තරබාරුව වළක්වාගන්න

April 9, 2017
14,492
How to Lose Weight Fast
මහතයි, ස්ථුලයි, තරබාරුයි මේ කොයි විදියට ඇහුණත් මේ විදියට කියනවා ඇහුණම ඔබත් මහත කෙනෙක් නම් ටිකක් දුක හිතෙනවා ඇති. අනේ මම මහත වැඩියි. කොහොමද කෙට්ටු වෙන්නේ? එහෙම හිතලා එක එක පිළියම් හොයනවා ඇති. ඒ පිළියම් අත්හදා බලනවාත් ඇති. මහත අඩු කරගන්න පුළුවන් කියලා වෙළෙඳ පොළේ තියෙන දේවල් අරගෙන භාවිතා කරනවාත් ඇති. මුදල් වියදම් කළත් මහත අඩුවෙලාද? තරබාරැව කාන්තාවකට මහ වදයක්. බාධාවක්. ඇඟේ හැඩය නැති වුණාම ඇතිවන ප්‍රශ්න බොහොමයි. ආයුර්වේදයට අනුව තරබාරැව ගැන දැනගනිමු.

ආයුර්වේදයට අනුව නම් තරබාරැව හඳුන්වා ඇත්තේ මේදෝ රෝග ලෙසයි. වැඩිදුරටත් විස්තර කරන්නේ ව්‍යායාම නොමැති කම නිසා මේ තත්ත්වය ඇතිවන බවයි. යම් කෙනෙකුට ව්‍යායාම කිරීමට හෝ ඇඟපත වෙහෙසවා වැඩ කිරීමට අවස්ථාවක් නැත්නම් ඒ පුද්ගලයා තම ආහාර ප්‍රමාණය අඩු කරගන්න ඕන. ගන්නා ආහාර ප්‍රමාණයත් ව්‍යායාමත් සමතුලිත නොවන විට තරබාරැව ඇතිවීම වැළැක්විය නොහැකියි. අධිකව කය වෙහෙසා වැඩ කරන කෙනෙක් අඩු ප්‍රමාණයකින් ආහාර ගත් විට ඒ පුද්ගලයාගේ ශරීරය කෘෂ වී දුර්වල වෙනවා. කය වෙහෙසවා වැඩ නොකරන කෙනෙක් වැඩියෙන් ආහාර ගත් විට ශරීරය වෘද්ධි වී තරබාරැ වෙනවා.

ආහාර ගැනිමේදි සැලකිය යුතු වැදගත්ම කාරණාව නම් ශරීරය පවත්වා ගැනීම සඳහා පමණක් ආහාර ගැනීමයි. එසේ නොමැතිව දිව අනවශ්‍ය ලෙස පිනවීමට යෑමෙන් අධික තරබාරැව පමණක් නොවේ වෙනත් රෝග ගණනාවක්ම ඇති වෙනවා.

තරබාරැව ඇති වීමට හේතු

ව්‍යායාම මද කම ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා කරනවා. එවිට නියමාකාරයෙන් බඩගින්නක් ඇති නොවන නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩාල වෙනවා. ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම නිසා ශරීරයේ ආම ගතියක් ඇතිවී තරබාරැව ඇති වන බවයි ආයුර්වේදයේ සඳහන් කරන්නේ.

තරබාරැව ඇති වීම කෙරෙහි තවත් බලපාන කරැණක් වන්නේ දිවා කාලයේ නිදා ගැනීමයි. බොහෝ කාන්තාවන්ට දහවල් නිදා ගැනීම පුරැද්දක් වෙලානේ තියෙන්නේ. අන්න ඒ අයට මේක වැදගත් කාරණාවක්. ඒ වගේම ශීත ආහාර නිතර නිතර ගැනීම, පැණි රස ආහාර නිතර නිතර ගැනීම, තෙල් සහිත ආහාර නිතර ගැනීමත් තරබාරැව ඇති වීම බලපාන සාධක.

වෙනත් ආබාධ

අධික තරබාරැව නිසා අතුරැ ආබාධ ඇතිවීම වැළැක්විය නොහැකියි. තරබාරැව ඇති අයකුට ඇවිදීමත් කරදරයක්. අනවශ්‍ය බරක් ඔසවාගෙන යනවා වගේ නිතරම පීඩා ගෙන දෙනවා. දණහිස් වේදනා, කොන්දේ වේදනා, ඇවිදින විට ඇතිවන මහන්සිය, හෘදයාබාධ ප්‍රධාන ලෙස ඇතිවන අතුරැ ආබාධ. මේ හැරැණු විට තරබාරැව නිසා මධුමේහය හෙවත් දියවැඩියාවත්, අධිරැධිර පීඩනයත් ඇතිවන්න පුළුවන්.

තරබාරැව අඩු කරගන්න නම්

තරබාරැව පාලනය කරගන්න නම් ආහාර පාලනය කළ යුතුම වෙනවා. ආහාර පාලනයකින් තොරව තරබාරැව අඩු කර ගැනීම සිතීමටවත් නොහැකියි. විශේෂයෙන් පැරණි සම්ප්‍රදායික ආහාර රටාවට හුරැවීම වඩා ගුණදායකයි. ප්‍රතිඵලදායකයි. පිෂ්ටහු බහුල ආහාර, පාන්, පිට්ටු, ඉඳිආප්ප, රොටි වැනි ආහාර කිසිසේත්ම සුදුසු නෑ. පිෂ්ටය බහුලආහාර නිසා ශරීරය තව තවත් තර කරනවා. ශාකමය ආහාර හා එළවළු වැඩියෙන් කෑම ගුණදායකයි. මස්, මාළු, කිරි, බිත්තර වැනි අධිපෝෂක ආහාර අවම කිරීම වැදගත්. ඒ වගේම ආහාර පිරමිඩය අනුගමනය කරමින් ආහාර රටාව සකස් කර ගැනීම තරබාරැව පාලනය කර ගැනීමට හැකි ක්‍රමයක්. වැදගත්ම කරැණ වන්නේ තමන් කරන කාර්යයට සරිලන ලෙස ආහාර ගැනීමයි.

කෘත්‍රිම රසකාරක වෙනුවට දේශීය කුළුබඩුවලින් පිසූ ආහාර ගැනීමත් හොඳ ඔසුවක් බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

කට දිව පිනවන්න යෑම තරබාරැවට හේතුව කියලා දැන් දන්නවනේ. දැන්ම වෙනස් කරගත්තොත් යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යන්න පුළුවන් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 199 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:22:10 AM
Script:/article/199/how-to-lose-weight-fast.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:22:10 AM
Script:/article/199/how-to-lose-weight-fast.html