මුහුණේ විවෘත සිදුරු තියෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ සුන්දරත්වයට බාධාවක්. සිදුරු නිසා මුහුණ අඳුරු හා වයස්ගත පෙනුමක් දිස් වෙනවා පමණක් නෙමෙයි ආකර්ශනීය බවත් අඩු කරනවා. තෙල් සහිත සමක් ඇති පුද්ගලයින් තමයි මෙම ගැටලුවට නිරන්තරයෙන්ම ගොදුරු වෙන්නේ. සිදුරු මගින් බ්ලැක්හෙඩ්ස් සහ කුරුලෑ වැනි අපේ රූපයට හානි කරන ප්‍රශ්ණ ඇති කරනවා.
ආතතිය, ජාන සහ හරි හැටි මුහුණට සත්කාර නොකිරීම වැනි සාධක ද විවෘත සිදුරු ඇති කරන්න බලපානවා. ඔයා වයසට යත්ම සමේ නම්‍යතාවය නැති වෙනවා. මෙය, තත්වය තවත් නරක අතට හරවනවා. වාසනාවකට සමේ සිදුරු ඇතිවීම අවම කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. මේ කියන්න යන සත්කාර ටික හරියට කලොත් නිසි ප්‍රතිඵල ලැබෙනවා නිසැකයි.
විවෘත සිදුරු යනු කුමක්ද?
සම මත ඇති සියුම් සිදුරු මගින් සමට හුස්ම ගැනීමට උපකාරී වෙනවා. නමුත් මෙම සිදුරු විශාල වූ විට ඒවා පියවි ඇසට පෙනෙන්න පටන් ගන්නවා. සම මත ඇති මෙම විශාල සිදුරු බහුලව දක්නට ලැබෙන්නේ තෙල් සහිත සමක් ඇති යුවතියන්ගෙයි. මොකද එවැනි සමකින් ස්වභාවික තෙල් වැඩි ප්‍රමාණයක් නිපදවන නිසා.
1. කෝමාරිකා ජෙල්
කෝමාරිකා ජෙල් ස්වල්පයක් සිදුරු මත ආලේප කර මිනිත්තු කිහිපයක් සම්භාහනය කරන්න. මේ සඳහා නැවුම් කෝමාරිකා ජෙල් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
කෝමාරිකා ජෙල් විනාඩි 10 ක් සම මත තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
කෝමාරිකා ජෙල් සෑම දිනකම ආලේප කිරීමෙන් සිදුරු ඉක්මනින් හැකිලෙනවා. ජෙල් මගින් සම පිරිසිදු කර පෝෂණය කරන අතර ඇහිරිලා තියෙන සිදුරු වල ඇති තෙල් හා අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරනවා.
2. බිත්තර සුදු මද
ඔයාට අවශ්‍ය වන්නේ,
බිත්තර සුදු මද 1
ඕට්ස් මේස හැඳි 2
ලෙමන් යුෂ මේස හැඳි 2
බිත්තර සුදු මදය ගෙන ඕට්ස් හා ලෙමන් යුෂ සමග මිශ්‍ර කරමින් පේස්ට් එකක් සාදා ගන්න.
මෙම පේස්ට් එක ඔයාගේ මුහුණේ ආලේප කර විනාඩි 30ක කාලයක් තියෙන්න ඇරලා සීතල වතුරෙන් සෝදා හරින්න.
ලස්සන සමක් සඳහා මෙම සත්කාරය දිනකට 2 වතාවක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බිත්තර මාස්ක් එක විවෘත සිදුරු සඳහා විශිෂ්ට පිළියම් වන අතර කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමටද භාවිතා කරන්න පුළුවන්.
3. ඉදුණු පැපොල්
පැපොල් පොඩි කර මුහුණේ ආලේප කරන්න.
ඇල්මැරුණු වතුරෙන් සේදීමට පෙර මිනිත්තු 20 ක් තබන්න.
සෑම දිනයකම මෙම පිළියම නැවත නැවත කරන්න. පැපොල් සමේ සිදුරු තද කිරීමට උපකාරී වෙනවා. අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම සහ සිදුරු අඩු කර සම ගැඹුරින් පිරිසිදු කරයි.
4. කෙසෙල් ලෙලි
ඔයාගේ මුහුණේ කෙසෙල් ලෙල්ලේ ඇතුළත මෘදු ලෙස අතුල්ලන්න.
මිනිත්තු 10 - 15ක් පමණ තියලා සෝදා හරින්න.
සෑම දිනයකම මෙම සත්කාරය සිදු කරන්න. කෙසෙල් ලෙල්ලේ ඇති ප්‍රතිඔක්සිකාරක ලුටීන්, ඛනිජමය පොටෑසියම් ඇති නිසා ඔයාගේ සම සුව කිරීමට සහ පුනර්ජීවනය කිරීමට හැකියාව තියෙනවා. නිතිපතා කිරීමෙන් සම සිනිදු වේ.
5. පිපිඤ්ඤා
ඔයාට අවශ්‍ය වන්නේ,
පිපිඤ්ඤා පෙති 4-5
ලෙමන් යුෂ මේස හැඳි 2
පිපිඤ්ඤා පෙති බ්ලෙන්ඩ් කර එයට ලෙමන් යුෂ එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
මෙම මාස්ක් එක මුහුණේ ආලේප කර විනාඩි 15 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
හොඳම ප්‍රතිඵල සඳහා, පිපිඤ්ඤා පෙති බ්ලෙන්ඩ් කිරීමට පෙර මිනිත්තු කිහිපයක් ශීතකරණය තුළ තබන්න. මෙම මාස්ක් එක සමේ විවෘත සිදුරු වලට ප්‍රතිකාර කිරීමට පමණක් නොව සමේ සුමුදු බව වැඩි දියුණු කිරීමටද උපකාරී වෙනවා. පිපිඤ්ඤා සම වයසට යාමේ ක්රියාවලියද මන්දගාමී කරන අතර ඔයාට තරුණ හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.