ගස්ලබු වලින් නියම hair mask එකක්

November 14, 2017
4,976
A hair mask with papaya
අවපැහැ වුනු සහ වියළි හිස කෙස් වලට අලුත්ම පෙනුමක් එක් කරන්න ගස්ලබු වලට පුළුවන් කියලා ඔයා හිතන්න නැතුව ඇති. අපේ සුන්දරත්වය වැඩි කර ගන්න ආවශ්‍ය අභ්‍යන්තර පෝෂණයේ දී වගේම භාහිර සත්කාර වලදීත් අපි නිතරම ගස්ලබු එකතු කර ගන්නවා. ගස්ලබු වලින් කරන මේ hair mask එකෙන් හිස කෙස් සම්බන්ධ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙමින් කෙස් කළඹ නිරෝගී කරනවා.

අහිතකර රසායනික අඩංගු විවිධ නිෂ්පාදන හිසේ ගල්වනවාට වඩා මේ වගේ ස්වභාවික සත්කාර මඟින් ඔයාට අහිතකර අවදානම් තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන් වගේම ඔයාගේ මුදලුත් ඉතිරි කර ගන්න පුළුවන්. ඔයාකේ කෙස් කලඹට දෙන්න පුළුවන් ඉතා ඉහල බාහිර සතාරයක් තමයි මේ.

මේ hair mask එකට ඕන වෙන්නේ ඔයාට පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් අමු ද්‍රව්‍ය තුනක් විතරයි. ඒ තමයි 

හොඳින් ඉදුණු ගස්ලබු 

පොල් කිරි 

පිරිසිදු මී පැණි 

ගස්ලබු වල විටමින් A සහ C, හිස කෙස් පෝෂණය කරන බීටා කැරොටින්, මැග්නීසියම්, පොටෑසියම් වැනි සෞඛ්‍ය සම්පන්න කෙස් වර්ධනය සඳහා ආධාර පෝෂණ කොටස් රැසක් අඩංගුයි. ඔබේ හිසකෙස් වලට සුමුදු බවක් හා දිලිසෙන බවක් එක් කරන්න මේ දේවල් උදවු වෙනවා. ඒ වගේම හිස් කබලේ අනවශ්‍ය තෙල් මතු වීම හා හිස් හොරි තත්ත්වයන් අවම කරමින් පිරිපුන් නිරෝගී කෙස් කළඹක් ලබා දෙනවා.

පොල් තෙල් අපි හිස කෙස් වල ආරක්ෂාවට හා පෝෂණයට දන්න කියන කාලේ ඉඳලා පාවිච්චි කරනවනේ. ඒ වගේම ඉතා ඉහල පෝෂණයක් හිස කෙස් වලට ලබා දෙන්න පොල් කිරි වලට පුළුවන්. එහි ඇති විටමින් E හිස් කබලේ අභ්‍යන්තරයටම ගමන් කොට හිස කෙස් ශක්තිමත් කරමින් වර්ධනය කරනවා. වියළි කෙස් මෘදු කිරීමට සහ දුර්වල හිස කෙස් වලට ප්‍රතිකාර කිරීමට කිරීමට උපකාරී වෙනවා.

මී පැණි කියන්නේ හිස කෙස් වලට පෝෂණයක් ලබා දෙන්න පුළුවන් තා ඉහල වටිනාකමකින් යුතු ඖෂධයක් කිව්වොත් නිවැරදියි. මෘදු සහ නිරෝගී හිසකෙස් සඳහා මී පැණි හිතකරයි. ඒ වගේම එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.

දැන් බලමු මේ hair mask එක හදා ගන්නේ කොහොමද කියලා.

ඉදුණු ගස්ලබු කෝප්ප 1/2
පොල් කිරි කෝප්ප 1/4
මී පැණි 1 තේ හැන්දක් 

මේ සියලුම ද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන් පසු හොඳින් පිරිසිදු කර ගත් හිස් කබලේ සහ හිස කෙස් වල මේ mask එක ආලේප කර විනාඩි කිහිපයක් හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තියෙන්නට හැර පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා හරින්න. සතියකට දවස් දෙකක් බැගින් මාස දෙක තුනක් කරලා බලනකො කොහොමද ප්‍රතිඵල කියලා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 513 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:38 AM
Script:/article/513/a-hair-mask-with-papaya.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:39 AM
Script:/article/513/a-hair-mask-with-papaya.html