තිත්ත රහ පරදන කරවිල අච්චාරු - Recipe

February 23, 2018
7,226
Bitter Guard Pickle Recipe
කරවිල මතක් කරද්දිත් කටට තිත්ත රහක් දැනුණද? කලබල වෙන්න එපා. මේ අච්චාරුව ඒ තරම් තිත්ත රහ එකක් නෙවෙයි. හැබැයි කරවිලවල තියෙන ඖෂධීය ගුණය රැඳිලා තියෙන්නෙ ඒ තිත්ත රසය තුළම බවත් අමතක කරන්න එපා. ලේ වල විස නසන, ලේ පිරිසුදු කරන කරවිල දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. ඉතින් එච්චර ගුණ කරවිලවලින් අද අපි අච්චාරුවක් හදලා බලමු. මේක හදන්න යන්නේ විනාඩි 25 ක විතර කාලයක්. හැබැයි 20 දෙනෙකුට විතර කන්න පුළුවන් මේ ප්‍රමාණයට කළමනා ගත්තහම. ඊට වැඩිය ඕන නම් කළමනාවල ප්‍රමාණය ටිකක් වැඩිකරගන්නයි තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල (අඟලේ කොටු කපාගත්) ග්‍රෑම් 500
වතුර අඬු කෝප්ප 1
ලුණු රස පදමට
කහ කුඩු ග්‍රෑම් 5
විනාකිරි මිලි ලීටර් 150
රතු ළූණු (පොතු ගලවාගත්) ග්‍රෑම් 150
කිතුල් පැණි මිලි ලීටර් 100
අබ කුඩු ග්‍රෑම් 50
අමු මිරිස් (කපාගත්) ග්‍රෑම් 30

සාදන ක්‍රමය :

භාජනයකට වතුර, ලුණු, කහ සහ විනාකිරි මිලි ලීටර් 100ක් එක්කර හොඳින් රත්කරගන්න. ඉන්පසු එයටම රතු ළූණු සහ කරවිල දමා බාගෙට තම්බා ගන්න. විනාඩි 15ක් පමණ එසේ තැම්බෙන්නට හැර ලිපෙන් බා රතු ළූණු සහ කරවිල ඉවතට ගෙන පැත්තකින් තබාගන්න. දැන් හොඳින් වියළාගත් මැටි මුට්ටියක් සහ වියළාගත් පොල් කටු හෝ ලී හැන්දක් ගන්න. මැටි මුට්ටියට කිතුල් පැණි, අබ, අමු මිරිස්, ඉතිරි විනාකිරි සහ ලුණු දමා මිශ්‍රකරගන්න. එම මිශ්‍රණයටම දැන් කරවිල සහ රතු ළූණු එක්කර හොඳින් කලවම් කරගන්න. මෙය සකස් කර පැය 24කට පසුව කෑමට ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 671 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:55:10 AM
Script:/article/671/bitter-guard-pickle-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:55:11 AM
Script:/article/671/bitter-guard-pickle-recipe.html