සිනි වලින් ලස්සන රෑ සපුවක් ලබා ගන්න

December 1, 2018
20,015
How to be beautiful with sugar
ඔයාට හිතා ගන්න පුළුවන්ද සිනි වලින් ඔයාගේ සමට කරන්න පුළුවන් දේවල්? සිනි කියන්නේ කෑමක් විතරක් නෙමෙයි සිනි වලින් ඔයාට ස්වභාවික සහ සුන්දර සමක් හිමි කර ගන්න පුළුවන්. අද සමාජයේ හැමෝම සිනි කිව්වාම බිය ගැන්වෙනවා. නමුත් බිය ගැන්වීමට කිසිදු කාරණයක් නැහැ. ඊට හේතුව සිනි වල අහිතකර රසායනික ද්‍රව්‍ය නැති නිසා සෞඛ්‍ය ආරක්ෂිතයි.  සිනි කියන්නේ රසවත් ආහාරයක් මෙන්ම ආහාර රසවත් කරන ද්‍රවයකි. සැලුන් එකට නොයා සිනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම හුගක් තියෙනවා අද හැඩකාරී අපි ඔයාට කෑමට භාවිතා කරන සිනි වලින් ලස්සන වෙන්න ක්‍රම කියාලා දෙනවා.

ස්ක්‍රබ් එකක් ලෙස

අවශ්‍ය ද්‍රව්‍ය :
ඉදුණු කෙසෙල් ගෙඩි 1
සිනි තේ හැඳි 3
තරමක භාජනයක් ගෙන ඉදුණු කෙසෙල් සහ සිනි එකතු කර ක්‍රීම් එකක් වන තුරු හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔයාගේ මුහුණේ හොඳින් අලේප කර මෘදුව අතුල්ලන්න. මෙම මිශ්‍රණයෙන් ඔයාගේ සමට පෝෂණය ගෙන දෙන වැඩි ගුණාත්මක බවක් ඇති ස්ක්‍රබ් එකක්. මෙම ස්ක්‍රබ් එක මගින් ඔයාගේ මැරුණු සම ඉවත් වෙලා ඔයාට පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් වෙනවා. තවද මෙය මුහුණට පමණක් නොව මුළු ශරීරයට නැති නම් ශරීරයේ කළු පැහැ ගැන් වු ස්ථාන වලට භාවිතා කරන්න පුළුවන්. මෙම සත්කාරය සතියකට එක් වරක් කිරීමෙන් මුළු ශරීරයම එකම පැහැයක් කරගන්න වගේම සහ මැරුණු සෛල ඉවත් කර ගැනීමට  පුළුවන්.

දෙතොල් පැහැපත් කිරීමට 

අවශ්‍ය ද්‍රව්‍ය :
සිනි තේ හැඳි 1
වතුර තේ හැඳි 1/2  
ඔයාගේ දෙතොල් අව පැහැ ගැන් වෙලා නම් ඔයා කරන්න ඕනි සීනි වලට වතුර ස්වල්පයක් දාල හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාගේ අත හොඳින් පිරිසිදු කර ගෙන ඇඟිල්ල සිනි මිශ්‍රණයේ පොගවා ගන්න. පසුව දෙතොල් මත ඇඟිල්ල තබා රවුමට දෙතොල හොඳින් මසාජ් කරන්න. එමගින් දෙතොලේ මැරුණ සම ඉවත් වෙනවා. පැහැපත් සහ සුමුදු දෙතොලක් ඔයාට ලබා දෙනවා

කකුලේ රළු ගතිය
 
අවශ්‍ය ද්‍රව්‍ය :
පේපර්මින්ට් තෙල් ස්වල්පයක් 
සීනි ස්වල්පයක් 
අපේ රටේ තියෙන්නේ උණුසුම් දේශගුණයක් නිසා දෙපා ඉතා ඉක්මනින් රළු වෙනවා වගේම ඉක්මනින් කකුලේ කුණු දුවිලි තැවරෙනවා. හොඳම දේ තමයි පේපර්මින්ට් තෙල් ටිකකට සීනි ටිකක් දාල හොඳින් සම්බාහනය කරන්න. එමගින් කකුල් වල ඇති රළු බව නැති වී යනවාත් එක්කම කකුලේ කුණු දුවිලි තැවරෙන බවද අඩු වෙනවා. ඒ වගේම කකුලට ලොකු සිසිලසක් සනීපයක් මෙම සත්කාරය මගින් ලබා දෙනවා.

රෝම ඉවත් කල විට

ඔයා ශරීරයේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න රේසරයක් භාවිතා කරන කොට සමේ රළු වීමක් ඇති වෙනවා. රළු වීම වළක්වා ගන්න හොඳම බෙහෙත් තමයි සීනි කියන්නේ. රෝම ඉවත් කිරීමෙන් පස්සේ සුදු සීනි අරගෙන කකුල් වල ගාලා හොඳින් රවුමට මසාජ් කරන්න. සේරම මැරුණ සම ඉවත් කරලා සම සිනිදු කරනවා.

කෑමට භාවිතා කරන සිනි වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාත් මේ සත්කාර කර ලස්සන රුසපුවක් ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1184 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:32 AM
Script:/article/1184/how-to-be-beautiful-with-sugar.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:33 AM
Script:/article/1184/how-to-be-beautiful-with-sugar.html