මේ වගේ පිරිමින් නම් ඔබේ ජිවිතයෙන් ඉවත්කළ යුතුමයි

April 6, 2017
79,743
7 Types of Men to Avoid
අපිට ජීවිතයේදී විවිධ ආකාර වල පුද්ගලයන් හමුවෙනවා. මේ අය අතරින් සමහර අය අපේ ජිවිත වල තියාගැනීම නිසා අපිට සිදුවෙන්නේ නරකක් මිසක් හොදක් නොවෙයි. ඒ නිසා අපේ ජිවිත වල සතුටට හේතුවක් නොවෙන අයව අපේ ජිවිත වලින් ඈත් කරන එක තමයි හොදම දේ. මේ කියන විදිහේ පුද්ගලයන් ඔබේ ජීවිතයේදී මුණ ගැසුනොත් දෙපාරක් හිතන්නේ නැතිව ඔවුන් ඔබේ ජීවිතයෙන් ඈත්කරන්න.

1. ඔබව අනවශ්‍ය ලෙස පාලනය කරන්න හදන පිරිමි

මේ වගේ පිරිමි කවදාවත් හිතන්නේ නැහැ ඔබේ අවශ්‍යතාවයන් සහ අසාවන් පිළිබදව. ඔවුන් නිතරම උත්සහ කරන්නේ ඔබව ඔවුන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න. ඔබ ඔවුන් කියන විදිහට හැසිරුනොත් විතරයි ඔවුන් සතුටට පත්වෙන්නේ. මේ නිසා ඔබේ අවශ්‍යතාවයන්ට ඉඩ නොදී ඔබව පාලනය කරන්න හදන මේ වගේ පුද්ගලයන්ව ඔබේ ජිවිතයෙන් ඈත් කරන්න.

2. සෙල්ලක්කාර පිරිමි අය

මේ පුද්ගලයන් කාන්තාවන්ට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම ඔවුන් නිතරම කාලය ගත කරන්නේ විවිධ කාන්තාවන්ගේ අවධානය දිනාගන්න. මොවුන්ගේ ජිවිත වල කිසිම ආකාරයක පිළිවෙලක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් ගත කරන්නේ වගකීම් රහිත ජිවිත. මේ නිසා මේ වගේ පිරිමින් කිසිම දවසක ඔබේ ජිවිතයට ලංකර ගන්න එපා.

3. මවට අවශ්‍ය විදිහට ජිවත් වෙන පිරිමින්

මේ වගේ පිරිමි අයට මවගේ උදවුව නොමැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඔවුන් අදින පළදින කටයුතු වල ඉදන් හැම දෙයක්ම කරන්නේ මවට අවශ්‍ය විදිහට. ඒ නිසා ඔබ මතක තබාගන්න මේ වගේ පිරිමි කෙනෙක් එක්ක ඔබ සබදතාවයක් පටන් ගත්තොත් අනිවාර්යෙන්ම ඔහුගේ මව ඔබ දෙදෙනා අතර සිටින බව. මේ නිසා ඔබට වෙන්නේ ජිවිත කාලයම ඔහුගේ මවට අවශ්‍ය විදිහට ගතකරන්න.

4. තමන් හැම දෙයක්ම දන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිමි අය

මේ අය හිතන්නේ ඔවුන් හැම දෙයක් ගැනම දන්නා බවයි. ඔවුන්ට ඔබ කියන කරන දේවල් පෙනෙන්නේ මෝඩ වැඩ ලෙසයි. නිතරම ඔබ වැරදි සහ ඔවුන් නිවැරදි පුද්ගලයන් වෙනවා. ඒ වගේම මොවුන් තමන්ගේ දැනුම ගැන ඉන්නේ විශාල අහංකාර කමකින්. ඔබට මේ වගේ අයව ලේසියෙන්ම අදුර ගන්න පුළුවන් ඔවුන් කතාබහ කරන විට වටේ සිටින අයගේ මුහුණු දිහා බැලුවොත්.

5. ආත්මාර්ථකාමී පිරිමි අය

මේ අය ආදරය කරන්නේ ඔවුන්ටම පමණයි. කිසිම අවස්ථාවක ඔබේ සැප පහසුව ගැන හෝ ඔබේ අවශ්‍යතාවයන් ගැන සිතන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සහ කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේවල් ඉටුකර ගන්න. ඔවුන් ඔබට කිසිම දවසක ආදරය කරන්නේ නැහැ. මේ නිසා මෙවැනි පුද්ගලයන්ව ඔබේ ජිවිතයෙන් ඈත් කරන්න.

6. ඉක්මනින් කෝපයට පත්වෙන පුද්ගලයින්

මේ පුද්ගලයන් සුළු දේවල් වලටත් කෝපයට පත් වෙනවා. ඔබ ගමනක් යන්න විනාඩි 5 ක් පරක්කු වුනත් මොවුන්ට එය විශාල වරදක්. පුංචි අතපසු වීමක් උනත් කෙලවර වෙන්නේ විශාල රන්ඩුවකින්. මේ නිසා මේ වගේ පුද්ගලයින් ඔබේ ජිවිතයට කිසිම දවසක ලංකර ගන්න එපා.

7. බොරු කියන පිරිමින්

ඔබට ආදරය කරන පිරිමියෙක් කිසිම දවසක ඔබට බොරුවක් කියන්න හෝ බොරුවක් කරන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් මේ බොරු කියන ගතිගුණය තියන පිරිමින් නිතරම උත්සහ කරන්නේ ඔබට බොරු කියන්න. ඔවුන්ට ඔබේ සබදතාවයේ කිසිම වටිනාකමක් නැහැ. මෙවැනි පුද්ගලයන් වත් ඔබේ ජිවිතයෙන් ඈත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,838
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,021
   35

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,631
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,031
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed