සැමියාගේ ආදරය, අවදානය හැමදාම ඔයා ළඟම තියා ගන්න නම් මේ දේවල් අමතක කරන්න එපා

March 2, 2018
17,728
Things you should do to keep your husband happy
 
අපි ජීවිත කාලය පුරාම හොයන්නේ සතුටින් ජීවත් වෙන්න ඕනේ වෙන දේවල්. ආදරය කියන්නෙත් ඒ වගේ දෙයක්. අපේ ජිවිතයට නැතුවම බැරි දෙයක්. හැම වෙලාවකම අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. කාලයක් තිස්සේ ආදරය කරලා, පෙරුම් පුරලා අන්තිමට ඒ ආදරය හිමි කර ගන්නේ ඒ ආදරය අපිට වැදගත් නිසා, වටිනා නිසා.

ඒත් ගොඩක් දෙනෙක් තමන්ගේ ආදරය තමන්ට හිමි කර ගත්තට පස්සේ ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතුව යනවා. මොකද සතුට හැම තිස්සෙම තියෙන්නේ අපිට වඩා ඉස්සරහින්. ඕනෑම දෙයක් අපිට සතුටක් ගෙන දෙන්නේ, එහි අගය තියෙන්නේ ඒ දේවල් අපිට හිමි වෙනකන් විතරයි. ඒත් විවාහ ජිවිතයකදී එහෙම බෑ. අනිවාර්යෙන් සැමියා හා බිරිඳ අතර පවතින සම්බන්ධතාවයේ ස්වභාවය මත තමයි පවුල් ජීවිතයේ පැවැත්ම රඳා පවතින්නේ.

කොහොම වුනත් අපි හැමෝගෙම බලාපොරොත්තුව උපරිම සතුටින් ජීවිතය ගත කරන එකනේ. ඒ නිසා පවුල් ජිවිතේ සතුටත් රැක ගෙන සැමියාගේ ආදරය, අවදානය හැමදාම ඔයා ළඟම තියා ගන්න මේ දේවල් ගොඩක් වැදගත් වෙයි.

කාන්තාවක් තමන්ගේ පවුල් ජීවිතය සම්බන්ධව ගන්න තීරණ කිසිම දවසක ආවට ගියාට කරන්න යන්න හොඳ නැහැ. මොකද විවාහ ජීවිතයේදී අපිට දෙයක් වැරදුනොත් ආයෙත් ඒක නිවැරදි කරගන්න එක හිතන තරම් පහසු නැහැ. එහෙම නිවැරදි කර ගත්තත් කලින් තිබුණු සම්බන්ධතාවයේ පිවිතුරු බව ඔබට නැවත ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පවුල් ජීවිතය ගැන තීන්දු තීරණ ගනිද්දී අනිවාර්යෙන් දෙතුන් පාරක් නෙවෙයි සිය පාරක් හිතුවත් ඒකේ වරදක් නැහැ.

කාන්තාවන් ගොඩක් දෙනෙක් ළඟ තියෙන නරක පුරුද්දක් තමයි තමන්ගේ විවාහ ජීවිතය තවත් අයගේ විවාහ ජීවිතය එක්ක සංසන්දනය කරන්න යන එක. ඊට පස්සේ ඉතින් තමන්ගේ විවාහ ජීවිතේ තියෙන අඩුපාඩු ගැන හිත හිත කාලය ගත කරනවා. තමන්ගේ සැමියාගේ ගති ගුණ, දුර්වලතා අනිත් අය එක්ක සසඳනවා. ඒත් ඔබ කිසිම දවසක මේ වැරැද්ද ඔබ අතින් වෙන්න ඉඩ තියන්න එපා. ඒ වෙනුවට හැම වෙලාවකදීම තමන්ගේ පවුල ගැන ආදරණිය සැමියා ගැන ආඩම්බර විය හැකි තත්ත්වයක් ගොඩනගා ගන්න.

දරුවන් සම්බන්ධයෙන් මවකට වගකීම් රාශියක් පැවරෙනවා. ඒ දේවල් නොපිරිහෙලා ඉටු කරන්න. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. ඒ දේවල් දිහා ඔබේ සැමියා බලන් ඉන්න බව අමතක කරන්න එපා. ඔහුගේ දරු පැටවුන්ට ඔබ ආදරණිය සෙවනැල්ලක් ලෙස දරුවන් අසලම රැඳෙන එක ඔහුට මහත් අස්වැසිල්ලක්. සැමියා තුළ ඔබ ගැන ඇති ආදරය, ගෞරවය වැඩි වෙන්න එයම හේතුවක්.

ආදරණිය අම්මා කෙනෙක් වගේම ඔබ විශ්වාසවන්ත බිරිඳක්. මොන තරම් ආදරය කරලා විවාහ වුණත් දිගු කාලින සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න අවබෝධය සහ විශ්වාසය අනිවාර්යයෙන් අත්‍යාවශ්‍යයි. ඔබ තුල ඒ අවබෝධය තියෙනවා. ඒ වගේම ඔබ සැමියාගේ විශ්වාසවන්ත සහයිකාව. ඒ විශ්වාසය හැමදාටම රැක ගන්න. මොකද විශ්වාසය රැක ගත්තේ නැති තැනක ආදරයත් රැකෙන්න විදියක් නැහැ.

ඔබ හැම වෙලාවකම සැමියාට හොඳ සහායිකාවක් වෙනවා වගේම ඔහුට ශක්තියක් විය යුතුයි. ඔබ රැකියාවක් කළත් නොකළත් සැමියා සහ ඔබ උපයන දේ විනාශ වෙන්න කිසිම බිරිඳක් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අනිවාර්යෙන් ඉතුරුවක් කිරීම අවශ්‍ය වෙන්නේ. ඔබ රැකියාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ගෙදර දොරේ වියහියදම් වලට සැමියා ඔබ අත තබන මුදල් වලින් පොඩි මුදලක් හෝ පුළුවන් විදියට ඉතුරු කරන්න. අමාරු කාල වලදී ඒ ඉතිරිය ඔබට ලොකු උදව්වක් වෙයි. ඒ වගේම එය ඔබේ සැමියාට සහනයක් වෙයි, එය ඔහුට ශක්තියක් වෙයි. එහෙම වුනොත් සැමියාගේ ආදරය අවදානය විතරක් නෙවෙයි ඔහුගේ සාර්ථකත්වය පිටුපස සිටින වාසනාව සහ ශක්තිය ඔහුගේ බිරිඳ කියලා කියන්න ඔහු කිසිම දවසක පැකිලෙන්නේ නැති වෙයි. ඔබේ ඒ ඉතිරිය වෙනුවෙන් ඉහලම ප්‍රතිලාභ හා සේවාවන් සපයන NDB බැංකුවේ "අරලිය" කාන්තා ගිණුම ආදරණිය මවක් බිරිඳක් විදියට ජීවිතය දිනන්නටත්, අභිමානවත් කාන්තාවක් විදියට ලෝකය ජය ගන්නටත් හුස්ම සේ ඔබ පිටුපසිම සිටිනවා.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 686 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:26:29 AM
Script:/article/686/things-you-should-do-to-keep-your-husband-happy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:26:29 AM
Script:/article/686/things-you-should-do-to-keep-your-husband-happy.html