලතුරු
ප්‍රධාන ආහාරයෙන් පසුව පලතුරක් ආහාරයට ගැනීම නිසා ඉතා හොඳින් ආහාර අවශෝෂනය වෙනවා පමණක් නොව ජීරණය පහසු කරයි. මලබද්ධයට විසඳුමකි. කෙසෙල්ගෙඩි, පැපොල් වැනි පළතුරු මල බුරුල් කරන ගුණයෙන් යුක්තය.
කිරි භාවිතා කරන විට මේද රහිත කිරි වුවත් ඔබ කහට තේ සමග මිශ්‍ර කරන්න. සතියකට දෙවරක් හෝ තුන්වරක් පමණ අතරවාරයකදී යෝගට් හෝ මුදවාපු කිරි වරදක් නැත. පොල් කිරිවල මේද බහුලව ඇත. එහෙත් පොල් සම්බෝල , මැල්ලුම වෙනුවෙන් පොල් යොදා ගන්නා විට මේදය එතරම් අඩංගු වන්නේ නැත ඊට හේතුව තෙල් රැඳී තිබෙන්නේ තද තන්තු රාමුවක බැවින්ය. එබැවින් පොල් තෙල් අනවශ්‍ය ලෙසින් යොදා ගෙන ආහාර පිසිනවාට වඩා මැල්ලුමක් පිළියෙල කර ගැනීම එතරම් අගුණ නොවන්නේය.
එන්.ඒ.පි.සි