කෝපි කා අතරත් ජනප්‍රිය, පානයක් විදියටනේ. ඒවගේම අපේ සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් වන දෙයක්. මානසික ආතතිය අවම කරන්නත්, මනසේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්නත්, හදවත නිරෝගී කරන්නත් තව එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව පවත්වාගෙන යන්නත් තවත් බොහෝ සෞඛ්‍යමය වාසි රාශියක් කෝපි වලින් ලැබෙනවා.
මේ දේවල් වලට අමතරව ඔයාගේ සම රැක ගන්නත්, චර්ම රෝග අවම කරන්නත් කෝපි උදවු වෙනවා. හිරු රැස් වල අහිතකර UV කිරණ වලින් සම ආරක්ෂා කරන්නත් කෝපි උදවු වෙනවා.
මේ කිව්වේ කෝපි පරිභෝජනය මඟින් ලැබෙන සෞඛ්‍යමය වාසිනේ. මීට අමතරව කෝපි වලින් කරන බාහිර සත්කාර මඟින් ඔයාගේ සම ලස්සන කර ගන්න සහ නිරෝගී කර ගන්න පුළුවන්. පැහැපත් දිදුලන සමකට වගේම මැරුණු සම ඉවත් කරන්න, සමේ සෛල වර්ධනය කරන්න කෝපි වලට පුළුවන්.
සමේ තෙතමනය රැක ගනිමින් තරුණ පෙනුමක් ලබා ගන්න කෝපි වලින් කරන්න පුළුවන් face mask කිහිපයක් තමයි මේ. කෘතීම දේවල් නැතිව ස්වාභාවික හා පහසුවෙන් කරන්න පුළුවන් මේ වගේ සත්කාර වලින් ඔයාගේ සුන්දරත්වය වගේම නිරෝගී බවත් රැකෙනවා.
1. කෝපි සහ පොල් තෙල්
මේක ඔයාට හරිම ලේසියෙන් හා පහසුවෙන් කර ගන්න පුළුවන්.
කෝපි කුඩු තේ හැඳි 2ක්
පිරිසිදු පොල් තෙල් මේස හැඳි 2ක්
මේ ද්‍රව්‍ය දෙක හොඳින් ම්ශ්‍ර කරලා පිරිසිදු කර ගත් මුහුණේ අලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
2. කෝපි සහ යෝගට්
කොපි කුඩු මේස හැඳි 1ක්
යෝගට් මේස හැඳි 1ක්
හොඳින් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුණ මත අලේප කරන්න. විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න.
3. කෝපි සහ පොල් කිරි
කෝපි කුඩු මේස හැඳි 2ක් හෝ 3ක්
පොල් කිරි මේස හැඳි 3ක් හෝ 4කක්
මෙය හොඳින් මිශ්‍ර කර පල්පයක් මෙන් සකස් කර මුහුණේ අලේප කර විනාඩි 15කින් හෝ 20කින් ඉවත් කරන්න
සතියකට වරක් මේ සත්කාර වලින් එකක් try කරලා බලන්නකෝ වෙනසක් ඔබටම දැනේවි.