ප්‍රවීණ සූපවේදියෙකුට අනුව අපි චිකන් බ්‍රෙස්ට් පිළියෙල කිරීමේදි වැළකිය යුතු වැරදි 6ක්

November 13, 2021
5,226
6 mistake to avoid when we cook chicken breasts
අති විශිෂ්ඨ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස සැලකෙන කුකුළුමස් විටමින් B, විටමින් D, කැල්සියම්, යකඩ සහ සින්ක් සපිරි ලොකු කුඩා භේදයකින් තොරව විවිධ ක්‍රමයන්ගෙන් රස විදීමට ප්‍රිය කරන ආහාරයක්ද වනවා. විශේෂයෙන් චිකන් බ්‍රෙස්ට් ( කුකුලාගේ පපු කොටස) නිවැරදිව සකස් කරගත යුතු රසවත් සහ විවිධ ආකාරවලට සකස් කරගත හැකි සුපිරි ආහාරයකි.. ඔබට සලාද, සැන්ඩ්විච්, සුප් සහ ව්‍යන්ජන, ග්‍රිල් ආදී ලෙස සකස් කරගත හැකියි.

නමුත් සූපවේදීන් පවසන ආකාරයට බොහෝදෙනා චිකන් බ්‍රෙස්ට් සකස් කිරීමේදි කරනු ලබන පොදු වැරදි කිහිපයක් තිබෙනවා.. ඉතින් හැඩකාරි අපි මෙම ලිපිය මගින් චිකන් බ්‍රෙස්ට් පිළියෙල කිරීමේදී වැළකිය යුතු කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරනු ලබනවා.

6. සකස් කිරීමට පෙර කුළුබඩු නොදැමීම සහ වියළීමට කල් ලබා නොදීම
චිකන් බ්‍රෙස්ට් සකස් කිරීමේදි ලුණු, ගම්මිරිස් සහ ඔබ එක්කරනු ලබන අනෙකුත් කුළුබඩු හොඳින් අඹරා එය මස්මත හොඳින් අල්ලා ගැනිමට සහ රසය උරා ගැනිමට තරම් ප්‍රමාණවත් කාලයක් තබා එය සකස් කල යුතුයි. එවිට මනා රසයක් සමග අලංකාර රන්වන් පැහැයක් එයට ලැබෙනවා ඇති.

5. හොඳින් රත් නොවූ සහ කුඩා පෑන් එකක චිකන් බ්‍රෙස්ට් සකස් කිරීම
මස්වල තෙතමනය ඉක්මනින් ඉවත්වීම සඳහා හොඳින් තෙල් දමා රත්කරන ලද පෑන් එකක් සහ ප්‍රමාණයෙන් විශාල පෑන් එකක් තෝරාගත යුතුයි. එසේ නොවුණහොත් මස්වල පිටත පමණක් පිසෙන අතර ඇතුල අමු ස්වභාවයක් ගන්නා අතර ඔබ අපේක්ෂා කරන රසය නොලැබී යාම සිදුවනවා. එමෙන්ම චිකන් බ්‍රෙස්ට්වල මේදය අඩංගු නොවන නිසා ඔබ ඒවා සකස් කරන භාජනයට ප්‍රමාණවත් පරිදි තෙල් දැමිය යුතුයි.

4. පිසින අතර නිතර මස් ඒ මේ අත පෙරළීම
චිකන් බ්‍රෙස්ට් පිසින විට ඉක්මණින් එහි තෙතමනය ඉවත් කිරීමට තෙල් රත් වූ විගස පෑන් එකට දැමිය යුතුයි.. නමුත් එසේ දමන පැත්ත හොඳින් රන්වන් පැහැ වීමට පෙර නිතර මස් කැබලි ඒ මේ අත පෙරළීමෙන් වැළකිය යුතුයි.

එය හොඳින් රන්වන් පැහැවන තෙක් බැදුන පසු ප්‍රවේශමෙන් අනෙක් පසට පෙරළීම ප්‍රමාණවත් වනවා.

3. ප්‍රමාණය සමාන නොවන චිකන් කැබලි පිසීම
ඔබ චිකන් බ්‍රෙස්‍‍ට් කැබලි කරන විට අසමාන කැබලි වලට කැපූ විට ඒවායේ ඝනකම විවිධ ප්‍රමාණයන්ගෙන් වනවා.. එවිට එක් ප්‍රමාණයෙන් කුඩා කැබලි ඉක්මනින් පිසෙන අතර ඝනකම වැඩි කැබලි නිසි ප්‍රමාණයට පිසීම සිදුනොවන අතර ඇතුළ අමු ස්වභාවයක් ගනු ලබනවා.

එමනිසා චිකන් බ්‍රෙස්ට් කැබලි කරන විට සමාන ඝනකමින් යුතු කැබලිවලට කපා ගන්න.. එවිට සෑම කැබැල්ලක්ම පිසීමට ගතවන කාලය සමාන වන අතර සමාන රසයක් සියල්ලන්ගෙන්ම ලබාගත හැකියි.

2. අධික සීතල චිකන් බ්‍රෙස්ට් කැබලි පිසීම
ශීතකරණයෙන් පිටතට ගත් වහාම කුකුළුමස් පිසීමට යාමෙන් එහි ඇති ජලය තාපයට නිරාවරනයෙන් දියවීයාම ආරම්භ කරන අතර පිසීමේ කාලය දෙගුණවීමත් මස් අවපැහැ වීමත් සිදුවනවා.

එමනිසා ඔබ ශීතකල චිකන් බ්‍රෙස්ට් පිසීමට පෙර විනාඩි 30 පමන කාමර උෂ්ණත්වයේ තබා අයිස් දියවූ පසු සෝදා මැරිනේ‍රට් කර තවත් විනාඩි 20ක් පමණ තබා සකස් කල යුතුයි.

1. අධික ලෙස පිසීම / පිසගත් විගස පෙති කැපීම
චිකන් බ්‍රෙස්ට් සකස් කිරීමේදී කරනු ලබන ලොකුම වරද වන්නේ කොපමණ වේලාවක් පිසිය යුතුදැයි අවබෝධයකින් තොරව අධික වේලාවක් එය පිසීමයි. එමෙන්ම පිස අවසන්වූ වහාම කුකුලු මස් පෙති කැපීමත් අප සිදුකරන තවත් වරදක්..

එමනිසා ඔබ චිකන් බ්‍රෙස්ට් සකස් කරන විට 170ºF/76ºC උෂ්ණත්වයකින් යුතුව තාපය සම්පූර්ණ මස් කැබැල්ල පුරාවටම එකලෙස ලැබෙන පරිදි තිබීම ප්‍රමාණවත් අතර එය ඉන්පසු අනෙක් පස පෙරළා එම පැත්තත් එම උෂ්ණත්වයකින් පිසීම ප්‍රමාණවත්.. එමෙන්ම ඔබට මස් කැබැල්ල පෙති කැපීමට අවශ්‍ය නම් පිස ගැනීමෙන් පසු විනාඩි 5ක් පමණ තබා පෙති කපාගත යුතුයි.

එසේනම් දැන් ඔබ දන්නවා චිකන් බ්‍රෙස්ට් නිවැරදිව සකස් කල යුතු අකාරය.. ඉතින් පවුලේ ඊළඟ සාදය සඳහා වෙනදාට වඩා රසවත් කුකුළුමස් බදුණක් සකස් කර සියල්ලන්ම පුදුම කරන්න ඔබටත් දැන් පුළුවන්..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 2094 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:46:07 AM
Script:/article/2094/6-mistake-to-avoid-when-we-cook-chicken-breasts.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:46:07 AM
Script:/article/2094/6-mistake-to-avoid-when-we-cook-chicken-breasts.html