දරුවෙක් කියන්නේ මවකට, පියෙකුට ලබන්න පුළුවන් ඉහළම සම්පත. ඒ වගේම ඒ සම්පත ලබන්න විවාහක හැම යුවලක්ම පෙරුම් පුරනවා. එත් තවත් සමහර දෙනෙක්ට මොන තරම් ප්‍රාර්ථනා කරත් දරු සම්පත නොලැබී යන අවස්ථාත් නැතුවම නෙවෙයි. දරුවෝ නැතුව දුක් වෙන අම්මලා අතරේ ඒ වාසනාව ලැබුණු ඔයා අනිවාර්යෙන්ම එය රැක ගන්න මහන්සි වෙනවා, හැම දෙයින්ම පරිස්සම් වෙනවා.
එත් නොදැනුවතකමින් හරි මේ ආහාර වර්ග ගත්තොත් කුස තුල වැඩෙන කළලය ගබ්සා වෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි. විශේෂයෙන් ගැබ් ගත් මුල් මාස කීපයේදී මේ ආහාර ගැනීමෙන් ගබ්සා වීමේ ප්‍රතිශතය තවත් වැඩියි. ඒ නිසා වැරදීමකින් වත් මේ ආහාර නොගන්න පරිස්සම් වෙන්න මතක තියා ගන්න.
විටමින් C
විටමින් C වැඩි ප්‍රමාණයක් දිනකට ගැනීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. විටමින් C යම් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යයි. දිනකට විටමින් C ග්‍රෑම් 10ක් පමණ ප්‍රමාණවත්. නමුත් දිනකට 6000 mg ක් තරම් ඉහල ප්‍රමාණයක් ශරීරයට ලබා ගැනීමෙන් ගබ්සාවිමක් සිදු වෙන්න පුළුවන්.
විටමින් C මඟින් ඊස්ටජන් මට්ටම ඉහල නංවමින් ඔපස් වීම පහසු කරන හෝමෝන වල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. දැනටමත් ගැබ් ගැනීමෙන් මුල් මාස කිහිපය ගෙවී යන මවක් නම් ඔබ අනිවාර්යෙන් මේ ගැන වඩා සැලකිලිමත් විය යුතුයි.
පාස්ලි
පාස්ලි කියන්නෙත් ඇතැම් අය ආහාරයට එකතු කර ගන්න තවත් ආහාරයක්. වැඩි පුර ආහාරයට ගැනීමෙන් ගර්භාශයේ බිත්ති සංකෝචනය කරනවා. ඒ වගේම ගැබ් ගෙල ලිහිල් කරන්නත් ගර්භාෂය ආශ්‍රිත විවිධ ආබාධ ඇති කරන්නත්, ඔප්ස් වීම පහසු කරන්නත් හේතු වෙනවා.
ගස්ලබු
ගර්භනී සමයේදී ගස්ලබු ඔබෙන් ඈත් කර තබන්න පුළුවන් නම් වඩා ආරක්ෂිතයි. ගස්ලබු වල විටමින් C වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ගැබ් ගැනීමෙන් මුල් මාස කිහිපයේ හොඳින් නොඉදුණු ගස්ලබු කිසි විටක අහාරයට ගන්න එපා. ඉදුණු ගස්ලබු වුවත් වෛද්‍ය උපදෙස් මත ගැනීම කලලයේ ආරක්ෂාවට හේතු වෙනවා.
අන්නාසි
අන්නාසි විටමින් C සහ bromelain කියන එන්සයිමයෙන් පොහොසත්. එය බොහෝ විට ගබ්සාවීම් ඇති කරන්න හේතු වෙනවා.
මේ ආහාර වර්ග වලට අමතරව කුරුඳු, සාදික්කා වැනි රසකාරක නිතරම ආහාර වලට එක් කර ආහාරයට ගැනීමෙන් වලකින්න. ඒ වගේම හොඳින් තම්බා නොගත් හෝ හොඳින් පිස නොගත් බිත්තර, හොඳින් පිස නොගත් මස් වර්ග, කැෆේන් අධික ආහාර පාන, ඔබට අසාත්මිකතා ඇති කරවන ආහාර වර්ග නොගැනීම ගර්භනී සමයේ ඔබෙත් දරුවාගේත් ආරක්ෂාවට අනිවාර්යෙන් බලපානවා.