හැමදාමත් ආදරේ විඳින්න නම් ඔයාල අතරේ මේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕන

October 29, 2017
5,992
You should have these qualities to save your relationship
අපි ආදරේ කරන්න සහකරුවෙක් සහකාරියක් තෝරා ගන්නේ ටික කාලයක් ලං වෙලා ඉඳලා ඈත් වෙන්න හිතාගෙන නෙවෙයිනේ. හැමෝම උත්සාහ කරන්න තමන් ආදරේ කරන කෙනා තමන්ගේම කර ගන්න. ඒත් ඉතින් හැමෝටම ඒ වාසනාව ලැබෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් අතර මඟදී තමන්ගේ ආදර කතාවට තිත තියන්නේ තම තමන්ගේම වැරදි, අඩු පාඩු නිසයි. මේ කියන්නේ එහෙම නොවී ඔයාගේ ආදරේ කොහොමද හැමදාමත් ඔයා ළඟ රඳවා ගන්නේ කියලා.

1. හැම දෙයක් ගැනම අවබෝධයෙන් බලන්න

අනවබෝධයෙන් කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. එනිසා ජිවත් වෙද්දී මනා අවබෝධය කියන දේ අනිවාර්යෙන්ම ඕන කරනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධයකදී උනත් ඒක එහෙමමයි. දෙදෙනා අතර ඇති සබඳතාවය ගැන හා ඔබ දෙදෙනා ගැනත්, ආනාගතය ගැන ගනු ලබන තීරණ ආදී හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තිබීම දිගු කාලින සම්බන්ධතාවයක ඇති රහසක්.

2. ආදරේ නැවුම් බව හැමදාමත් රැක ගන්න

හැමදාම දෙන්නා අතරේ ප්‍රශ්න නම්, විශ්වාසය බිඳ වැටිලා නම්, ඒ සම්බන්ධෙ නිසා සතුටට වඩා ඔයා විඳින්නේ දුකක් නම් ඒ බැඳීම ගැන ඔයා අනිවාර්යෙන් කලකිරෙනවා, එපා වෙනවා. දවසින් දවස ආදරේ තියෙන පිවිතුරු බව නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රශ්න ඈති වුනහම ඒවා දුර දිග ගෙනියන්නේ නැතුව කතා බහ කරලා විසඳ ගන්න. ඒ වගේම ඉවර කරපු ප්‍රශ්න ආයෙත් විටින් විට ඇදලා ගන්න එපා. කුණු අවිස්සුවොත් ගඳ ගහනවා විතරයි. හැම දවසක්ම ඔයාලට අලුත් දවසක් කරගන්න.

3. යතාර්ථවාදී වන්න

ජිවිතේ දිහා වගේම සබන්ධතාවය දිහාත් යථාර්තවදිව බලන්න පුරුදු වෙන්න. ඔයාල අතරේ තියෙන සතුට වැඩි වෙන්නත්, දිගු කාලයක් එය පවතින්නත් යථාර්තවාදී වීම වැදගත් වෙනවා. ආදරේ කරන්න පටන් ගත්ත මුල් කාලේදී අපි කරන්නේ කියන්නේ ම බොළඳ වැඩ. හිතන්නෙත් ඒ විදියට. හැබැයි හැමදාමත් බොළඳ වෙන්න ගියොත් ආදරේ පවත්වා ගෙන යන්න අමාරු වෙනවා. ආදරේ පරිණත වෙද්දී ඔයා හිතන පතන විදියත් පරිණත වෙන්න ඕන. මොකද ආදරේ කරද්දී ඇති වෙන ප්‍රශ්න දිහා යතාර්ථවාදීව බැලුවේ නැත්තන් ඔය කියන සුන්දර ආදරේ කවදාවත් ලැබෙන්නේ නැහැ.

4. හැකි හැම වෙලාවකම එයා ළඟ ඉන්න

ළඟ ඉන්න කිව්වට ඉන්න හැමවෙලාවකම කෙක්ක වගේ එල්ලෙන්නම බලාගෙන ඉන්න එපා. එහෙම නැත්තන් මුණ ගැහෙන්න ගිය වෙලාවේ ඉඳලා වැඩකට නැති දේවල් වලට මූණ එල්ලගෙන ඉන්න එපා. එහෙම උනොත්, ඔයා ළඟ නැති තරමට එයා කැමති වෙනවා. ළඟ නැති එකමයි හොඳ කියලා හිතනවා. දුරකතනයෙන් මොන තරම් රණ්ඩු කරත් එයා ළඟ ඉන්න වෙලාවට එයාට ආදරෙන් කතා කරන්න, ඔයා ආදරණිය වෙන තරමට එයා ඔයා එක්ක කාලය ගත කරන්න කැමති වෙනවා.

5. එයාට ඔයාගේ හිත කියවන්න බැහැ

හිතේ එකක් තියාගෙන කියන්නේ තවත් දෙයක්. මේක නම් ගොඩක් ගෑණු ළමයි කරන වැරද්දක්. ගොඩාක් දේවල් හිතේ තියාගෙන ඉන්නවා. කිසිම වෙලාවක ඒවා පිටට පෙන්නන්නේ, කියන්නේ නැහැ. ඊට පස්සේ බොරුවට ප්‍රශ්න ඇති කර ගන්නවා. ආදරේ කරද්දී විවෘතව කතා බහ කරන එක, හැඟීම් ප්‍රකාශ කරන එක, ප්‍රශ්න ගැන කතා කරන එක ගොඩාක් වටිනවා. අපේ සන්නිවේදනය දුර්වල නම් කොහොමද බැඳීමක් පවත්වාගෙන යන්නේ?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 481 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:27 AM
Script:/article/481/you-should-have-these-qualities-to-save-your-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:47:27 AM
Script:/article/481/you-should-have-these-qualities-to-save-your-relationship.html