මුහුණ අවලස්සන කරන මේ වැරදි නොදැනුවත් කමින් වත් ආයේ නම් කරන්න එපා

November 27, 2017
38,214
Don’t do these mistakes that ruin the beauty of your face
මුහුණේ සුන්දරත්වය ගැන කාන්තා පාර්ශවය වැඩි පුර හිතනවා වගේම ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් කරන පුළුවන් හැම දෙයක්ම කරද්දී ඔයා නොදනුවත්කමෙන් කරන මේ වැරදි නිසා ඔයාගේ සුන්දරත්වයට හානි වෙනවා.

බාහිර සුන්දරත්වය රැක ගන්න උත්සාහ කරන ගමන් මේ වැරදි ඔයා අතින් වෙන්න තියෙන ඉඩ කඩ හැකි තරම් අවම කර ගන්න. මේ වැරදි නිසා සමෙහි පවතින තෙතමනය නැතිවී වියලි ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේම සම රැලි වැටීම, දුර්වල වීම සහ සමේ නිරෝගී පෙනුම නැතුව යනවා.

1. නිතරම උණු වතුර ස්නානය

නිතර නිතර උණු වතුර නාන එක ඔයාගේ සමට ඒ තරම් හිතකර වෙන්නේ නැහැ. එයින් සමේ තෙල් සහිත බව නැති වෙලා යන්න හේතු වෙනවා. ඊට පස්සේ වෙන්නේ සම නිකන්ම වියලි ස්වභාවයක් ගන්න එක.

2. ක්ලෝරීන් අඩංගු ජලය

මේ මඟිනුත් ඔයාගේ සමට හානි වෙනවා. වැඩිපුර ක්ලෝරීන් අඩංගු ජලය ස්නානය නිසා සම අවපැහැ වෙනවා වගේම සම ඉක්මනින් වියලෙනවා.

3. අත තදින් මුහුණ ඇතිල්ලීම

මුහුණ සෝදද්දී ගොඩක් දෙනෙක් කරන වැරද්දක් මේක. කුණු දුවිලි ඉවත් වෙන්න කියලා අත හෝ වෙනත් දේවල් වලින් සම තදින් අතුල්ලනවා. එහෙම තදින් අතුල්ලන්න තරම් කුණු දුවිලි තට්ටු තට්ටු අපේ ඇඟේ බැඳෙන්නේ නැහැ. අනික අපි දිනපතා ශරීරය පිරිසිදු කරන නිසා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

4. හිරු එලියට ඍජුවම නිරාවරණය වීම හිරු එලිය ඔබේ සම වියලනවා

ඒ ගැන කතා දෙකක් නැහැ. ඒක ඔයා දන්නවානේ. ඒ විතරක් නෙවෙයි ඉන් නිකුත් වෙන පාරජම්බෝල කිරණ ඔබේ සමේ විවිධ ආබාධ ඇති කරන්නටත්, සම මත ලප ඇති කරන්නත්, සම පිලිස්සෙන්නත් හේතුවක් වෙනවා. හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්නේ නැතුව පස්සේ සමට මොන සත්කාර කරත් වැඩක් නැහැ

5. බ්ලිචින් අඩංගු ආලේපන ගැල්වීම

සම සුදු කර ගන්න කියලා ඔයා ගල්වන ගොඩාක් ආලේපන වර්ග වල සමට අහිතකර විරංජන කුඩු අඩංගු වෙනවා. දවසෙන් දෙකෙන් ඔයාව සුදු කරාට ඒවායේ දිගුකාලින ප්‍රතිඵල ඉතා භයානකයි. ඒ නිසා සුදු වෙන්න නෙවෙයි ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 540 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:11:49 AM
Script:/article/540/don-t-do-these-mistakes-that-ruin-the-beauty-of-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:11:49 AM
Script:/article/540/don-t-do-these-mistakes-that-ruin-the-beauty-of-your-face.html