මේ දේවල් එක්ක කළු පැහැ දිදුලන කෙස් කළඹක් ලබා ගන්න එක තව දුරටත් අමාරු දෙයක් නෙවෙයි

November 28, 2017
7,409
Own a black shiny hair
තමන්ගේ සුන්දරත්වය ගැන හිතන තරුණියන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි තමන්ගේ කොණ්ඩේ. අධික ලෙස හිස කෙස් ගැලවෙනවා, අවපැහැ ගැන්විලා, කෙස් අග පැළිලා, සමහර අයගේ කොණ්ඩේ අකලට සුදු වෙලා, කොණ්ඩේ තුනී වෙලා වගේ ප්‍රශ්න ගොඩකට ගොඩාක් දෙනෙක් මුහුණ දෙනවා. කෘතීම දේවල් මඟින් හිස කෙස් වල ස්වභාවය වෙනස් කරනවට වඩා හොඳම දේ තමයි ස්වභාවික දේවල් මඟින් හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් ඔයාගේ ස්වභාවික කොණ්ඩේ රැක ගන්න එක.

නොසැළකිල්ල තියෙනකන් දිදුලන කෙස් කළඹක් හීනයක්ම තමයි

අපිට හිසකෙස් හිසරදයක් වෙන තරමට ගැටළු මතු වෙලා තියෙන්නේ අපේ වරදින්මයි. ඉස්සෙල්ලාම පුරුදුවෙන්න ඕනෙ අපිට ආදරය කරන්න. ඊළඟට ඔයාගේ කෙස් කලඹට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතඇරලා දැම්මම ඔහොම වෙනවා. මිනිස් හිසක හිසකෙස් ලක්ෂයක් විතර තියෙනවා. හැම දවසකම කෙස් ගස් සියයක් විතර ගැලවිලත් යනවා. ඊට අමතරව අපේ වැරදි, නොසැළකිල්ල නිසාත් හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා. එතකොට ඉතින් කොහෙන්ද ලස්සන කොණ්ඩයක් ලැබෙන්නේ. ඒ නිසා ඔයා මුලින්ම මට්ටු කරන්න ඕන නොසැලකිල්ල.

ඊළඟට වැදගත් වෙන්නේ බාහිරින් ලබා දෙන පෝෂණය

කළු පැහැති දිදුලන කෙස් කළඹක මුල්ම රහස තමයි කෙස් ගසට ලබා දෙන පෝෂණය. කෙස් ගසේ මුලට සහ හිස් කබල හොඳින් සම්බාහනය කිරීම මඟින් ලේ ගමනාගමනය ක්‍රමවත්ව සිදු කරනවා. එය කෙස් ගසේ වර්ධනයට බලපානවා. හිස සම්බාහනය කරන්න පිරිසිදු පොල් තෙල්, ඔලිව් තෙල් හෝ වෙනත් ආයුර්වේද තෙල් වර්ගයක් යොදා ගන්න. තෙල් මදක් රත් කර හිස ගලවා විනාඩි 20ත් 30ත් අතර කාලයක් ක්‍රමවත්ව සම්බාහනය කරන්න. මේ තෙල් සාත්තුව සතියට දෙතුන් වතාවක් කරන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි.

කෘතීම දෑ ඈත් කරන්න. ස්වභාවික සත්කාර වලට මුල් තැන දෙන්න

නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න සවාභාවික ක්‍රම භාවිතයෙන් පුළුවන්. ඒ වගේම ඒක ශරීරයට අහිතකර වෙන්නෙත් නැහැ. අනික ඒ සඳහා අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය ඔයාට නිවසේදීම පහසුවෙන් හොයා ගන්නත් පුළුවන් නිසා ඒක එච්චර අමාරු වෙන්නෙත් නැහැ. අවශ්‍ය වෙන්නේ ඒ සඳහා පොඩි වෙලාවක් වෙන් කරන එක විතරයි.

කොණ්ඩේ කපන්න ලෝබ හිතන්න එපා

ඒ කියන්නේ මේකයි. නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න නම් ඉතින් අනිවාර්යෙන් මාස දෙක තුනකට වරක් වත් කෙස් අග කැපීම කරන්න ඕන. කෙස් අග පැලීම අවම කර ගන්න එයින් පුළුවන්. එහෙම නැති උනොත් කෙස් ගසේ වර්ධනය බාල වෙනවා. ගහක් වුනත් හොඳින් වැවෙන්නේ නිසි කාලෙන් කාලෙට කරන ක්‍රමවත් කප්පාදුව නිසයි. ඒ නිසා මාස දෙක තුනකට වරක් කෙස් අග කපන්න අමතක කරන්නත් එපා.

පෝෂ්‍යදායි අහාර වේලක් ලබා ගැනීම මේ හැමදේකටම වඩා වැදගත්

හිසකෙස් වර්ධනයට වගේම එහි පැහැයට, ශක්තිමත් බවටත් ඔයාගේ ශරීරයේ අනෙකුත් ක්‍රියාවලීන් වලටත් අමතර පෝෂණයක් ලැබීම අනිවාර්යයි. එනිසා ඔයා ලබා ගන්න ආහාර ගැනත් නැවත සිතා බලන්න. ශරීරයට අවශ්‍ය විටමින්, කැල්සියම් හා අනෙකුත් පෝෂණ කොටස් ඔයාගේ ආහාර වලට අන්තර්ගත කරගන්න. අලුත් එළවලු පලතුරු සහ පලා වර්ග ආහාර වේලට එකතු කර ගන්න. හිස කෙස් වර්ධනය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලින්ගෙන් එකක්. අපි පිටතින් මොන තරම් සත්කාර කරත් වැඩක් නැහැ ශරීර අභ්‍යන්තරයට පෝෂණයක් ලැබෙන්නේ නැත්තන්. ඒ නිසා පෝෂ්‍යදායි ආහාර වේලක් හැම වෙලාවකදීම ලබා ගන්න උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 545 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:34 AM
Script:/article/545/own-a-black-shiny-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:34 AM
Script:/article/545/own-a-black-shiny-hair.html