පෑන් කේක් 10ක් සාදා ගැනීමට ;
ගතවන කාලය විනාඩි 20
පෑන් කේක් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය
තිරිඟු පිටි ග්‍රෑම් 200 ක්
බිත්තර 2 ක්
බටර් ග්‍රෑම් 10 ක්
ලූණු ස්වල්පයක්
පිටි කිරි ග්‍රෑම් 75 ක්
පෑන් කේක් සාදන ක්‍රමය
1. තිරිඟු පිටි, බිත්තර, බටර්, ලූණු සහ කිරි වලින් තරමක් දියාරු මිශ්‍රණයක් (බැටරයක්) සාදාගන්න.
ඇපල් චීස් පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව කපාගත් ඇපල් ග්‍රෑම් 100 ක්
පැණි මිලි ලීටර් 50 ක්
සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100 ක්
ක්‍රීම් චීස් ග්‍රෑම් 100 ක්
ඇපල් චීස් මිශ්‍රණය සාදන ක්‍රමය
1. ඇපල්, පැණි, ගාගත් පොල් මදක් වේලෙනතුරු මලවා ගන්න.
2. ඉන්පසු ක්‍රීම් චීස් එකතු කරගන්න.
මිශ්‍රණයන් දෙකම පිළියෙල කර ගැනීමෙන් පසුව මුලින් සාදාගත් බැටරයෙන් පෑන් කේක් සාදාගන්න. ඉන් පසුව ඒවා මැදට ඇපල් චීස් මිශ්‍රණය දමා ඔතා ගන්න.