ලිංගික ශක්තිය වැඩි කරන, නිසරු බව දුරලන මේ තරම් ගුණදායක පළතුරක් තවත් නැති තරම්

January 24, 2018
16,072
One fruit that helps men and women's productivity
දූරියන් කියන්නේ ඉතා රසවත් වගේම ඉතාමත් ගුණදායක පළතුරක්. ඒත් ඉතින් දූරියන් කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එහි තියෙන දරා ගන්න බැරි තරම් වූ සුවඳ. සුවඳ කිව්වට ගොඩක් අයට ඒක දැනෙන්නේ ගඳක් විදියට. ඒ නිසාවෙන්ම බොහෝ දෙනෙක්ට දූරියන් වලට ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. තවත් සමහර අය කටේ තියන්න වත් කැමති නෑ.

ඒ වුණාට දූරියන් පෝෂ්‍ය පදාර්ථ රාශියක් හා ඖෂධිය ගුණය අතින් ඉහලින්ම තියෙන පලතුරු වර්ග අතරින් තියෙන වටිනාම පළතුරක්. විශේෂයෙන් කාන්තාවන්ට. නිසරු භාවයෙන් සුරකින්න එහෙම නැත්තන් වඳ භාවය ඇති වීමට හේතු වෙන බොහෝ තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරන්න දූරියන් වලට පුළුවන්. ඒ වගේම කාන්තා පිරිමි දෙපාර්ශවයේම ලිංගික ශක්තිය වැඩි කරන්නත් දූරියන් හොඳ පළතුරක්. ඒ කොහොමද කියලා කියවලාම බලන්න.

1. ඊස්ටජන් හෝමෝනය වර්ධනය කරවයි

පලතුරු වර්ග බොහොමයකට ඊස්ටජන් හෝමෝනය වර්ධනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙම හෝමෝනය මිනිස් සිරුර තුළ ස්වාභාවිකවම නිපද වෙනවා. නමුත් සමහර කාන්තාවන්ගේ ප්‍රමාණවත් තරම් ඊස්ටජන් හෝමෝනය නිපද නොවීම නිසා එමගින් වඳභාවයට ඇති වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඒ වගේ අයට දූරියන් කියන්නේ ඉතා හොඳ විසඳුමක්. ස්වාභාවිකවම ඊස්ටජන් හෝමෝනය වර්ධනය කර ගැනීමෙන් දරුපල සම්බන්ධයෙන් තියෙන බොහෝ ගැටළු වලට විසඳුම් ලබා ගන්න පුළුවන්.

2. ලිංගික ශක්තිය වැඩි කරයි

දූරියන් කියන්නේ ප්‍රබල ලෙස ලිංගික හක්තිය වැඩි කරන්න පුළුවන් පළතුරක්. ඒ නිසා දූරියන් පරිභෝජනය මඟින් ඔබේ ලිංගික හැසිරීම හා ක්‍රියාකාරකම් වැඩිදියුණු කර ගන්න පුළුවන්. ඒ වගේම පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු වර්ධනය කරන්නත් දූරියන් වලට පුළුවන්. ඒ මඟින් නිසරු බාවය ඇති වෙන්න තියෙන ඉඩ කඩ බොහෝ සෙයින් අවම වෙනවා.

3. නිවැරදි ලෙස බර පවත්වා ගැනීම සඳහා උපකාරී වෙනවා

දූරියන්, ගර්භනී අවධියේදී ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බර වැඩි වීම අවම කරමින් ඇති වෙන්න පුළුවන් අවදානම් තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරනවා. මෙහි ඇති තන්තු හා ඛණිජ සංයුතිය හා ජල සංයුතිය ඔබේ බර සුදුසු මට්ටමේ පවත්වා ගන්නා අතරම මෙහි අඩංගු හිතකර මේදය ඔබේ සෞඛ්‍ය සම්පන්න බාවයට ඉවහල් වෙනවා.

4. රක්තහීනතාවයට හොඳ ඖෂධයක්

සිරුරේ රතු රුධිර සෛල නිපදවීම අඩු වීම නිසා ඇති වන නීරක්තියට හොඳම ස්වාභාවික විසඳුමක් විදියට දූරියන් හඳුන්වන්න පුළුවන්. දූරියන් වල ෆෝලික් ඇසිඩ් ඉහල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම රතු රුධිරානු නිපදවීමට අවශ්‍ය බොහෝ යකඩ, කොපර් වැනි අත්‍යාවශ්‍ය සංරචකයන් මෙහි අඩංගු වෙනවා. රක්ත හීනතාවය ඇති අය විශේෂයෙන් ගර්භනී මව්වරුන් දූරියන් ආහාරයට ගැනීමෙන් රතු රුධිර සෛල නිපදවීම සාමාන්‍ය තත්වයට පත් කර ගන්න පුළුවන්.

5. ශරීරයට ශක්තිය ලබා දෙයි

දූරියන් වල සුළු වශයෙන් සීනි අඩංගු වෙනවා. සුක්රෝස්, ෆෲක්ටෝස් වැනි සීනි සහ හිතකර මේදය අඩංගු නිසා ඔබව දවස පුරාම ක්‍රියාශීලිව තබන්න උදවු කරනවා.

6. අස්ථි වල නිරෝගීභාවය ආරක්ෂා කරනවා

මෙහි අඩංගු පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, කොපර් අස්ථි පද්ධතියේ ක්‍රියාකාරිත්වයට වගේම ශක්ති සම්පන්න බවට උපකාරී වෙනවා. මේ පෝෂණ කොටස් ඔස්ටියෝපොරෝසිස් ඇති වීම වළක්වන්නත් නැතුවම බැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 639 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:05:52 AM
Script:/article/639/one-fruit-that-helps-men-and-womens-productivity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:05:53 AM
Script:/article/639/one-fruit-that-helps-men-and-womens-productivity.html