පෙම්වතා උපන් වෙලාව අනුව කියවෙන රහස්

February 14, 2017
16,683
Secrets of lovers Birth Time
ඔබ දන්නවද එක් එක් පුද්ගලයා උපන් වෙලාව අනුව ඔවුන්ගේ චරිතය පිලිබදව හොදින් දැනගත හැකි බව. මේ කාරණාව කාන්තාවන්ට වැදගත් වෙන්නේ ඔවුන්ට තමන්ගේ පෙම්වතා, සැමියා මොන වගේ කෙනෙක්ද කියන එක ඔහු උපන් වෙලාවට අනුව කියවෙන ගතිගුණ මගින් හොදින් තේරුම් ගැනීමට හැකිවෙන නිසයි. මේ නිසා කාන්තාවන්ට පුළුවන් ලේසියෙන්ම ඔහු කැමති අකමැති දේවල් හදුනාගෙන ඔහුගේ දුර්වලතාවයන් මග හරවා ගන්නට ඔහුට උදවු කරන්න. මේ තමයි ඔහු උපන් වෙලාවට අනුව කියවෙන ඔහුගේ චරිත ලක්ෂණ.

1.මධ්‍යම රාත්‍රී 12 ත් පාන්දර 2 ත් අතර

ඔබේ පෙම්වතා ඉපදිලා තියෙන්නේ මේ කාලය තුල නම් ඔහු බොහොම නිර්භීත සැහැල්ලුවෙන් කාලය ගත කරන්න කැමති පුද්ගලයෙක්. නිතරම ස්ථාවර අදහස් දරන ඔහු තමාගේ වගේම අවට අයගේ ආරක්ෂාව ගැන වඩාත් උනන්දු වෙන අයෙක්. අධ්‍යාපන කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන අතර අන් අයට උදවු කරමින් ජීවිතය ගැන ධනාත්මක ලෙස සිතන පතන කෙනෙක්. ඔහු ඔහුගේ උපරිම අවධානය යොමු කරන්නේ පවුල වෙනුවෙන්. ඔබේ පෙම්වතාත් මේ වෙලාව තුල ඉපදුන අයෙක් නම් ඔබ ගොඩක් වාසනාවන්තයි.

2.පාන්දර 2ත් 4ත් අතර

පෙම්වතා ඉපදිලා තියෙන්නේ මේ වෙලාව ඇතුලත නම් ඔහු ටිකක් කලබලකාරී නමුත් අපූරු කෙනෙක්. නිතරම අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න කැමති ඔහු හොද සන්නිවේදකයෙක් වගේම විස්වාසනීය සහකරුවෙක්. ඔහු කියවන්න ලියන්න වගේම ඇවිදින්නත් ප්‍රියකරන අතර ක්‍රීඩා වල නිරත වෙන්නත් වැඩි කැමැත්තක් දක්වනවා.

3.පාන්දර 4ත් 6ත් අතර

මේ වෙලාව තුල ඉපදුන අයට නම් ටිකක් තනියම ජිවිතේ ගොඩ නගාගන්න අමාරුයි. ඔවුන් අනාගතය ගැන වැඩිපුර වදවෙන අයෙක් නමුත් ඔහු අන් අයට වඩා ආදරණියයි. ඔහු තමන් සතු දේවල් අන් අය සමග බෙදා හදාගෙන ඔහු වටා සිටින අයට උදවු කරමින් ජිවත් වෙන්න කැමති කෙනෙක්. නමුත් සමහර වෙලාවල් වලට ඔහු මුරණ්ඩු අයෙක්.

4.උදේ 6ත් 8ත් අතර

මේ වෙලාව තුල ඉපදුන අය ඔවුන්ගේ අවශ්‍යතාවය මත ඕනෑම කලාවකට දක්ෂතා දක්වනවා. නමුත් මේ අය ඔවුන්ගේ හැකියාවන් පිලිබදව ඉන්නේ ලොකු ආඩම්බර කමකින්. මේ නිසා ඔවුන් ඔවුන්වම වැඩිපුර අගය කර ගන්නවා. ඒ වගේම තමයි මේ අයගේ තීරණ දැඩියි. ඔවුන් සිතන්නේ අනෙක් අය නිතරම ඔහු කියන දේවල්ම පමණක් කල යුතුයි කියලා.

5.උදේ 8ත් 10ත් අතර

මේ වෙලාව අතර ඉපදුන අය බොහොම සංවේදීයි. ඔවුන් නිතරම උත්සහ කරන්නේ සාමකාමීව ජිවත් වෙන්න. මොවුන් වැඩිය කැමති නෑ සමාජය තුළ ප්‍රසිද්ධ වෙන්න. හැම වෙලාවකම බලන්නේ තනිවම ඉන්න. නමුත් අන් අයට උදවු කරන්න සහ මග පෙන්වන්න මොවුන් නිතරම උත්සහ කරනවා.

6.උදේ 10ත් දහවල් 12ත් අතර

මොවුන් බොහොම සුහදශීලියි. ඔවුන්ගේ රුචි අරුචි කම් තේරුම් ගන්න අයත් සමග කාලය ගත කරන්න වඩාත් කැමතියි. මේ අයට අන් අයගේ සිත් දිනා ගැනීමේ විශේෂ හැකියාවක් තියනවා. නිතරම අලුත් අලුත් මිතුරන් සොයාගන්න විනෝදයෙන් කාලය ගත කරන්න කැමතියි.

7.දහවල් 12ත් 2ත් අතර

මොවුන් වගකීම් සහගත සහ අනාගතය හොදින් සැලසුම් කරන පුද්ගලයින්. මොවුන් හොදින්ම දන්නවා අන් අය සමග නිවැරදිව ගනුදෙනු කරන විදිහ. මොවුන් තමන්ගේ රාජකාරි ජිවිතයට මුල් තැනක් ලබා දීම නිසා බොහෝ විට පෞද්ගලික ජීවිතය තුල ගැටළු ඇතිකර ගන්නවා.

8.සවස 2ත් 4ත් අතර

මොවුන් ක්‍රියාශීලි සහ ගවේෂණශීලි නිසා නිතරම අලුත් දේවල් ඉදිරිපත් කරන්න සුදානමින් ඉන්නේ. බුද්ධිමත්භාවය අතින් ඉහලින්ම සිටින මොවුන් ඕනෑම ගැටලුවකට සාර්ථක හා නිවැරදි විසදුම් ලබා දීමට ඉතා දක්ෂයි.

9.සවස 4ත් 6ත් අතර

ධනාත්මකව සිතන සහ ශක්තිමත් පුද්ගලයන් උවත් තමන්ගේ අදහස් අන් අයත් සමග බෙදා හදා ගන්න මොවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම මොවුන් කිසිම දෙයක් පිලිබදව ඕනෑවට වඩා විස්වාස කරන්නේ නෑ. විශේෂයෙන් ආදරය වගේ දේවල් සම්බන්ධව.

10.සවස 6ත් රාත්‍රී 8ත් අතර

මොවුන්ට අන් අයගේ අවශ්‍යතාවයන් හොදින් තේරුම් ගත හැකියි. ඒ වගේම අන් අයගේ විස්වාසයත් පහසුවෙන්ම දිනාගත හැකියි. නමුත් මොවුන් වඩාත් කැමති අභියෝග මගහැර සිටීමටයි. ඒ වගේම මොවුන් ජීවිතය ලැබිලා තියන විදිහටම පිළිගන්නවා.

11.රාත්‍රී 8ත් 10ත් අතර

මේ අය හරියට සහය නළුවෝ වගෙයි. මොවුන් නිතරම සතුටු වෙන්නේ අන් අයට උදවු උපකාර කිරීමෙන්. මොවුන් පොඩ්ඩක්වත් කැමති නෑ මොවුන් අතින් අත්වැරදීම් සිදු වෙනවට. මේ නිසාම මොවුන් නිතරම අන් අය අතර ප්‍රසාදයට ලක් වෙනවා.

12.රාත්‍රී 10ත් 12ත් අතර

මේ අය හොදින්ම දන්නවා ඔවුන් පිළිබදව සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව. මේ නිසාම ඔවුන් විනෝදයෙන් කාලය ගත කරන පිරිසක්. මොවුන්ගේ ඇති වටිනාම දෙය මොවුන් සතු නිර්මාණශීලි භාවයයි. ඔවුන් නිතරම ඔවුන්ගේ ජීවිතය ඉලක්ක ලගාකර ගැනීම සදහා මෙහෙයවනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 55 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:56 AM
Script:/article/55/secrets-of-lovers-birth-time.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:57 AM
Script:/article/55/secrets-of-lovers-birth-time.html