විටමින් D ඌනතාවය ඇති වුනොත් ඔයාටත් මේ භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා

January 25, 2018
8,705
Dangerous effects if your are lack of vitamin D
අපේ සිරුරට අවශ්‍ය කරන පෝෂණ කොටස් අතරින් විටමින් D ප්‍රධාන වෙනවා. සාමාන්‍යයෙන් මේ මඟින් සිදු කරන්නේ අප ගන්නා ආහාර වල තිබෙන කැල්සියම් ශරීරයට හොදින් අවශෝෂණය කර ගැනීම. ඊට අමතරව විටමින් D වල ඔබ නොදන්නා ප්‍රතිලාභ රැසක් තියෙනවා.

හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කිරීම විටමින් D වලින් කරන ප්‍රධානම කාර්යක්. ඒ වගේම උණ, සෙම්ප්‍රතිශාව වැනි රෝගී තත්ත්වයන්ට නිතර ගොදුරු වීමට ඇති අවදානම අවම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවම කරනවා.

විටමින් D වලින් මානසික ආතතිය අවම කරනවා. විශේෂයෙන් මානසික ආතතිය හේතු කර ගෙන ඇති වෙන විශාදය වැනි තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරන්න මේ පෝෂ්‍ය පදාර්ථයට පුළුවන් කියන එක පර්යේෂණ වලින් තහවුරු වුනු දෙයක්.

විටමින් D වලින් ඔබේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරනවා, ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න මේක හොඳ විසඳුමක්.

විටමින් D වලින් අපේ ශරීරයට ලැබෙන ලොකුම වාසිය වෙන්නේ ඒක නෙවෙයි. පිළිකා සෛල වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාවක් විටමින් D වල ඇති බව පර්යේෂණ වල තහවුරු වෙලා තියෙන දෙයක්. විශේෂයෙන් පියයුරු පිළිකා අවදානම අවම කිරීමේ හැකියාව විටමින් D සතුව පවතිනවා. ඊට අමතරව පෙනහළු පිළිකා ඇතුළු සියලුම පිළිකා තත්වයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව මෙය සතුව පවතිනවා

සැමන්, බිත්තර කහ මදය, කිරි, ධාන්‍ය, යෝගට්ත, තැඹිලි වතුර කියන්නේ විටමින් D ලබා ගන්න පුළුවන් හොඳ මුලාශ්‍ර. ඒ වගේම ඔයාට විටමින් D ලබා ගන්න පුළුවන් පහසුම විදියක් තියෙනවා. ඒ තමයි හිරු එළිය. ඔයා අහල ඇතිනේ උදෑසන වැටෙන හිරු එළියෙන් ශරීරය තුල විටමින් D නිපදවනවා කියලා. ඔයාට දිනපතා විනාඩි 15ත් 30ත් අතර කාල වෙලාවක් උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්න පුළුවන් නම් පහසුවෙන්ම මේ කියන විටමින් D ලබා ගන්න පුළුවන්.

මේ වගේ අවදානම් තත්ත්වන් ඇති වෙන්න කලින් වළක්වා ගන්න එක හොඳයිනේ. ඒ නිසා ඔයාගේ නිරෝගිභාවය වෙනුවෙන් මේ දේවල් ගැනත් වැඩි අවදානයක් දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 640 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/640/dangerous-effects-if-your-are-lack-of-vitamin-d.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/640/dangerous-effects-if-your-are-lack-of-vitamin-d.html