ගෑනු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් එක විදියට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් ගැන තමයි මේ කියන්නේ. වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ්, ලප කැළැල් කියන්නේ තමන්ගේ සුන්දරත්වය ගැන හිතන ඕනෑම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන දේවල්. මේ ප්‍රශ්න වගේම ඔයාගේ සම ආශ්‍රිතව තියෙන ගොඩක් ගැටළු වලට මේ සත්කාර වලින් සාර්ථක විසඳුම් ලබා ගන්න පුළුවන්.
1. ඉරිඟු පිටි
ඉරිඟු පිටි කියන්නේ සමේ දුර්වර්ණ බව අවම කර ගන්න භාවිතා පුළුවන් අමු ද්‍රව්‍යක්. ඒ වගේම සමේ ගැටළු වලට විසඳුමක්. විනාකිරි සම දුර්වර්ණ වීම අවම කරන නිසා ඉරිඟු පිටි හා විනාකිරි තේ හැඳි එක බැගින් ගෙන තලපයක් වන තෙක් කලවම් කර සම මත ආලේප කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
2. අර්තාපල්
අර්තාපල් සමට හොඳ ස්වාභාවික බ්ලිචින් එකක්. අර්තාපල් යුෂ ආලේපයෙන් සමේ කැළැල් වගේම වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ් ඉන්නන් ඉවත් කර ගන්න පුළුවන්. එහෙමත් නැත්තන් අර්තාපල් තීරු කපා මුහුණේ අතුල්ලා විනාඩි 15ක් පමණ තබා පිරිසිදු වතුරෙන් සෝදා ඉවත් කරන්න.
3. කිරි
කිරි කියන්නේ අපි සුන්දරත්වය වැඩි කර ගන්න නිතරම භාවිතා කරන අමු ද්‍රව්‍යක්නේ. සම ආරක්ෂා කර ගැනීමට වගේම සමට පෝෂණය ලබා දෙන්නත් කිරි වලට පුළුවන්. ඒ වගේම කිරි කියන්නේ ස්වභාවික මොයිස්චරයිසරයක්. කිරි සමේ ආලේපකර විනාඩි 20 පමණ වෙලාවකින් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
4. කෝමාරිකා
සමේ ආරක්ෂාව, තෙතමනය ආරක්ෂා කරන ගමන්ම සමේ ඇති වන විවිධ ආසාදන වලට කෝමාරිකා හොඳ ඖෂධයක්. කෝමාරිකා antioxidant සහ විටමින් A, C සහ E වලින් පොහොසත්. කෝමාරිකා ස්වභාවික මොයිෂ්චර්රයිසර් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ් ඉන්නන් ඇතුළු සමේ ගැටළු වලින් සම ආරක්ෂා කර ගන්න දිනපතා මුහුණේ කෝමාරිකා මදය ආලේප කර විනාඩි 20සෝදා ඉවත් කරන්න.
5. කහ
කහ වලට සම පැහැපත් කරන්න පුළුවන් වගේම එය හොඳ විෂබීජ නාශකයක්. ඒ වගේම සම මත ඇති ලප, කැලැල් මකා දමන්නත් කහ උදව් වෙනවා. කහ, දෙහි බිංදු කිහිපයක් සහ මීපැණි එක්කර ආලේපකර විනාඩි 20 කින් පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.