දරුවන් ඉදිරියේ කවදාවත් මේ දේවල් කරන්න එපා

July 12, 2018
5,856
Do not do these in-front of children ever









දෙමාපියන්ගේ ලෝකය දරුවන්. දරුවන් ඉපදුණු දවසේ ඉදන් ඔවුන්ගේ අනාගතය හදන්න දෙමාපියන් නොකරන දෙයක් නොමැති තරම්. දරුවන්ට  හොද, නරක කියලා දීලා දරුවන්ව සමාජානුයෝජනය කරන ප්‍රථම සමාජානුයෝජක කාරකය වෙන්නේ පවුල. දරුවන් ජීවිතය ඉගෙන ගන්නේත් මහා සමාජයට හුරු වෙන්නේත් දෙමාපියන්ගේ මග පෙන්වීම තුළින්. අන්න ඒ නිසා දෙමාපියන් ආදර්ශවත් භූමිකාවක් දරුවන් ඉදිරියේ රග දැක්වීම වඩාත් වැදගත්. ඔබ ඔබේ දරුවන්ට ආදර්ශයක් වීම ඉතා වැදගත්. එවිට ඔබේ දරුවන් ඔබව අනුකරණය කරනවා. ඒ නිසා කවදාවත් දරුවන් ඉදිරියේ මේ දේවල් නම් කරන්න එපා.

01. දරුවන් ඉදිරියේ බිරිදට හෝ සැමියාට කවදාවත් බනින්න එපා

ඔබ දෙදෙනා අතර ඉතාමත් විශ්වසනීයත්වයෙන් යුතු සබදතාවක් තිබෙනවා වෙන්නට පුළුවන්. දරුවන් ඉදිරියේ බැන ගැනීමෙ ඔබ දෙදෙනාට එතරම් බලපෑමක් නොවනවා විය හැකියි. නමුත් කුඩා දරුවන්ට ඒ සියල්ල එක සේ තේරුම් ගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා එකිනෙකාට අපහාස කර ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. එසේ සිදු වුවහොත් දරුවන්ට ඔබ දෙදෙනාම කෙරෙහි පවතින ගරුවත්වය හා පිළි ගැනීම නැති වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම තමයි ඔබේ දරුවන්ගේ විනය ආරක්ෂා කර ගැනීමටත් එය බාධාවක්. නිරන්තරයෙන් දෙමාපියන් බැන ගැනීම හා කලකෝලාහල ඇති වීමෙන් දරුවන් තුළ ආතතිය, මානසික පීඩනය වැනි දේවල් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කලහකාරී සාමකාමී නොවන පරිසරයක් තුළ දරුවන්ට ජීවත් වීමට ඇති කැමැත්ත නැති විය හැකියි. එහි ප්‍රතිඵලයක් විදිහට දරුවන් නිවසෙන් පිටවි සිටිමට ඇතැම්විට කටයුතු කරන්න පුළුවන්. ඔබ පසුව කෙතරම් දරුවන්ට අවවාද උපදෙස් ලබා දුන්නත් දරුවන් ඔබව නොසලකා හැරීමට කටයුතු කරාවී.

02. තමන්ගේ දෙමාපියන්ගේ වැරදි දරුවන් ඉදිරියේ කියන්න එපා

දරුවන් බොහෝ දුරට දෙමාපියන් දෙදෙනාගේ ආච්චිට, සීයාට සමීපයි. දරුවන් ඉදිරියේ ඔබ ඔබේ දෙමාපියන්ට බැන වැදීමෙන් දරුවන්ට ඔබ දෙදෙනා පිළිබදව
කලකිරීමක් ඇති විය හැකියි. ඔයා නිතරම කතා කරන්නේ ඔයාගේ දෙමාපියන්ගේ වැරදි නම්, නිතරම ඔවුන්ව විවේචනය කරන්නේ නම් තවදුරටත් ඔබට ඔබේ දරුවන්ට අවවාද උපදෙස් දෙන්න හැකියාවක් නෑ. ඉතිං ඊට පස්සේ හරියට ”කක්කුට්ටා ඇදේ යන ගමන් දරුවන්ට කෙලින් යන්න කියලා දෙනවා” වගේ ඔයා කවදාවත් හොද දෙයක් කියලා දුන්නත් පිළිපදින එකක් නම් නෑ. ඉතිං තවදුරටත් ඔයා කොහොමද වැඩිහිටියන්ට සැළකීම පිළිබදව දරුවන්ට කියලා දෙන්නේ. අම්මා තාත්තා තුළින්ම වැරදි ආදර්ශ දරුවන්ට ලැබිලා ඉවරයි. පවුලේ සමීපතමයන් ගැන හෝ වෙනත් කිසිදු පුද්ගලයෙක් පිළිබදව දරුවන් ඉදිරියේ විවේචනය කරන්න එපා. ඔබ ඔබේ දෙමාපියන්ට කතා කරන විදිහටම, ඔයා ඔයාගේ දෙමාපියන්ට ගරු කරන විදිහටම ඔබටත් සැළකුම් ලැබේවි.

03. දරුවන් ඉදිරියේ ලිංගික ක්‍රි‍රයාවල නිරත වෙන්න එපා

කෙදිනකවත් දෙමාපියන් මේ වැරද්ද දරුවන් ඉදිරියේ නොකළ යුතුයි. දරුවන් ඉදිරියේ ලිංගික ක්‍රියාවල නිරත වීමෙන් සිදු වෙන්නේ දරුවන් නොසන්සුන්තාවට පත් වෙන එක. ඔවුන් මේ ගැන අත්හදා බැලීමට හා ඒ ගැන සෙවීමටත් ඉන්පසුව කටයුතු කරන්න තියෙන ඉඩකඩ වැඩියි. නිසි වයසට පෙර ඒ ගැන උනන්දුවක් ඇති
වීමෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල විය හැකියි. ඇතැම් විට දරුනවන් භීතියට පත් වෙන්න තියෙන ඉඩකඩද වැඩියි. ඒ නිසා කවදාවත් දරුවන් ඉදිරියේ මේ වැරැද්ද කරන්න එපා.


04. දරුවන් ඉදිරියේ මත්පැන් පානය කරන්න එපා

කිසිම අවස්ථාවක දරුවන් ඉදිරියේ මත්පැන් හෝ දුම්වැටි පානය කරන්න ඔබ කටයුතු නොකළ යුතුයි. විශේෂයේම දරුවන්ට කියලා මත්පැන් හෝ දුම්වැටි පානය කිරීමේදි කිසිම උදව්වක්  නොගත යුතුයි.  එය කුඩා දරුවන්ට සුදුසු දෙයක් දෙයක් නෙමෙයි. දරුවාට මත්ද්‍රව්‍ය සහ දුම්වැටි මිලදී ගන්න ඔබ විසින්ම දරුවන්ව
හුරු කරන්න එපා. එවැනි දේවල්වලින් ඔබේ දරුවාද මත්ද්‍රව්‍ය ගැනීමට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පසුව ඔබ කෙතරම් අවවාද උපදෙස් ලබා දුන්නත් දරුවා පිළිපදින එකක් නැහැ.

05. දරුවන් සමග ටෙලි නාට්‍ය බලන්න එපා

අද තිබෙන තත්ත්වය ඉතාමත් සෝචනීයයි. අද කතා පෙට්ටිය ඉස්සරහ වාඩි වෙන්නේ මුළු පවුලම එකට. බොලද මෙගා ටෙලි නාට්‍ය නිසා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සියල්ල අසාර්ථක වෙනවා. ඒ නාට්‍යවල තියෙන දේවල්වලට දරුවන් ඉක්මනින් ඇබ්බැහි වෙනවා. එය ඉතාමත් භයානක තත්ත්වයක්. අද තියෙන මෙගා නාට්‍යවල වැඩි පුරම තියෙන්නේ පළිගැනීම්, රණ්ඩුසරුවල්, මිනීමැරුම් ඝාතන වගේ දේවල්. දරුවන්ගේ වීරවරු වෙන්නේ කාටූන් චරිත. එහෙමත් නැත්තම් නලූ නිළියෝ. ඒ නිසා දෙමාපියන්ට යුතුකමක් හා වගකීමක් තියෙනවා දරුවන්ව මෙගා නාට්‍ය සංස්කෘතියේ ඈත් කරලා තියන්න. එය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ කරන මහගු ආයෝජනයක් වේවී.

06. දරුවන්ට අපහාස කරන්න එපා

පවුල තුළ වගේම අන් අය ඉදිරියේද ඔබ කවදාවත් ඔබේ දරුවන්ට බනින්න හෝ අපහාස කරන්න එපා. මොකද එයින් ඔබේ දරුවා අපහසුතාවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කරනකොට ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි. දරුවන්ගේ අඩුපාඩු දුර්වලතා සෙසු අය ඉදිරියේ පැවසීමෙන් ඔබ වැළකිය යුතුයි. මන්ද එමගින් ඔබේ දරුවා තවත් පසුබෑමකට ලක් වෙනවා මිස දියුණුවක් නම් දරුවන් තුළ සිදු වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 939 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:56 AM
Script:/article/939/do-not-do-these-in-front-of-children-ever.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:56 AM
Script:/article/939/do-not-do-these-in-front-of-children-ever.html