තේ පානය කරන්න විතරක් නෙවෙයි. තේ වලින් ලැබෙන මේ ප්‍රතිලාභ ගැන මීට කලින් අහලා තිබුනද?

January 15, 2018
19,375
Benefits of tea other than just a drink
තේ කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ උදේ හවස අපි බොන තේ එකනේ. තේ පානයක් විදියට භාවිතා කරනවට අමතරව අපිට නොසිතු ප්‍රයෝජන හා ප්‍රතිලාභ රාශියක් ලබා දෙනවා. දැන් ඔයා හිතනවා ඇති මොනවද ඒ තරමට තේ වලින් ලැබෙන ප්‍රයෝජන කියලා. තේ පානයක් ලෙස භාවිත කරනවාට අමතරව තේ වල නොදන්නා වෙනත් ප්‍රයෝජන රාශියක් තියෙනවා. කියවලාම බලන්න මේ දේවල් ගැන මීට කලින් අහලා තියෙනවද කියලා

1. වෙහෙසට පත්වූ දෑස් වලට තේ කියන්නේ හොඳ විසදුමක්. තෙත ටී බෑග් ඔබගේ ඇස් මත තැබීමෙන් ඇස් වල විඩාබර ගතිය නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඇස් කළු වීම් අවම කර ගන්නත් ටී බෑග් භාවිතා කරන්න පුළුවන්

2. විදුරුමස් වලින් ලේ ගැලීමේදී ශීතකරණයේ තබා සිසිල් කර ගත ටී බෑග් ඒ මත විනාඩි කිහිපයක් තබන්න. එය රුධිර වහනය අඩු කර ගත හැකි හොඳ ක්‍රමයක්.

3. සීනි නොදා සකසා ගත් කහට තේ නිවෙන්න හැර ශරීරයේ ගලවා විනාඩි 15 ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. අව්වේ ගොස් පිලිස්සුණු සම යථා තත්වයට පත්කර ගන්න හොඳ විසඳුමක්.

4. දත් වල ඇති වන වේදනාව සහ මුඛ්‍ය ආශ්‍රිතව ඇති වන විවිධ වේදනාවන් වලට නිවුණු තේ වතුර වලින් කට සෝදන්න.

5. සම මත ඇති වන විවිධ චර්ම රෝග, සුළු සිරීම්, කැසීම හා වේදනාව ඇති වන තැන් නිවුණු තේ වතුරින්න් සේදීමෙන් එවැනි තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්.

6. තේ ඔබේ හිසකෙස් වල දීප්තිය වැඩි කර ගැනීමට හා හිස් කබල හා හිසකෙස් වල වියළි බව නැති කිරීමටද උපකාරී වෙනවා. කලින් කිව්ව විදියටම නිවා ගත් තේ වතුරින් හිසකෙස් සෝදන්න. එයින් හිස කෙස් වලට දීප්තියක් ලබා ගන්නත් පුළුවන්.

7. කුරුලෑ තියෙන අය මුහුණ සෝදන වතුරට සකස් කර ගත් ග්‍රීන් ටී එකතු කර මුහුණ සෝදන්න. කුරුලෑ අඩු කර ගැනීම සඳහා කදිම විසඳුමක්.

8. කරකැවිල්ල ඇති වුනු වෙලාවල් වලදී තේ පානයෙන් එම තත්ත්වය අවම කර ගන්න පුළුවන්. කරකැවිල්ල ඇති වුනු වෙලාවල් වලදී තේ පානය මගින් රුධිර පීඩනය වැඩි කර ගන්න පුළුවන්.

9. දැව ගෘහ භාණ්ඩ පිරිසිදු කිරීමට භාවිතයට ගත් තේ මණ්ඩි යොදා ගන්න පුළුවන්.

මේ ප්‍රයෝජන වලට අමතරව තේ කියන්නේ බොහොමයක් ලෙඩ රෝග වලට ගුණ දෙන පානයක්. හෘදයාබාධ, වකුගඩු වල ඇති වන ගල්, ඩිම්බ කෝෂ පිළිකා වැනි රෝග වල අවදානම අවම කර ගන්න තේ පානය උදවු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 624 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:32 AM
Script:/article/624/benefits-of-tea-other-than-just-a-drink.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:33 AM
Script:/article/624/benefits-of-tea-other-than-just-a-drink.html