ඔයත් අතීතය අමතක කරන්න බැරිව දුක් වෙන කෙනෙක්ද? එහෙනම් මේ උපදෙස් ඔයාගේ අනාගතේට ගොඩක් වැදගත් වෙයි

November 8, 2017
5,907
Forget the sad past and move forward
මිනිස්සු වුනු අපි හැමෝගෙම ජිවිත වල වැරදුනු තැන් පැරදුනු තැන් ඕන තරම් තියෙනවා. ජීවිතේට හැමදාම සතුට, සැනසීම විතරක් ලැබෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගෙම ජිවිත වලට අමාරු කාල එනවා. ඒක සාමාන්‍යයි. එත් එක තේරුම් නොගත්ත ගොඩක් දෙනෙක් වැරදුනු, පැරදුනු අතීතය ගැන හිත හිතා හැමදාමත් අතිතයේම ජිවත් වෙනවා. 

ඒත් එහෙම අතීතය ගැන හිත හිතා දුක් වුනා කියල ඇති වැඩේ මොකද්ද? ඒකෙන් ඔයාට කසිම පලක් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕන ඒක නෙවෙයි. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයාගේ අනාගතය සාර්ථක කර ගන්න එක. අතීතයේ වැරදුනු, හිත රිදුනු තැන් අමතක කරලා අනාගතේ සාර්ථක කර ගන්න මේ පුංචි පුංචි උපදෙස් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.

1. අතීතයේ ජිවත් වෙන එක නතර කරලා වර්තමානෙට එන්න. ඇවිත් අනාගතේ ගැන සැලසුම් කරන්න. අතීතයේ වුණු වැරදීම් සහ අතපසුවීම් අයෙත් ඇති වෙන්න ඉඩ තියන්න එපා.

2. හැරී බැලූ පසු අතීතයේ ඇත්තේ හිත රිදවන දේවල් නම් තව තව ඒ දෙස බලා සිටීම අවශ්‍ය  වෙන්නේ නැහැ.

3. අද දවසේ අපි කරන කියන හැම දෙයක්ම දවසක අපේ අතීතයට එකතු වෙනවා. අතීතය ගැන හිතා දුක් වෙන්න සිදු නොවෙන විදිහට අද වැඩ කරන්න හිතට ගන්න. 

4. අතීතයේ සිදු වූ ඇතැම් කටුක මතකයන් හා ඇති කර ගත් අදහස්, මතාන්තර ඔබේ අනාගතයද වීනාශ කර දමන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දෑ සිතින් ඉවත් කරන්න. 

5. ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන නම් පරණ පිටුව නැවත නැවත පෙරලා එය කියවීමත් එහි දුක් මුසු තැන් නැවත නැවත සිහි කර දුක් වෙන එකත් නවතා දමන්න. 

6. අතීතයේ ජිවත් වී හැමදාම පරණ ඔබ ලෙස ජිවත් වෙනවාට වඩා අලුත් පුද්ගලයෙක් වීමට උත්සාහ ගන්න. සැඟවී ගිය ඔබේ ශක්තිය නැවත ලබා ගන්න.

7. ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි කියන එක හැම වෙලාවකම සිහි තබා ගන්න. අතිතයේම එල්ලී ගෙන හිටියොත් අනාගතයත් අතීතය වගේම දුක් ගොඩක් වෙනවා.

8. හැම සිදුවීමකින්ම ජීවිතේට එකතු වෙන්නේ අත්දැකීමක්. අත්දැකීම් එකතු කර ගන්න. අනාගතේට මුහුණ දෙද්දී ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න. එහෙම නැතුව වටිනා ජිවිතේ අතීතයටම බාර දීලා ඉන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 501 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:00:43 AM
Script:/article/501/forget-the-sad-past-and-move-forward.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:00:43 AM
Script:/article/501/forget-the-sad-past-and-move-forward.html