විවාහ වීමට පෙර ඔබ සටන් කළ යුතු කරුණු 4 ක්

June 20, 2020
8,391
4 things to fight about before getting married
ගැටුම් මගින් සම්බන්ධතාවයක් බිඳ වැටෙන්න වුණත් පුළුවන්. නමුත් මෙම ප්‍රකාශයට විරුද්ධ අදහසකුත් තියනවා. පෙම්වතියක් විදිහට ඔබ සාධාරණ ලෙස සටන් කරන්න සූදානම් නම්, ගැටුම් මගින් සම්බන්ධතාවය ශක්තිමත් කරන්න පුළුවන් අතර දෙදෙනා අතර ඇති වෙනස්කම් ද ඉවත් කරගන්න පුළුවන්. වෙනත් වචන වලින් කිව්වොත්, පෙම්වතුන් අතර ඇති සියලුම එකඟ නොවීම් හැමතිස්සේම නරක වෙන්නේ නැහැ. මොකද සම්බන්ධතාවයකදී ඇති වන ගැටලු දෙදෙනාම විවෘත වෙලා තර්ක කිරීම හරහා දෙදෙනාට ම ඔවුන්ගේ අභ්‍යන්තර හැඟීම් එකිනෙකාට හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙනවා.

උපදේශකයින් පවසන්නේ ඔබ විවාහ වීමට පෙර යම් යම් දේ ගැන සටන් කරන තරමට, එකිනෙකාගේ පෞද්ගලික දෘෂ්ටිකෝණයන් පිළිබඳව ඔබ දෙදෙනාගේම අවබෝධය වඩා හොඳ වෙනවා කියලයි. ඒ නිසා ඔබේ සටන් ඥානවන්තව තෝරා ගැනීමට මතක තබා ගන්න. ඉතින් අද අපි ඔබට කියන්නම් පෙම්වතියක් විදිහට ඔබ විවාහ වීමට පෙර සටන් කරන්න අවශ්‍ය කරුණු 4 ක් ගැන...

1. සමාජ මාධ්‍ය හැසිරීම

ඔබේ සම්බන්ධතාවය පිළිබඳ යාවත්කාලීන කිරීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමට කැමතිද අකමැති ද යන්න ඔබේ සහකරු සමඟ කතා කරන්න. ඔබ අකමැති නම්, සාධාරණව තර්ක කරලා ගැටලුව විසඳන්න. ඔබේ සහකරුගේ සමාජ මාධ්‍ය හැසිරීම, ගැටලු සහගත නම් ඔබේ අකමැති දේවල් ඔහුට ප්‍රකාශ කිරීමට පසුබට වන්න එපා. ඒ හා සමානව ඔබේ සහකරු විසින් ඔබේ පැරණි සම්බන්ධතා, පැරණි පෙම්වතුන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හඹා යෑම ගැන ප්‍රශ්න සහගත නම් ඒකත් ඍජුවම පවසන්න. එතකොට විවාහයෙන් පසුව සමාජ මාධ්‍ය වල කටයුතු සහ උපාය මාර්ගය සකසා ගැනීමට ඔබ දෙදෙනාට ම එම තර්ක උපකාර කර ගන්න පුළුවන්.

2. දරුවන් 

විවාහ ගැටය ගැට ගසා ගැනීමට කලින් ඔබ මෙම ගැටළුවත් සාකච්ඡා ක‍රන්න ඕනේ. ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය වන්නේ කවදාද? ඔබට දරුවන් කී දෙනෙක් අවශ්‍යද? දරුවන් දරුකමට හදා ගැනීමට ඔබට අවශ්‍යද? ඔබට දරුවන් නොමැතිව සිටීමට අවශ්‍ය නම් කරන්න ඕනේ මොකක්ද? මෙම ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මතභේද තිබේනවා නම්, විවාහයට පෙර ඔබේ පෙම්වතා සමඟ මේ ගැන තර්ක කරලා කාරණය සමථයකට පත් කර ගන්න එක වඩා හොඳයි.

3. වෘත්තීය තේරීම් පිළිබඳ සියල්ල

මෙය විවාහයෙන් පස්සේ කටුක ගැටළුවක් වෙන්න පුළුවන්. දෙදෙනාගෙන් එක් අයෙක්ට රැකියාවේ වැඩ සඳහා වෙනත් නගරයකට යාමට සිදුවුණොත් කරන්නේ මොකක්ද? ඔබගෙන් එක් අයෙක් රැකියාවෙන් ඉවත් වෙලා තනිවම යමක් කිරීමට තීරණය කළොත් ගෙදර ආර්ථිකයට ගැළපෙන විදිහට එම අවස්ථාවේ දී ක්‍රියා කරන්නේ කොහොමද? දෙදෙනාගේම අනාගත වෘත්තීය තේරීම් පිළිබඳව අවංකව කතා බහ කිරීම විවාහයට කලින් හානිකර නොවන මට්ටමින් කතා බහ කර ගන්න.

4. බෙදාගැනීම සහ රැකබලා ගැනීම

විවාහයෙන් පස්සේ ගෙදර දොරේ වැඩ එකිනෙකාට බෙදා ගනිද්දී ඔබ දෙදෙනාම එකම අදහසක ඉන්න ඕනේ. ඔබේ සහකරු සාම්ප්‍රදායිකවාදියෙක් නම්, ආහාර පිසීම සහ ඇඳුම් සේදීම මිනිසෙකුගේ රැකියාවක් නොවන බව විශ්වාස කිරීම නිසා ඔබේ විවාහයේ කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින්, මේ කාරණයත් විවාහ මාර්ගයට යාමට කලින් ඔබ තර්ක කරලා විසඳගන්න ඕනේ කාරණයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1659 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:54 AM
Script:/article/1659/4-things-to-fight-about-before-getting-married.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:54 AM
Script:/article/1659/4-things-to-fight-about-before-getting-married.html