ඔයත් නිදා ගන්න කලින් මේ වැරදි කරනවාද? එහෙනම් බලන්නකෝ වෙන දේ

February 24, 2018
8,995
Don't do these before you go to sleep
නින්ද කියන දේ අපිට මොන තරම් වැදගත්ද කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනේ. දවසක් හරි, හරි හැටි නින්දක් නොලැබුනොත් ඊට පස්සේ මුළු දවසම අවුල් වෙනවා. හරියට වැඩක් කර ගන්න බැරිව යනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබී යාම සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කරවන්න හේතු වෙනවා කියන එක.

හිසරදය

අධි රුධිර පීඩනය

ආඝාතය

හෘදයාබාධ

දියවැඩියාව

වකුගඩු ආශ්‍රිත රෝග

මානසික ආතතිය

වැනි බොහොමයක් රෝග ප්‍රමාණවත් නින්දක් නැතිකම මුලිකම හේතුවක් වෙනවා. දවස පුරාවටම වෙහෙසුණු සිරුරට විවේකයක් ලබා දෙන්න තමයි අපි පැය 7ක 8ක නින්දක් ලබා ගන්නේ. අවශ්‍ය විවේකය ලබා නොදුන්නොත් සිරුරේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. ඔයාගේ නින්දට බාධා කරන මේ වැරදි වලින් අදම ඈත් වෙලා ඔයාගේ සෞඛ්‍යය රැක ගන්න.

1. නිදා ගන්න කලින් තේ කෝපි පානය කරන එක සුදුසු නැහැ. තේ කෝපි වල කැෆෙන් අඩංගු වෙනවා. කැෆේන් අපේ මනස ප්‍රබෝධමත්ව තබන්න උදවු වෙනවා. ඒත් එක්කම නින්ද අපෙන් ඈත් කරනවා. ඔයා නිතරම රෑට තේ කෝපි බොන්න පුරුදු වුණොත් නින්ද ඔයාගෙන් ඈත් වෙලාම යාවි.

2. දවල්ට නිදා ගන්න නරක පුරුද්ද ඔයාටත් තියෙනවාද? දවල්ට නිදා ගැනීම නිසා ඔබට මුළු රාත්‍රිය පුරාවටම ඇහැරිලා ඉන්න සිද්ධ වෙනවා. එක පුරුද්දක් කර ගත්තොත් ඔයාගේ සෞඛ්‍යය ඔයාටම නොදැනීම පිරිහෙන්න ගන්නවා.

3. ඔයත් ඇඳට යන්නේ ජංගම දුරකථන, ලැප් ටොප් අරගෙනද? ඔයාගේ නින්ද තව තවත් ප්‍රමාද කරන්න මෙය හේතුවක්. ඒ වගේම අඳුරේ ඉඳගෙන දීප්තිමත් තිරය දෙස වැඩි වෙලාවක් බලා සිටීම ඔබේ ඇස් වලටත් හානි කරන්න මුල් වෙනවා. ඒ නිසා නිදා ගන්න යද්දී තාක්ෂණික උපකරණ ඇඳට ගෙනියන එකෙන් වලකින්න.

4. කෑම කෑව විගසම නින්දට යන්න එපා. එය ඔයාව තරබාරු කරන්නත් මුල් වෙනවා වගේම ආහාර ගැනීමෙන් පසු ජීර්ණ ක්‍රියාවලිය නිසා ඔබේ නින්ද ප්‍රමාද වෙනවා.

5. වැරදි ඉරියව් නිසා පිඩාවට පත් වෙනවාද? නිදා ගනිද්දී ඒ සඳහා නිවැරදි ඉරියව්වක් තෝරා නොගැනීමෙන් මුළු රැය ගෙවෙනකන්ම අවදියෙන් ඉන්න වෙනවා. ඒ වගේම ශාරීරික වේදනාවන් ඇති වෙන්න හේතු වෙනවා.

ඔයාගේ නින්දට බාධා කරන මේ වැරදි වලින් ඈත් වීමෙන් ඔයාට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නත් ඒ මඟින් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නටත් නොදී ඔයාට ඔයාව හොඳින් රැක බලා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 673 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:11 AM
Script:/article/673/dont-do-these-before-you-go-to-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:12 AM
Script:/article/673/dont-do-these-before-you-go-to-sleep.html