ඉස්සර වගේ නෙවෙයි දැන් කාන්තාවන් කියලා කිසිම විශේෂයක් නැතුව නිතරම සමාජයේ හැම දෙයක් එක්කම ගැටෙන්න, ගනුදෙනු කරන්න තරම් කාන්තාව ශක්තිමත්. එහෙම ගනු දෙනු කරද්දී ඔයා ළඟ තියෙන්න ඕන වැදගත් ලක්ෂණ ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ. යහපත් සම්බන්ධතා ගොඩනගා ගන්න වගේම ඔයාගේ ප්‍රතිරූපයටත් මේ දේවල් ලොකු වටිනාකමක් එකතු කරනවා. එහෙම නැති වුනොත් ඔයා නිකන්ම අනිත් අය අතරින් එළියට විසි වෙලා යන්න පුළුවන්.
1. වෙලාවට වැඩ කරන්න
වෙලාවය වැඩ කරන එක හොඳ පුරුද්දක් වගේම ඒකෙ වටිනාකමත් ඔයා දන්නවනේ. එනිසා රැකියාව හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී නිසි වෙලාවට නියමිත් තැන ඉන්න. එහෙම නැති වුනොත් ඔයා අන් අයගේ වේලාවට ගරු නොකරන බව තමයි හැඟවෙන්නේ. ඔයා නිසා අනිත් අයගේ කාලය විනාශ වෙනවා වගේම ඔයා ගැන අපැහැදීමක්, කේන්තියක් වුනත් අනිත් අය තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දියුණුවට සහ ප්‍රතිරූපයට ලොකු හානියක් වෙනවා.
2. අනිත් අය කතා කරද්දී මැද්දට පනින්න එපා
හැම වෙලාවකම අනිත් අයට බාධාවක් වෙන විදිහට හැසිරෙන්න එපා. කෙනෙක ඔයාට දෙයක් කියද්දී මැද්දට පනින්නේ නැතුව හොඳින් සවන් දීමේ පුරුද්ද ඔයා ලඟත් ඇති කර ගන්න. ඊට පස්සේ ඔයාගේ අදහස පවසන්න. එහෙම නැතුව මැදින් පැනලා කතා කරන එක හරිම අශෝබනයි. අනිත් අයගේ ප්‍රසාදයට ලක්වෙන සුලු හැසිරීමක්, හැම වෙලාවකම ආනිත් අය අතර ප්‍රියමනාප චරිතයක් වෙන විදියට හැසිරෙන්න.
3. අගය කරන්න ඕන තැන හිතේ කහටක් නැතුව අගය කරන්න
මේක නම් ගොඩාක් කාන්තාවන්ට කරන්න අමාරු දෙයක්. තව කෙනෙක්ගේ හොඳක් කියන්න දිව නැවෙන්නේම නැති තරම්. කියන්නෙම තව කෙනෙක්ගේ වැරද්දක්, දකින්නෙම නරකමයි. එත් ඔයාට පුළුවන් නම් තව කෙනෙක්ගේ හොඳක් දකින්න. ඒක ප්‍රශංසා කරන්න, අගය කරන්න ඇත්තටම ඔයා හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඔයාට ප්‍රසංසා ලබන්න නම් නිතරම අනුන්ට දිය යුතු ගෞරවය, ප්‍රශංසාව නිසි ලෙස දිය යුතුයි කියන දේත් ඔයා මතක තියා ගන්න.
4. කේලම්, ඕපාදුප වලින් ඈත් වෙන්න
office එකේ අය, යාළුවො, නෑදෑයෝ කිසිම කෙනෙක් එක්ක ඕපාදූප කතා කරන්න එපා. ඒ හැමෝම තුළ ඔයා ගැන තියෙන පැහැදීම, විශ්වාසය නැතිවෙනවා. ඔයා එක්ක කිසිම දෙයක් බෙදා හදා ගන්න ඒ අය කැමති වෙන්නේ නැහැ. කොහොමටවත් අනුන්ගේ දේවල් කතා කිරීමෙන් වැළකීම ඔයාගේ ඇඟට ගුණයි. ඒ වගේම ඔයාගේ ගුණ යහපත්කම පෙන්වන දෙයක්.
5. කරුණාවන්ත හදවතක් ඇති කර ගන්න
අපිට එදිනෙදා වැඩ කටයුතු කරද්දී විවිධාකාර පුද්ගලයන් හමු වෙනවා. ඒ අතරින් අපේ කරුණාව, දයාව ලැබිය යුතු අයට උදවු කරන්න පුළුවන් නම් ඔයා කොච්චර හොඳ ගති ගුණ තියෙන කෙනෙක්ද? කෙනෙක්ට උදවුවක් අවශ්‍ය බව ඔයාට පෙනුනොත් උදවු ඉල්ලන තුරු ඉන්න එපා.එයාට උදවු කරන්න.