වදමල් පානයෙන් ඔබට ලැබෙන නොසිතූ සෞඛ්‍ය ප්‍රතිලාබ

November 8, 2017
11,963
Health benefits of hibiscus tea
වදමල් කියන්නේ ලස්සන වගේම ඕනෑම ගෙවත්තක සුලබව දකින්න පුළුවන් මලක්නේ. ලස්සන හැරුණම වදමල් වල මේ තරම් ඖෂධිය ගුණයක් තියෙනවා කියලා ඔයා කීයට වත් හිතන්න නැතුව ඇති. විටමින් A සහ C වලින් සමන්විත වදමල් හිස කෙස් වල ගලවන්නත් ඉතා සුදුසුයි. ඒ වගේම විටමින් B, සින්ක්, යකඩ, ප්‍රෝටීන් සහ ඔමේගා-3 අඩංගු වෙනවා. වදමල් පානයේ කැෆේන් අඩංගු වෙන්නේ නැති නිසාත් ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් නිසාත් ශරීර සෞඛ්‍යට ඉතාමත් හිතකරයි. 

වදමල් පානය සකස් කර ගන්නේ මෙහෙමයි.

හොඳින් උණු කර ගත් වතුර කෝප්ප දෙකකට රතු පැහැති පොකුරු වදමල් 2ක පමණ පෙති එකතු කරන්න.
විනාඩි 5ක් පමණ හොඳින් වසා තබන්න.
මල් පෙති ඉවත් කර මී බිංදු කීපයක් හා ලෙමන් බිංදු කීපයක් එකතු කර පානය කරන්න.

වදමල් පානයෙන් ඔයාට මෙන්න මේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙනවා.

1. වදමල් පානයෙන් ලැබෙන වටිනාම ප්‍රතිලාභය තමයි අධික රුධිර පීඩනය අවම මට්ටමකට ගෙන ඒම.

2. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්න වදමල් පානයට පුළුවන්. කොලෙස්ටෙරෝල් වැළඳුනු අයෙක් දිනපතා වදමල් පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

3. සිරුරේ බර අඩු කර ගැනීමට ඔයාට මේ පානය උදවු කර ගන්න පුළුවන්. අධික ස්ථුල බව වැනි තත්ත්වයන්ට මුහුණ පා සිටින අයට සිරුරේ බර අඩු කර ගන්න මේක හොඳ විසඳුමක්. 

4. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. දිනපතා වදමල් පානය මඟින් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස ක්‍රියාකාරී කර ඔයාව ලෙඩ රෝග වලින්  මුදවා ගන්නවා. ඒ වගේම විවිධ ආසාදන වලින් ඔයාව මුදවනවා.

5. ඔසප් වේදනාව අවම කරන්න අතීතයේ ඉඳලම භාවිතා කල දෙයක් තමයි වදමල් කියන්නේ. මාස් ශුද්ධිය ඇති වන කාලයේදී  උදරයේ වේදනාව අවම කරන්න මෙය ඉවහල් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 502 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:38 AM
Script:/article/502/health-benefits-of-hibiscus-tea.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:39 AM
Script:/article/502/health-benefits-of-hibiscus-tea.html