බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

September 21, 2018
72,802
5 tips to be beautiful like a bollywood actress
ලස්සනට ඉන්න කවුද අකමැති කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් ඒකට ඔයාලාගෙන් ලැබෙන පිළිතුරු සීරෝ විය හැකියි. මොකද හැමෝම කැමති කවුරුත් අතරේ කැපිලා පේන විදිහට සුන්දරව, ලස්සනට ඉන්න. ලස්සනට අඳින පළඳින එක වගේම ලස්සන රූපයක් ලබා ගැනීමත් යුවතියකගේ සිහිනයක්. ඉතිං මේ හීනය වෙනුවෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන එක්ක ඔට්ටු වෙන ඔයාට හැඩකාරී අපි හැමදාම ලස්සනට ඉන්න පුළුවන් අලූත් ක්‍රම ගැන කියලා දෙනවා. ඔන්න අදත් හැඩකාරී ඔයාගේ පෙනුම ලස්සන කර ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයා එක්ක කතා කරන්න තීරණය කළා. හැබැයි මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය. අන්න ඒ නිසයි ඔවුන්ගේ ලස්සන තාවකාලීක නොවන ලස්සනක් වෙලා තියෙන්නේ. ඉතිං බොලිවුඩ් නිළියක් වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබාගන්න ඔයත් කැමති නම් මේ ලිපිය කියවලාම බලන්නකෝ.

කිරි එකට අමු කහ එකතු කරන්න

සමාන්‍යයෙන් අපි හැමදාම උදේට කිරි එකක් බොනවානේ. අපි කිරි එකක් බොනකොට ඒ කිරි එකට පුළුවන් තරම් කහට එකතු කර ගන්නවා. මේ විදිහට කිරි බොන පුරුද්දක් ඉන්දියාවේ රුවැත්තියන්ට නම් නෑ. ඔවුන්ගේ ලස්සනට විශේෂ හේතුවක් වෙලා තියෙන්නේ අපි බොන මේ කිරි එකම තමයි. හැබැයි ඔවුන් අපිට වඩා නුවණැති වැඩක් කරනවා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද? ඔවුන් කවදාවත් කිරි එකට කහට එකතු කරන්නේ නෑ. ඒ වෙනුවට අමු කහ තමයි වැඩිපුර එකතු කරන්නේ. ඔයා දන්නවානේ සමාන්‍යයෙන් අපේ ශරීරිය පවිත්‍ර කරන පවිත්‍රකාරයක් එහෙමත් නැතිනම් විෂබීජ හරණය කරනවා අමු කහ වලින්. ඔවුන් හැමදාම මේ විදිහට අමු කහ කිරි එකට එකතු කර ගන්නවා. එතකොට මුළු සිරුරේම තියෙන විෂබීජ ඉවත් වෙලා යනවා. රුධිර ගමනාගමනයත් හොඳින් සිදු වෙනවා. ඔයාටත් පුළුවන් දැන් කිසිම වියදමක් නැතුව මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාට එළකිරි, එළුකිරි බොන්න පුළුවන් කමක් නැති නම් පිටි කිරි වුණත් මේ වෙනුවෙන් යොදාගත හැකියි.

සැෆ්රන් (කුංකුම) එක්ක කිරි බොන්න

සැෆ්රන්ලින් ඔයාගේ සමට ලැබෙන ප්‍රතිලාභ ගැන මීට පෙර ලිපි කිහිපයකින් කියලා දුන්නා මතක ඇතිනේ. ඉන්දියාවේ නිළියන්ගේ ලස්සනට හේතු වෙලා තියෙන රහසක් තමයි මේ කරුණත්. සැෆ්රන් වලින් සම පැහැපත් වෙනවා වගේම සමේ අනවශ්‍ය ගැටළු ඇති වීම වළක්වාලනවා. ඉතිං ඉන්දියානු රුවැත්තියන් කිරි වීදුරුවට සැෆ්රන් එකතු කරලා බොනවා. මෙන්න මේ නිසාත් ඔවුන්ට සුන්දර වගේම ප්‍රියකරු රූප ස්වභාවක් හිමිවෙලා තියෙනවා.

පොල් තෙල් හෝ තල තෙල්

මේ අමුද්‍රව්‍ය දෙකම හරිම පහසුවෙන් ඔයාට භාවිත කළ හැකියි. ඉන්දියානු බොලිවුඩ් රුවැත්තියන් ලස්සන වෙන්න භාවිත කරන තවත් රූපලාවණ්‍ය පෝෂණ සංඝටක දෙකක් තමයි පොල් සහ තල තෙල් කියන්නේ. මේ තෙල් භාවිත කරලා ඔවුන් නිතරම සිරුර සම්බාහනය කරනවා. එතකොට රුධිර සංසරණයට හොඳ උත්තේජනයක් ලැබෙනවා විතරක් නෙමෙයි මේ තෙල්වල තෙතමනය හොඳින් ඔයාගේ සමට උරා ගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ඔයා සමාන්‍යයෙන් ස්නානය කරන්න කලින් පොල් තෙල් හෝ තල තෙල් මදක් රත් කර ගැනීමෙන් පසුව සිරුර හොඳින් සම්බාහනය කරන්න. ඔයාට අවශ්‍ය නම් මේ පොල් තෙල්වලට කරාබු නැටි කිහිපයක්, ඉඟුරු කෑල්ලක් සහ අමු කහ ස්වල්පයක් එකතු කළ හැකියි. රත් කර ගැනීමෙන් පසු මේ තෙල් මිශ්‍රණය සිසිල් වුණාට පස්සේ තමයි ඔයා සම්බාහනය කළ යුතු වෙන්නේ.

මී පැණි සහ ලෙමන්

ලස්සන කියන්නේ ඔයාගේ මුහුණේ පැහැය පමණක් නෙමෙයි කියලා ඔයා දන්නවානේ. විශේෂයෙන්ම ඔයාගේ සිරුරේ ස්කන්ධය පමණට වඩා වැඩි වුණොත් ඒක ඔයාගේ පෙනුමට බාධාවක්. ඔයා චුට්ටක් බලන්නකෝ බොලිවුඩ් රුවැතියන්ගේ මුහුණ, ඇස් , අතපය වගේම සිරුරේ හැඩයත් හරිම ලස්සනයි. ඔවුන් ශරීරයේ බර පාලනය කර ගන්න අපුරු වට්ටෝරුවක් භාවිත කරනවා. මීපැණි සහ ලෙමන් යුෂ එකට මිශ්‍ර කර ගන්නවා උණුවතුර එක්ක. ඉතිං හැමදාම හිස්බඩ මේ විදිහට මේ වටිනා ඖෂධය බොනවා. එයින් සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් වෙලා යන නිසා සිරුර අනවශ්‍ය විදිහට මහත් වෙන්නේත් නෑ.

කිරි සහ යෝගට්

අපි සාමාන්‍යයෙන් යෝගට් එකක් හරි කිරි එකක් හරි කන්නේ අතුරුපස විදිහටනේ. ඒ කන්නෙත් පැණි හරි සීනි හරි පුළුවන් තරම් එකතු කරගෙන. ඔන්න ඉතිං බොලිවුඩ් රුවැත්තියන් ලස්සන වෙන්න තමයි කිරි, යෝගට් වැඩි පුර යොදා ගන්නේ. ඔවුන් පැක් එකක් විදිහට කිරි හෝ යොග්ට් ආලේප කරනවා. මේ නිසා ඔවුන්ට දිදුළන පැහැයක් මුහුණට වගේම සිරුරටත් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් ඔයාගේ සමේ පැහැය ලබා ගන්න ඉතාමත් වටිනා තෙල් වර්ගයක් කියලා අපි මීට පෙර ඔයාට කියලා දුන්නා. ඉන්දියානු බොලිවුඩ් රුවැත්තියන් ආහාර පිසිමට වගේම සම මතු පිට ආලේප කරන්නත් ඔලිව් තෙල් යොදා ගන්නවා. විශේෂයෙන්ම සිරුර සම්බාහනය කිරීමට ඔලිව් තෙල් ගුණදායක බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඔයා ඔලිව් තෙල් භාවිත කරනවා නම් හිරු එළියෙන් ආවරණය වීම ගැනත් හිත්නන. මොකද සමාන්‍යයෙන් ඔලිව් තෙල් සමේ තැවරුවාට පස්සේ ලයිට් එළියටවත් නිරාවරණය වෙන්න හොඳ නෑ කියලයි රූපලාවණ්‍ය පර්යේෂකයින් පේන්වා දේන්නේ.

ඉතිං මේ අමුද්‍රව්‍ය ඔයාට පහසුවෙන් ඔයා ජීවත් වෙන වටපිටාවෙන් සොයා ගන්න පුළුවන් . දැන් ඔයත් තාවකාලීක ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදන එක්ක ඔට්ටු වෙන එක ටිකක් සීමා කරලා මේ වගේ සාර්ථක රහස් වට්ටෝරු කිහිපයක් ඔයත් අත්හදා බලන්න. එයින් ඔයාට තාවකාලික නෙමෙයි දිගු කාලීන ස්ථීරසාර රූ සපුවක් ලබා ගන්න හැකියාව ලැබේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,707
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed