බබාට මුලින්ම ඝන ආහාර දෙද්දී මේ ආහාර නම් අමතක කරන්නම එපා

November 25, 2017
9,999
Remember these when you introduce solid food to your baby
හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ පෝෂණය ගැන අනිවාර්යෙන්ම හිතනවා. මොකද පුංචි කාලේදී ලබා දෙන පෝෂණය දරුවාගේ කායික වර්ධනයට වගේම මොලයේ වර්ධනයට අතිශයින්ම බලපානවා. පළවෙනි මාස 6 දී දරුවට දෙන මව් කිරි තමයි දරුවට දෙන්න පුළුවන් හොඳම පෝෂණය වෙන්නේ. ඊට පස්සේ වෙනත් දියරමය ආහාර හා ඝන ආහාර ලබා දෙද්දී ඒ හැම වෙලාවකම පෝෂ්‍යදායි ආහාර තෝරා ගත යුතුයි.

ඒ වගේම දරුවට ඝන ආහාර ලබා දීම ආරම්භ කරද්දී මවක් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්ම තියෙනවා. ළදරුවන්ගේ ආහාර ජීර්ණ පද්දතිය වැඩිහිටියන්ගේ වගේ නෙවෙයි. ඉතාමත් සංවේදියි. ඒ නිසා මව් කිරි හැර අනෙකුත් ආහාර වර්ග ලබා දෙද්දී ඔබ ඉතාමත් ප්‍රවේසමෙන් එය කල යුතුයි. ඒ වගේම ඉතා සුළු වශයෙන් ටිකෙන් ටික ඒ ආහාර හුරු කරන්න. තවත් දෙයක් තමයි දරුවාට අසාත්මිකතා ඇති වන ආහාර ඒ අතර තියෙන්න පුළුවන්. ඒවා ඉතා ඉක්මනින් හඳුනා ගන්න.

මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයෙක්ගේ මඟ පෙන්වීම හා උපෙස් ලබා ගන්නවා නම් තමයි වඩාත් හොඳ. දරුවට ඝන ආහාර ලබා දෙද්දී ඔයා අමතක නොකර එකතු කර ගන්න ඕන ආහාර වර්ග කීපයක් තමයි මේ,

1. කෙසෙල්

ළදරුවන්ට අවශ්‍ය පෝෂණය සපුරන්න තියෙන හොඳම පළතුරක් තමයි කෙසල් කියන්නේ. පොටෑසියම් වලින් පොහොසත් කෙසෙල් ශරීරයේ තෙතමනය රැක ගනිමින් වියලීම අවම කරනවා. ඒ වගේම මාංශ පේශි වල නිසි ක්‍රියාකාරිත්වයට සහ දරුවාගේ හෘද සෛල හා හෘද රිද්මය මැනවින් පවත්වාගෙන යන්න හේතුවක් වෙනවා.

මීට අමතරව, කෙසෙල් මඟින් දරුවාට අවශ්‍ය කාබෝහයිඩ්රේට් ප්‍රමාණවත් පරිදි ලබා දෙන අතරම එහි ඇති තන්තු දරුවාගේ අහාර ජීර්ණය පහසු කරවනවා. ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෑරුප්පුවකින් හෝ හැන්දකින් ඉතා හොඳින් පොඩි කර දරුවාට ලබා දෙන්න.

2. අලිගැට පේර

දරුවා පෝෂණය කළ හැකි තවත් හොඳම ආහාරයක් තමයි අලිගැටපේර. අලිගැටපේර වල ඇති හිතකර මේදය දරුවාගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා වගේම සිරුරට ශක්තිය ලබා දෙනවා. හොඳින් පොඩි කර ගත් අලිගැටපේර වලට මව් කිරි ස්වාල්පයකුත් එකතු කර දරුවාට ලබා දෙන්න.

3. කැරට්

කැරට් වල අඩංගු බීටා කැරොටින් දරුවාගේ සම පෝෂණය කරනවා. තවද එය විටමින් C, K සහ B8 ,කැල්සියම්, පොටෑසියම්, යකඩ සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි. දරුවාගේ ඇස් පෙනීම වර්ධනය කරන්නත් ප්‍රතිශක්තිකරණ පද්දතිය වර්ධනය කරන්නත් කැරට් වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙනවා.

4. බතල

බතල කියන්නේ එහි ඇති රසවත් බව නිසා දරුවන්ට ඉතා පහසුවෙන් කවන්න පුළුවන් තවත් පෝෂ්‍යදායි ආහාරයක්. බතල වලත් බීටා කැරොටින් අඩංගු වෙනවා. එය ශරීරයේදී විටමින් A බවට පරිවර්තනය වෙනවා. විටමින් A ඇස් පෙනීමත්, සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න උදව් වෙන අතරම බිළිඳාගේ සමස්ත වර්ධනයට බලපානවා.

පොතු ඉවත් කර හොඳින් තම්බා ගත් බතල හොඳින් පොඩි කර එයට වතුර ස්වල්පයක් එක් කර එහි ඇති ඝන බව අවම කර දරුවාට ලබා දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 538 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:09:18 PM
Script:/article/538/remember-these-when-you-introduce-solid-food-to-your-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:09:18 PM
Script:/article/538/remember-these-when-you-introduce-solid-food-to-your-baby.html