දරු ප්‍රසූතියෙන් පසු ඔබේ මානසිකත්වය හොඳින් පවත්වාගන්නේ මෙහෙමයි

February 13, 2017
6,926
After Delivery : 5 Ways to Clear Your Mind
ඔබ මෙලොවට දරුවෙකු බිහිකළ පසු ඔබ නොදැනුවත්වම ශරීරය තුල වෙනස්කම් රැසක් සිදුවන අතර ඉතා කාර්යබහුල ජීවිතයකට ඔබ වැටෙනු ඇත. මෙහිදී ඔබේ මානසික ආතතිය ඉහළ යන අතර එයින් මිදීමට ඔබ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු කාර්යයන් රැසක් ඇත. මන්ද එසේ නොමැති වීමෙන් ඔබේ එදිනෙදා කාර්යයන් කල නොහැකි වීමත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට සිදුවීමත් නිසාය.

1. සැමියා සමඟ තම සිතුවිලි බෙදා ගැනීම

දරු ප්‍රසූතියෙන් පසුව කාර්යබහුල වීමත් සමඟින් බොහෝ විට ඔබට තම සැමියා පිළිබඳ කෝපයක් ඇතිවීමට ඉඩ ඇත. එයට හේතුවන්නේ ඇතැම් අවස්ථාවලදී ඔබ කරන මවගේ කාර්යබාරයට ඔහු සම්බන්ධ නොවීම හෝ ඔබට සුළු හෝ උදව්වක් කිරීමට ඔහු අතපසු වීම විය හැකිය. එමෙන්ම කාර්යබහුලකම නිසා සැමියා සමඟ කාලය ගත කිරීමට ඔබටද අවස්ථාවක් හිමිවන්නේ අඩුවශයෙන් වීම නිසා ඔහුට ඔබ කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයක් නොමැති වී යයි. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම ඔබ සැමියා සමඟින් කාලය ගතකරන්නේ නම් එය ඔහුට සතුටක් විය හැකිය.

2. මිතුරන් ඇසුරු කරන්න

තමන්ට අවස්ථාවක් ලද සෑම විටම දුරකථනයෙන් හෝ මිතුරන් සමඟ සංවාදයේ යෙදෙන්න. අදහස් හුවමාරු කරගන්න. විහිළු කරමින් සිනාසෙමින් සිටින විට ඔබේ ආතතිය මිදෙනු ඇත.

3. සුවනිද්දක් ලබාගන්න

දරුවා සමඟ සිටින විට බොහෝ විට රාත්‍රී කාලය පවා ඔබට සුව නින්ද ලබාගත නොහැක. එසේ වූවද දරුවා නිදා ගැනීම අවශ්‍යම දෙයකි. ඔබට නින්ද නොමැති වීම නිසා කායික මානසික තෙහෙට්ටුව ඇතිවී ඔබව කෝප ගන්වයි. මේ හේතුවෙන් නුරුස්සන ස්වභාවය හා වැඩකටයුතු අතපසු වීම සිදුවිය හැකිය. එම නිසා ප්‍රමාණවත් නින්දක් ඔබට අත්‍යවශ්‍ය වේ.

4. පෝෂදායි ආහාර හා ජලය පානය කිරීම

මවක් වන ඔබ දරුවාට නිතර මව්කිරි ලබාදීම ආදිය නිසා ජලය පානය කිරීමත් පෝෂදායි ආහාර ලබා ගැනීමත් ඉතා අවශ්‍ය කාරණයකි. පෝෂදායි ආහාර සහ ජලය ශරීරයට නිසි ලෙස ලබාදීමද මානසික ආතති දුරු කිරීමට උදව් වනු ඇත.

5. මියුරු සංගීතයට සවන් දීම

මෙමගින්ද මානසික ආතතිය දුරුවේ. ඔබ කැමති මිහිරි සංගීතයට සවන් දීමද ඔබේ ආතතිය මඟහැරී මානසික සතුට ලබාදීමට උපකාරී වේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 50 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:15 AM
Script:/article/50/after-delivery-5-ways-to-clear-your-mind.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:15 AM
Script:/article/50/after-delivery-5-ways-to-clear-your-mind.html