ජිවිතේ සාර්ථකත්වය දකින්න කැමති අය ළඟ තිබිය යුතු අනිවාර්ය පුරුදු 6ක්

November 29, 2017
6,870
6 qualities for success
සාර්ථකත්වයට පත් වෙන්න අපි හැමෝම කැමතියි. එත් තම තමන් බලාපොරොත්තු වන සාර්ථකත්වයට ළඟා වෙන්න හැමෝටම බැහැ. මොකද ඒකට මම සාර්ථක වෙනවා කියලා හිතුවට විතරක් මදි. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. ඒ වගේම කැප කිරීම් කරන්නත් වෙනවා. යහපත් පුරුදු ඇති කර ගන්නත් ඕන කරනවා.

මෙන්න මේ කියන පුරුදු ඔයාගේ එදිනෙදා ජිවිතයට එකතු කර ගන්න උත්සාහ ගත්තොත් ඔයා කරන කියන හැම දේකම සාර්ථකත්වයට පත් වෙන්න ඔයාට පුළුවන් වෙයි.


1. සාර්ථකත්වයට බාධා කරන වැරදි හඳුනා ගන්න

වැරදි, අඩු පාඩු, දුර්වලතා කියන දේවල් අපි හැමෝම ළඟ තියෙනවා. ඒවායින් සමහර දුර්වලතා අපේ අනාගතයට අහිතකර ලෙස බලපෑම් කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපි සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ අපි තුල ඇති දෛනික පුරුදු. ඔයා ලඟත් තියෙන ඒ වගේ දුර්වලතා හඳුනා ගෙන ඒවායින් මිදෙන්න උත්සාහ කරන්න. ඔයාගේ පොඩි පොඩි දුර්වලතා වලට ඔයාගේ සාර්ථකත්වය අහිමි කරන්න ඉඩ දෙන්න එපා.


2. දුර්වලතා ලැයිස්තුවක් හදා ගන්න

දවසේ පොඩි වෙලාවක් අරගෙන හොඳින් කල්පනා කරලා බලන්න මොනවද ඔයාගේ අඩු පාඩු කියලා. ඒ එකින් එක ලියා ගන්න. එතකොට ඔයාට හොඳින් තමන්ගේ වැරදි හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ එකින් එක ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න උත්සාහ කරන්න. ඒ වැරදි වෙනුවට යහපත් එක පුරුද්දක් හරි ජීවිතේට එකතු කර ගන්න. ඔයාගේ දුර්වලතා ගැන ලියා ගන්න ලැයිස්තුව ඒකට ඔයාට පහසුවක් වේවි.

3.හෙට දවස ගැන අද රෑ සැලසුම් කරන්න

සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් එදිනෙදා පැවරෙන වගකීම්, අරමුණු ජය ගන්න ඕනෑමයි. එදා දවසේ සාර්ථකත්වයට එය අත්‍යාවශ්‍යයි. හෙට දවසේ ඔයාට පැවරිලා හිනා වැඩ මොනවද, කොහොමද ඒවා සාර්ථක කර ගන්නේ කියන එක ගැන රෑ නින්දට පෙර සැලසුම් කරන්න. වැඩ කල් දාන එක සාර්ථක පුද්ගලයෙක්ගේ පුරුද්දක් නෙවෙයි.

4. හැකියාවන් කුසලතා වර්ධනය කර ගන්න

හැම කෙනෙක් ළඟම හැකියාවන්, කුසලතාවන් තියෙනවා. එත් ගොඩක් අය ඒවා හඳුනා ගන්නේ නැහැ. තමන්ගේ සාර්ථකත්වයට ඒ හැකියාවන් පාවිච්චි කරන්නේ නැහැ. ඔයා ළඟ තියෙන හැකියාවන්, කුසලතාවන් වර්ධනය කරගන්න. ඒ වගේම වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය කරන කුසලතාවන් අමතක කරන්නත් එපා. සෑම දවසකම අවසානයේදී තමන් තුළ ඇති දැනුම සහ හැකියාවන් පෙර දිනයට වඩා වැඩි කර ගන්න උත්සාහ කල යුතුයි.


5. කායික සහ මානසික සෞඛ්‍ය ගැනත් අවදානය දෙන්න

අපි කායිකව හා මානසිකව දුර්වල වුනොත් එය අපේ සාර්ථකත්වයට අනිවාර්යෙන් බාධාවක් වෙනවා. ඒ නිසා මේ දෙපැත්තම සමබර කර ගෙන පවත්වා ගෙන යන්න උත්සාහ කරන්න. නිවැරදි ආහාර රටා සහ චර්යා රටා අනු ගමනය කරන්න. කය වෙහෙසන ව්‍යායාම කිරීමට වගේම මනස සැහැල්ලු කරන ලිහිලන අභ්‍යාස වලින් කයත්, මනසත් දෙකම නිරෝගී කර ගන්න පුළුවන්.

6. යහපත් සම්බන්ධතා වර්ධනය කර ගන්න

ඒ කියන්නේ සමාජ සම්බන්ධතා පවත්වද්දී යහපත් හා නිවැරදි පුද්ගලයින් ඇසුරු කරන්න. ඒ අයගෙන් ඔයාගේ සාර්ථකත්වයට ගන්න පුළුවන් උදවු, උපකාර, උපදෙස් ඉවත දමන්න එපා. ඒ වගේම ධනාත්මක අදහස් ඇති ජිවිතේ සාර්ථක කර ගත් අයගේ ආශ්‍රය ඔයාගේ ජීවිතෙත් වෙනසක් කරන්න අනිවාර්යෙන් බලපෑම් කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 546 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:46:47 AM
Script:/article/546/6-qualities-for-success.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:46:47 AM
Script:/article/546/6-qualities-for-success.html