අලිගැට පේර කියන්නේ පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම ඉතාමත් ගුණදායක පළතුරක්. රසය ගුණය අතින් ඉතා ඉහල අපි කා අතරත් ජනප්‍රිය පලතුරක්. වැදගත්ම දේ තමයි මෙය දෙපාර්ශවයේම සරු භාවය ඇති කරන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඔබ නොදන්නා තවත් පෝෂණ ප්‍රතිලාභ රැසක් අලිගැට පේර වලින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී මව්වරුන්ට. ගර්භනී මවකට පෝෂණය කියන්නේ අතිශය වැදගත් දෙයක්. මවට වගේම කලලයට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙන හොඳ මුලාශ්‍රයක් තමයි අලිගැට පේර කියන්නේ.
1. ෆෝලික් ඇසිඩ් ලබා ගන්න තියෙන හොඳ මුලාශ්‍රයක්
ගර්භනී මවකට ෆෝලික් ඇසිඩ් මොන තරම් වැදගත්ද කියන එක ගැන ඔබ දැනටමත් දන්නවා. මේ අත්‍යාවශ්‍ය ෆෝලික් අම්ල නොමැති වීම නිසා දරු උපතේදී විවිධ ගැටළු හා දරුවාගේ කායික, මානසික දුර්වලතා ඇති විය හැකියි. බිළින්දාගේ අවයව නිසි ලෙස වර්ධනය නොවිය හැකියි. ඒ නිසා තමයි ෆෝලික් අම්ලය බහුල අලිගැට පේර ගර්භනී සමයේදී මේ තරම් වැදගත් වෙන්නේ.
2. රක්ත හීනතාවට ප්‍රතිකාරයක්
ගර්භණී සමයේදී යකඩ ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා මව රක්තහීනතාවයට පත් විය හැකයි. ගර්භනී සමයේ අත්‍යාවශ්‍ය යකඩ ලබා ගන්න පුළුවන් ආහාරයක් විදියට අලිගැට පේර මගහරින්නම බැහැ.
3. ආහාර දිරවීම සම්බන්ධ ගැටළු අවම කරයි
ගර්භනී අවදියේදී ආහාර දිරවීම සම්බන්ධ ගැටළු නිසා ආමාශ ආබාධ, මලබද්ධය ඇති වීම වැනි සුළු රෝගී තත්ත්වයන් ඇති වීම සාමාන්‍යයි. අලිගැට පේර කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියක්‍රමවත් කරන්න පුළුවන් පළතුරක්.
4. විටමින් වර්ග රැසක් අඩංගුයි
අලිගැටපේර විටමින් වර්ග රාශියක් අඩංගු පළතුරක්. විටමින් B1, B2, B5, B6, විටමින් C, විටමින් E, සහ K වලින් සමන්විත වන අතර මේ සියල්ලම මවගේත් දරුවාගේත් පෝෂණය සඳහා ඉතා වැදගත් වෙනවා.
5. කොලෙස්ටරෝල් අවම කරයි
අහිතකර කොලෙස්ටරෝල් අවම කරමින් හිතකර කොලෙස්ටරෝල් මට්ටම මනාව පවත්වා ගැනීමට අලිගැට පේර වලට පුළුවන්.ඒ වගේම සීනි මට්ටම පාලනය කිරීම සඳහා අලිගැටපේර නිතිපතා ඔබේ ආහාරයට එකතු කර ගන්න.
6. බර වැඩිවීමේ අවදානම අඩු කරයි
ගර්භනී සමයේ බර වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් අහිතකර ලෙස ඔබේ බර වැඩි වීම අවම කරන්න එයට පුළුවන්. අලිගැට පේර වල තන්තු බහුල ලෙස අඩංගු වන නිසා අනවශ්‍ය ලෙස බර වැඩි වීමේ හැකියාව අවම කරනවා.