අද බොහෝ මව්වරුන් රැකියා කිරීම, වේලාවක් නොමැතිකම පහසුව හෝ රූපය ගැන සිතීම වැනි විවිධ කාරණා හේතු කොට ගෙන මව්කිරි වෙනුවට දරුවන්ට පිටිකිරි දීමට පුරුදු වී තිබේ. නමුත් මාස හයක්වත් දරුවන්ට මව්කිරි දීම නිසා වැළදිය හැකි සෑම පිළිකාවකින්ම සිදුවිය හැකි මරණීය අවධානම සියයට 10 ක් පමණ අඩු කරන බව නව පරීක්ෂණයකට අනුව ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇත.
හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලට ගොදුරුවීම සියයට 20 කින් පමණ අඩු කරන බවත් වැඩි දුරටත් පෙන්වා දෙනවා. ඒ අනුව සෞඛ්‍යමත් ජීවන රටාවකට අනුව ප්‍රධාන නිර්දේශයන් අනුගමනය කිරීමෙන් මව්කිරි දෙන මව්වරුන්ගේ මරණ අවධානම තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් අඩුවේ. යුරෝපීය රටවල් නමයක කාන්තාවන් 38,000 ක් පමණ යොදා ගෙන අවුරුදු 12 කටත් වැඩි කාලයක් මෙම පරීක්ෂණය සිදු කරන්නට යෙදුණා.
සෞඛ්‍ය සම්පත්න නියමිත බර ප්‍රමාණයක් පවත්වා ගැනීම, කායිකව ක්‍රියාශීලීව, බර වැඩි කරන ආහාර පාන ඈත් කිරීම, ශාකමය ආහාර වැඩිපුර ආහාරයට එක් කර ගැනීම, මස් වර්ග හා මධ්‍යසාර ගැනීම අවම කිරීම සහ කිරි දෙන මව්වරුන් දරුවන්ට මාස හයක්වත් මව්කිරිදීම යනාදී කරුණු සැලකිල්ලට ගැනීමත් එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමත් කළ යුතු බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන ලදී.
මව් කිරි දීම ක්‍රමවත්ව සිදු කිරීම තුළින් පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන අතර එහි වැදගත්කම මෙම පරීක්ෂණයෙන් සාක්ෂි සපයා ඇත.
සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්