දරු ප්‍රසූතියෙන් පස්සේ ඔයාගේ උදරයේ තියෙන Stretch Marks නැති කර ගන්නේ මෙහෙමයි

August 2, 2018
10,159
How to get rid of stretch marks
අද බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි දරු ප්‍රසූතියෙන් පස්සේ උදරයේ අතිවෙන stretch marks නැති කර ගන්නේ කොහොමද කියන එක. මොකද කළලයක් විදිහට ඔයාගේ කුසයේ වැඩෙන්න පටන් ගන්න දරුවා මාස 09 ක පමණ කාලයක් තුළ ටිකෙන් ටික වර්ධනය වෙනකොට ඔයාගේ උදරයත් සමත් ටිකෙන් ටික ඇදෙන්න පටන් ගන්නවා. ඒවිතරක් නෙවෙයි උදරයේ සම ඇදීම නිසා උදරය කැසීම් ඇති වී stretch marks ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයා ටිකක් මහතට ඉඳලා කෙට්ටු වුණාමත් stretch marks ඇති වෙන්න පුළුවන්. මෙම stretch marks සුදු, රතු සහ දුඹුරු පැහැයෙන් දකින්න පුළුවන්. ඉතිං දරු ප්‍රසූතියෙන් පස්සේ ඔයා මේ stretch marks වලට නිසි ප්‍රතිකාර නොකළොත් ඔයාට එක එක විදිහේ විලාසිතාවන් කරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඔයා සාරියක් අඳිනකොට මේ stretch marks පිටතට පේන එක ඔයාගේ පෙනුමට වගේම ලස්සනට බාධාවක්. ඉතිං අද Hadakari වෙතින් ඔයාට උදරයේ stretch marks නැති කර ගන්න පුළුවන් සරල ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳව ඔයාව දැනුවත් කරන්න අපි තීරණය කළා.

කෝපි සහ කෝමාරිකා

ඔයාගේ උදරයේ මුලින් කියපු විදිහේ stretch marks තියෙනවා නම් කෝපි සහ
කෝමාරිකා මගින් ඊට සත්කාර කරන්න පුළුවන්. කෝපි කුඩු ස්වල්පයකට උණු වතුර දමා හොඳින් කලවම් කරන්න. පසුව එයට සූරාගත් කෝමාරිකා මද ස්වල්පයක් එකතු කරන්න. මේ විදිහට සකස් කරගත් මිශ්‍රණය stretch marks මත ආලේප කරලා විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කරන්න. හොඳින් වතුර පිස දමා මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න. මේ ආකාරයට දිනපතා ඔයා මේ සත්කාරය කළාම ඔයාගේ උදරයේ තියෙන සලකුණු ටික ටික මැකිලා යන්න පටන් ගන්නවා.

බිත්තර සුදු මදය

බිත්තරවල පෝෂණ සංඝටක රැසක් අන්තර්ගතයි. විශේෂයෙන්ම සම පැහැපත්ව තියා ගන්න බිත්තර සුදු මදයේ තියෙන පෝෂණ සංඝටක උපකාරී වෙනවා කියලා අපි ඔයාට කලින් ලිපි වලින් දැනුවත් කළා මතක ඇතිනේ. අද අපි ඔයාට කියලා දෙන්නේ බිත්තර සුදු මදයෙන් ඔයාගේ උදරයේ තියෙන stretch සලකුණු මකා දමන්නේ කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. බිත්තර සුද මදයෙන් ස්වල්පයක් ගෙන උදරයේ සලකුණු මත ආලේප කරන්න. විනාඩි 30 ක් පමණ තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න. බිත්තරවල තියෙන ප්‍රෝටීන් ඔයාගේ සමේ stretch marks මකා දමන්න උපකාරී වෙනවා.

අර්තාපල් අල

ඔයා දන්නවානේ අර්තාපල් ඔයාගේ රූ සපුව ලස්සනට පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඒ වගේම ඔයාගේ උදරයේ තියෙන් සලකුණු ඉවත් කරන්න අර්තාපල්වල අන්තර්ගත පෝෂණ සංඝකට ඉවහල් වෙනවා. අර්තාපල් අලවලට වතුර ස්වල්පයක් එක් කර උකු දියරයක් විදිහට සකස් කර ගන්න. පසුව සලකුණු මත ආලේප කර වියලුණු පසු උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. අර්තාපල් මගින් ඔයාගේ සමේ සෛල නැවත සකස් කර සලකුණු වලින් තොර සමක් ලබා දෙනවා.


ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් මගිනුත් ඔයාගේ උදරයේ තියෙන stretch marks ඉවත් කර ගන්න පුළුවන්. ඔලිව් ඔයිල්වල අන්තර්ගත විටමින් E ඔයාගේ සමේ සලකුණු මැකී යන්න උපකාරී වෙනවා.

ආමන්ඩ් ඔයිල් සහ සීනි

සීනි, ආමන්ඩ් ඔයිල් සහ ලෙමන් යුෂ අවශ්‍ය ප්‍රමාණයට ගෙන තලපයක් සේ සකස් කර ගන්න. පසුව ඔයාගේ උදරයේ stretch marks තියෙන තැන්වල ආලේප කර සෙමින් පිරිමදින්න. විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කරන්න. මේ ආකාරයෙන් දිනපතා සිදු කිරීමෙන් ඔයාගේ උදරයේ සලකුණු ක්‍රමයෙන් මැකී යනවා.

ලෙමන් යුෂ

ඔයා දන්නවානේ ලෙමන් යුෂවල ස්වභාවික බ්ලීචින්ග් අන්තර්ගත වෙනවා. ලෙමන් යුෂ ඔයාගේ උදරයේ stretch marks වල ආලේප කිරීමෙන් ඔයාගේ උදරයේ තියෙන සලකුණුවල පාට අඩු කර ගන්න පුළුවන්. උදරයේ සලකුණු තද පාටින් තියෙනවා නම් මේ පාට ටිකක් අඩු කර ගන්න පුළුවන්.

බටර් සහ පොල් තෙල්

පොල් තෙල් ස්වල්පයකට බටර් ස්වල්පයක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. පසුව උදරයේ stretch marks තියෙන ස්ථානවල ආලේප කරන්න. විනාඩි 30 කට පමණ පසුව සෝදා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 994 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:00 AM
Script:/article/994/how-to-get-rid-of-stretch-marks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:01 AM
Script:/article/994/how-to-get-rid-of-stretch-marks.html