හැමදාම උදේට මී පැණි එක්ක සුදුළූණු කෑවොත් හිතා ගන්න බැරි තරම් විශ්මිත ප්‍රතිඵල ලැබෙනවා

December 5, 2017
18,192
Eat garlic and honey everyday. You'll be surprised
සුදු ළූණු කියන්නේ ඉවුම් පිහුම් වලදී නැතුවම බැරි දෙයක් වගේම විවිධ රෝගාබාධ වලදීත් ඖෂධයක් විදියටත් නිතරම අපිට ප්‍රයෝජනවත් වෙන අමු ද්‍රව්‍යක්. සුදුළූනු කුළුබඩු අතර බෙහෙවින් ජනප්‍රියයි වගේම ඖෂධීය වටිනාකම අතිනුත් ඉතා ඉහලයි. සුදුළූණු ඔබගේ

රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා

එය ඔබේ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරනවා

කිරීටක හෘද රෝග නවත්වන්න උදවු වෙනවා

හෘදයාබාධ වලක්වන්න උදව් වෙනවා

රුධිර නාල සිහින් වීමේ රෝගයට ගුණ දෙනවා

ඒ වගේම ඔයාට ඇති වෙන මෙන්න මේ තත්ත්වයන් වලට සුදුළූණු කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්.

උණ රෝගය
පාචනය
සෙම්ප්‍රතිශ්‍යාව
ගර්භාෂ ආසාදන වලට
ඔස්ටියෝ ආතරයිටිස් ඉවත් කිරීමට
දියවැඩියාව පාලනය කරයි
ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න සුදුළූණු උපකාරී වෙනවා.

අමුවෙන් සුදුළූණු ආහාරයට ගන්න එක තරමක් අපහසුයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේදී ආහාර වලට සුදුළූණු එකතු කරන්න අමතක එපා. ඒ හැරුණම මෙන්න මේ විදියටත් ඔයාට සුදුළූණු ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

සුදුළූණු බික් 2-3 හොඳින් තලලා ඒකට මී පැණි තේ දෙකක් එකතු කරලා දිනපතා ආහාරයට එකතු කර ගන්න. මේ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතරම කලින් කිව්ව රෝගාබාධ සියල්ලටම හොඳ ප්‍රතිකාරයක්.

එහෙමත් නැත්තන් මධ්‍යම ප්‍රමාණයේ වීදුරු බෝතලයක් ගන්න. ජෑම් බෝතලයක් නම් වඩා සුදුසුයි. දෙකට කපා ගත් සුදුළූණු බික් 20ක් පමණ බෝතලයට දාලා සුදුළූණු වැහෙන ප්‍රමාණයට මී පැණි එකතු කරන්න. දැන් දිනපතා උදෑසන හිස් බඩට මේ සුදුළූණු බික් වලින් දෙක බැගින් ආහාරයට එකතු කර ගන්න.

කලින් කිව්ව රෝගී තත්ත්වයන්ට වගේම,

සම මත ඇති වන අසාදන අවම කරන්නත්,
පිළිකා තත්ත්වයන් මර්ධනය කරන්නත්,
ලිංගික ශක්තිය වැඩි කරන්න,
අධික බර අඩු කරන්නත්,
සහ දත් කැක්කුම වැනි වේදනාවන් වලටත් සුදුළූණු ඉතා හොඳ ඖෂධයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 563 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/563/eat-garlic-and-honey-everyday-youll-be-surprised.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/563/eat-garlic-and-honey-everyday-youll-be-surprised.html