සතුට කියන්නේ හැමදාම අපි ළඟ තියෙන දෙයක් නෙවෙයි. දුක සතුට අතරේ තමයි අපි හැම කෙනෙක්ගෙම ජිවිත දෝලනය වෙන්නේ. ඒත් තවත් සමර වෙලාවල් වලට අපි ළඟ තියෙන වැරදි සහ පොඩි පොඩි දුර්වලතා නිසා අපිට අපේ සතුට අහිමි වෙලා යනවා. අපේ අතින් වෙන්න තියෙන වැරදි අවම කර ගත්තොත් ජිවිතේ වැඩි කාලයක් අපිට සතුට විඳින්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේවල් වලින් ඔයා ඔයාගේ සතුට ආරක්ෂා කර ගන්න.
ඔයා නිතරම හිතන්නේ පතන්නේ ඍණාත්මක විදියට නම් ඔයාට සාර්ථකත්වයට යන්න අමාරුයි. ඔයාට ජිවිතේ වත් සතුට වත් දිනා ගන්න ලැබෙන්නේ නැහැ. ඔයා හැමදාම එකම තැන. මුලින්ම ඔයා ගැන ඔයාගේ හිතේ තියෙන ඍණාත්මක අදහස් අයින් කරන්න. හැම දෙයක්ම ධනාත්මක විදියට හිතන්න.
ඔයා ඔයා ගැනම අවතක්ස්රුවෙන්ද හිතන්නේ? එහෙම නම් කවදාවත් ඔයාට සතුටින් ඉන්න බැහැ. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් අහලා ඇතිනේ. ඔයාගේ හැකියාවන්, දක්ෂතාවයන් හඳුනා ගන්න. ඒවායින් ඔයාගේ ජිවිතේ දිනා ගන්න.
අනාගතේ පසුතැවෙන්න වෙන විදියට වැඩ නොකරන්න මතක තියා ගන්න. ඒ වගේම අතිතයේම ජිවත් වෙන්න එපා. ඒ නිසා ඒ දේවල් අතීතයටම භාර දීලා අනාගත සතුට හොයා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි අපි අද කරන දේවල් කාලයත් එක්ක අපේ අතීතයට එකතු වෙනවා කියන එකත් අමතක කරන්න එපා.
අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තනේ. ඒවායින් ලබපු අත්දැකීම් ඔයාගේ ජිවිතේ සාර්ථක කර ගන්න උදවු වෙනවා. වැරදීම් වලින් තමයි අපිට සාර්ථක අවසානයක් කරා යන්න පුළුවන්. ඒ නිසා අත්දැකීම් නොසලකා හරින්න එපා.
වැරදි නිගමන, වැරදි අර්ථකතන, වැරදි අවබෝධය කියන්නෙත් සතුට අහිමි කරන තවත් වැරදි. ඒ වගේම අපේ ගොඩක් දෙනෙක් කරන දෙයක්. ඒ නිසා විහින්ම සතුට නැති කර ගන්න අවශ්‍ය නැහැ. හැම දෙයක්ම නිවැරදි අවබෝධයෙන් කරන්න වග බලා ගන්න.
ඔයා ඔයාට ආදරේ කරන එකට මුල් තැන දෙන්න. එහෙම නැති වුණොත් ඔයාටත් නොදැනීම ඔයාට ඔයාව නැතිව යනවා. එතන සතුටක් ඉතිරි වෙන්නේ නැහැ. සියල්ලටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්න.
අනිත් අයව විවේචනය කරන එක නතර කරන්න. ඒ දේවල් වලින් ගොඩක් වෙලාවට හිත අමනාපකම් ඇති වෙනවා, සතුට නැති වෙනවා.
සතුට රැඳෙන්නේ මිල මුදල් මතම නෙවෙයි. ඒ නිසා හැම දෙයක්ම භෞතික දේවල් මත තීරණය කරන එක නවත්තන්න.