අහිතකර ආලේපන නිසා මුහුණ අවලස්සන කර ගත් අයට ස්වාභාවික ආලේපන

November 4, 2017
9,112
Natural recover treatments for damaged faces
සුදු වෙනවා කිව්වොත්, ලස්සන වෙනවා කිව්වොත් ඕනම දෙයක් අරන් මූණේ ගාන්න දැන් ඉන්න ගොඩක් තරුණියන් පෙළඹිලා තියෙනවා. ඒක හොඳ නිෂ්පාදනයක්ද, නැද්ද, හොඳද, නරකද, මොනවා වෙයිද කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැහැ. විශේෂයෙන් බ්ලීචින් අඩංගු විවධ ආලේපන ගැල්වීම නිසා පසු කාලීනව අහිතකර ප්‍රතිඵල ලැබෙද්දී තමයි ඒ ගැන හිතන්නේ. ඒත් එතකොට පරක්කු වැඩියි. සමහර විට ඔයාටත් මේ වගේ අත්දැකීම් ඇති. 

ඒ වගේ අහිතකර ප්‍රතිඵල ලබපු අයට තියෙන හොඳම විසඳුම් කීපයක් තමයි මේ. ස්වභාවික ආලේපන ගැල්වීම මඟින් ඔයාට ලෙඩ කර ගත්ත මුහුණ ආයෙත් ලස්සන කර ගන්න පුළුවන්.

1. අර්තාපල්

අව පහ ගැන්වුණු සම පැහැපත් කරන්නත් පිරිසිදු කරන්නත් අර්තාපල් යොදා ගන්න පුළුවන්. අර්තාපල් ස්වභාවික ක්ලේන්සර් එකක් ලෙස භාවිත කරන්න පුළුවන්. අර්තාපල් යුෂ ස්වල්පයක් ගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් දමා හොඳින් කලවම් කර ආලේප කරන්න. මෙයින් සම හොඳින් පිරිසිදු වෙන ගමන්ම සමට පෝෂණයක් එක් කරමින් සම පැහැපත් කරනවා. මේ මිශ්‍රනයටම එළකිරි ස්වල්පයක් එකතු කර අලේප කරන්න. ඔයා තවත් හොඳ ප්‍රතිඵල ලබා ගනියි.

2. කෝමාරිකා 

කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය රැක දෙන කදිම මොයිස්චරයිසර් එකක්. ඒ වගේම විවිධ ආසාදන නිසා ගැටළු මතු වුණු සමකට තියෙන හොඳම විසඳුමක්. වියළි සමකට කෝමාරිකා අාලේප කිරීමෙන් සම යථා තත්වයට පත්කර ගන්න පුළුවන්. කෝමාරිකා සඳහා පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් හෝ ලෙමන් යුෂ මිශ්‍ර කර අාලේප කරන්න. 

3. පිපිඤ්ඤා 

පිපිඤ්ඤා යුෂ ඉතා හොඳ ස්වභාවික ක්ලේන්සර් එකක්. එයින් සම පිරිසිදු කරනවා. පිපිඤ්ඤා යුෂ වලට සුදු හඳුන් කුඩු මිශ්‍ර කර ආසාදන ඇති වුනු මුහුණේ ආලේප කරන්න. දහඩිය බිබිලි, කුරුලෑ සහ ආලේපන නිසා ඇති වුනු අසාත්මිකතා වලට මෙය වඩාත් යෝග්‍යයි. පිපිඤ්ඤා යුෂ ස්වල්පයකට අර්තාපල් යුෂ හා කිරි කළවම් කර අලේප කිරීමෙන් මුහුණේ අඳුරු ගතිය ඉවත් කර ගන්න පුළුවන්.

4. ලෙමන් යුෂ 

ලෙමන් විටමින් “සී” වලින් බහුල නිසා සමට වඩාත් ගුණදායකයි. ලෙමන් යුෂ වලට මී පැණි ස්වල්පයක් කළවම් කර ආලේප කර විනාඩි 10-15ක් පමණ තබා සෝදාහරින්න. ලෙමන් ලෙලි හොඳින් අව්වේ වියළා කුඩු කර එයට බිත්තර හා එළකිරි කළවම් කර අලේප කිරීමෙන් සමේ පැහැපත් බවක් ඇතිකර ගන්න පුළුවන්.

5. රෝස වතුර 

 පිපුණු රෝස මලක පෙති වතුර වීදුරුවකට දමා රැයක් වසා තබන්න. ඉන්පසු එය පෙරා ග්ලිසරින් බින්දු 2ක් හෝ 3ක් ඊට එක් කරන්න. ස්වභාවික ටෝනර් එකක් විදිහට ඔයාට මේ රෝස වතුර භාවිතා කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 494 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/494/natural-recover-treatments-for-damaged-faces.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/494/natural-recover-treatments-for-damaged-faces.html