සෑම උදෑසනකම කෝපි වෙනුවට කැරට් යුෂ වීදුරුවක් පානය කරන්න පුරුදු වුණොත් ලැබෙන දේවල් මෙන්න

November 26, 2019
10,977
This is what you get if you drink carrot juice everyday
කැරට් කියන්නේ දම් පාට, කළු, රතු, සුදු සහ කහ වශයෙන් පැවතියද සාමාන්‍යයෙන් තැඹිලි පැහැයෙන් යුත් එළවළුවක්. ඒවා යුරෝපයේ සහ නිරිතදිග ආසියාවේ ස්වදේශික ගෘහාශ්‍රිත ආහාරයක්. මෙම ශාකය පර්සියාවේ ආරම්භ වූ අතර මුලින් වගා
කරනු ලැබුවේ එහි කොළ සහ බීජ සඳහායි. නමුත් අද වෙනකොට කැරට් කියන්නේ අපි හැමෝම කැමති, වැඩි වශයෙන් පරිභෝජනය කරන ආහාරයක්. ඔබ දන්නවාද කැරට් වල ශක්තිය කැලරි 41.35 (ග්රෑම් 100 ක), ප්‍රෝටීන් 930 mg (ග්‍රෑම් 100 ක), විටමින් k 13.2 mcg (ග්‍රෑම් 100 ක), විටමින් සී 5.9 mg (ග්‍රෑම් 100 ක) අන්තර්ගතයි. කැරට් විශේෂයෙන්ම අක්‍ෂි, සම, දත් සහ ආහාර ජීර්ණ පද්ධතියට සුවදායක වනවා. කැරට් තුල සපිරි මේ සෞඛ්‍යය වාසි රැස නිසා විවිධ පාන වර්ග කැරට් භාවිතයෙන් සකස් කරනු ලබනවා. කැරට් යුෂ දිනපතා පානය කිරීමෙන් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි කිහිපයක් පිළිබඳවයි මෙම ලිපිය මගින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ.

විටමින් A

කැරට් විටමින් A වලින් පොහොසත් වනවා. කැරට් යුෂ අවුන්ස අටක් තුල ශරීරයට දිනකට අවශ්‍ය වන විටමින් A 80% පමණ අන්තර්ගත වනවා. අක්‍ෂි වල සෞඛ්‍යය සඳහා විටමින් A අත්‍යාවශ්‍ය වන බව ඔබ දැනටමත් දන්නා කරුණක්. විටමින් A සපිරි කැරට් යුෂ දිනපතා පානය කරන්න. ඔබේ අක්‍ෂි සෞඛ්‍යය වර්ධනය වන අතරවාරයේ අස්ථි වල පටක වලට අවශ්‍ය වර්ධනයත් වේගවත් වේවි.

විටමින් C

කැරට් විටමින් C වලිනුත් පොහොසත් වනවා. පිරිසිදු කැරට් යුෂ අවුන්ස අටක් පානය කිරීම මගින් ශරීරයට දිනකට අවශ්‍ය වනවිටමින් C 35% පමණ ලබා ගන්නට පුළුවන්. විටමින් C නිසි පරිදි ලබා ගැනීම මගින් සමෙහි කොලේජන් නිර්මාණය වීම, දත්, අස්ථි සහ පටලයන් වල සෞඛ්‍යය වර්ධනය වීම සිදු වනවා. එමෙන්ම විටමින් C ඉතා උසස් ඝනයේ ප්‍රතිඔක්සිකාරකයක් වන නිසා ඔබ සකසා ගනු ලබන කැරට් යුෂ පානයට බේරී වර්ග, ලෙමන් හෝ දොඩම් වැනි විටමින් C සපිරි පළතුරකුත් එක්කර ගන්න.

පොටෑසියම්

ශරීරයේ සෛල තුල විද්‍යුත් විච්චේද්‍යුය “electrolytes” සහ තරලයන් නිසි ලෙස සමබර කිරීමට අත්‍යාවශ්‍ය ඛනිජයක් වන පොටෑසියම් කැරට් යුෂ සතු වනවා. මාංශ පේශී වල නිසි ක්‍රියාකාරීත්වයටත් පොටෑසියම් අවශ්‍ය වනවා. ශරීරය තුල පොටෑසියම් ඛනිජය නිසි පරිදි තිබෙනවා නම් “hypokalemia”, මාංශපේශී පෙරලීම, කුරුලෑ ඇතිවීම, වකුගඩු රෝග සහ සම වියළීම දුරු කර ගන්නට පුළුවන්.

කැලරි අවමයි

ඔබ බර පාලනයක් සිදු කරන අයෙක් නම් ඔබට කිසිම සිත්තැවුලකින් තොරව කැරට් යුෂ පානය කරන්නට පුළුවන්. කැරට් යුෂ අවුන්ස අටක් තුල කැලරි 80 හෝ ඊට අඩු ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මෙහි කැලරි අවම බව කිරි, පළතුරු යෝගට් හෝ අයිස් එක්කිරීම මගින් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් ඔබට කැලරි වැඩි කර ගන්නට අවශ්‍ය නැත්නම් මෙම පියවර මගහැරීමටද පුළුවන්.

විටමින් සහ ඛනිජ වලින් පොහොසත්

ඔබ උදෑසන පානය කරන කෝපි පානය වෙනුවට කැරට් යුෂ වීදුරුවක් පානය කරන්න. විටමින් වර්ග සහ ඛනිජ වර්ග රැසක් සපිරි කැරට් යුෂ පානය කිරීම මගින් ශරීරය පිරිසිදු කර ගැනීම ඇතුළු සෞඛ්‍යය වාසි රැසක් සලසා ගන්නට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1459 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:57 AM
Script:/article/1459/this-is-what-you-get-if-you-drink-carrot-juice-everyday.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:57 AM
Script:/article/1459/this-is-what-you-get-if-you-drink-carrot-juice-everyday.html