රස ගුණ සපිරි තෙබු, දිව්‍යමය ඖෂධයක්

April 10, 2018
9,508
Thebu medicine from heaven
අද වෙනකොට අපේ බහුතරයක් දෙනා විවිධ බෝ නොවන රෝග වලින් පීඩාවට පත් වෙලා. ඒ වගේම ඒ සඳහා ප්‍රතිකාර හා සුදුසු පිළියම් සොයනවා. එදිනෙදා ආහාර වේල තුළ පවා වෙනස්කම් කර ගන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා. මොකද ගොඩක් අයගේ කටට පාලනයක් නැති වුනාට ලෙඩ වලටත් බයක් ලොකු බයක් තියෙනවා. මේ කියන බෝ නොවන රෝග වලට තියෙන විශ්මිත ප්‍රතිකාරයක් හා කදිම විසඳුමක් තමයි තෙබු කියන්නේ.

මේ විදිහට බෝ නොවන රෝග රැසකින් ආරක්ෂා වෙන්න ඔබට උදවු කරන තෙබු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවද කියලත් දැන ගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

ප්‍රෝටීන්
කාබෝහයිඩ්‍රේට්
මේදය
කැල්සියම්
මැග්නීසියම්
සෝඩියම්
පොටෑසියම්
ප්‍රෝටීන්

කියන පෝෂ්‍ය පදාර්ථ තෙබු වල අඩංගු වෙනවා.

තෙබු වලින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනත් දැනුවත් වෙන්න. එහෙම වුනොත් ඔයා කවදාවත් තෙබු ගැන සුළුවෙන් හිතලා අමතක කරන එකක් නැහැ.

කුසගින්න ඇති කරන්න තෙබු වලට තියෙන්නේ පුදුම හැකියාවක්. ආහාර ගැනීම පිළිබඳව ගැටලු තියෙන අයට ආහාර රුචිය වඩවා ගන්න තෙබු ආහාරයට ගැනීමෙන් පුළුවන්. ඒ වගේම සෙම, පිත, උණ, කැස්ස වැනි තත්ත්වයන් පාලනය කරගන්නත් තෙබු ආහාරයට ගැනීමෙන් පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඉරුවාරදය වැනි රෝගී තත්තවයන්ටත් ශරීරයේ උෂ්ණය අධික අයටත් තෙබු ආහාරයට ගැනීමෙන් සිරුර සිසිල් කරගන්න පුළුවන්. මොකද තෙබු කියන්නේ සීතල ආහාරයක්.

මේ විතරක් නෙවෙයි විවිධ චර්ම රෝග සඳහාත් තෙබු කියන්නේ හොඳ විසදුමක්. ඒ වගේම ඔබේ හදවත, අක්මාව ආරක්ෂා කරන්නත් තෙබු වලට පුළුවන්. තෙබු කොළ වගේම තෙබු අල ව්‍යාංජනයක් විදිහට ආහාරයට ගැනීමෙන් මේ කියන හැම සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට ලබන්න පුළුවන්.

තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරනත් හැකියාව තියෙන නිසා දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන කෙනෙක්ට ඉතාමත් ගුණදායක ආහාරයක්.

දිනපතා තෙබු ආහාරයට ගැනීම නම් ඒ තරම් සුදුසු නැහැ. නමුත් සතියකට දින දෙකක් පමණ තෙබු ආහාරයට එක කර ගන්න. එය ඔබේ සියලුම රෝග තත්ත්වයන් සමනය කර ගන්න උදවු කරාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 763 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:40:52 AM
Script:/article/763/thebu-medicine-from-heaven.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:40:52 AM
Script:/article/763/thebu-medicine-from-heaven.html