සුන්දර දෙතොලක් කියන්නේ කාන්තාවගේ සුන්දරත්වය වැඩි කරලා පෙනෙන අංගයක්. ඉස්සර ඉඳලම කාන්තාවන්ගේ දෙතොල් වර්ණනා වුනේ ඒ නිසානේ. හැබැයි ඉතින් ඒ සුන්දරත්වය රැක ගන්න නම් ඔබට ඒ වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරන්න වෙනවා. මොකද අපේ සුන්දරත්වය රැකෙන්නේ අපි ඒ වෙනුවෙන් දක්වන සැලකිල්ල අනුව. කාන්තාවන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දෙතොල් අවපැහැ ගැනීම කියන්නේ. මේ තත්ත්වය ඇතිවෙන්න හේතු කීපයක්ම තියෙනවා.
එකක් තමයි දැඩි අව් රශ්මිය. අව් රශ්මිය නිසා අපේ සම අවපැහැ ගැන්වෙනවා වගේම එය දෙතොල් වලටත් බලපෑම් කරනවා. ප්‍රමිතියෙන් බාල ලිප්ස්ටික් භාවිතය නිසාත් මේ තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම රුධිර සංසරණය ක්‍රමවත්ව සිදු නොවීම, වතුර පානය අවම වීම මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක්. ඒ වගේම දුම්පානය තවත් ප්‍රධාන හේතුවක් වෙනවා.
මේ තත්ත්වයන් නිසා දෙතොල් වලට හානි වුනු අයට සරල ව්සඳුම් කිහිපයක්ම තියෙනවා.පහසුවෙන් වගේම වියදමක් නැතිවම කර ගන්නත් පුළුවන්. පොඩි කාලයක් වෙන් කරන එක විතරයි කරන්න ඕන.
1. පිපිඤ්ඤා යුෂ
පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් දෙතොල් වල ආලේප කර විනාඩි කිහිපයක් සම්භාහනය කරන්න. ඒක ඔබට පහසු වෙයි. එහෙමත් නැත්තන් පිපිඤ්ඤා පෙත්තක් තොල් මත තබාගන්න. විනාඩි 10ක් පමණ දෙතොල්මත තබා සිට ඉවත් කරන්න.
2. මී පැණි
මී පැණි කියන්නේ අවපැහැ දෙතොල් වලට හොඳ විසඳුමක්. රාත්‍රී නින්දට පෙර දෙතොල් වල මී පැණි ආලේප කර උදෑසන ඉවත් කරන්න. හැබැයි ඉතින් පිරිසිදු මී පැණි වෙන්නත් ඕන.
3. සීනි වලින් දෙතොල් වලට ස්ක්‍රබ් එකක්
මෙයට අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩියක් හා සීනි ටිකක් විතරයි. ලෙමන් පෙත්තක් කපාගෙන එය මතට සීනි ස්වල්පයක් ඉසින්න. දැන් ඒ ලෙමන් පෙත්ත විනාඩි කිහිපයක් තොල් මත සෙමින් අතුල්ලන්න. සතියකට වරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
4. ග්ලිසරින්
තොල් වියලීම නිසාත් තොල් වලට අඳුරු බවක් එක වෙනවා. ග්ලිසරින් කියන්නේ එයට ප්‍රතිකර්මයක්. ග්ලිසරින් ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන වියලි තොල් වල ආලේප කරන්න. රාත්‍රී නින්දට පෙර ආලේප කර උදෑසන ඉවත් කරන්න.
5. නින්දට පෙර make up ඉවත් කරන්න
Make up නිසියාකාරයෙන් ඉවත් නොකිරීම තොල් කළු වීමට වහෙම මුහුණ අවපහ වීමට හා තවත් ගැටළු රැසක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ඔබ දිනපතා Make up භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන් හොඳින් එය ඉවත් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මේ කිව්ව සත්කාර වලින් එකක් කරන්න අමතක කරන්න එපා. ඒ පෝෂණය හා ආරක්ෂාව ඉතා වැදගත් වෙනවා.
මේ සත්කාර වලින් එකක් දෙකක් හෝ සතියකට වරක් try කරල බලන්න. ඒ අතරම ඔබ කරන්න ඕන අනිවාර්ය දෙයක් තියෙනවා. ඒ තමයි වැඩිපුර වතුර පානය කරන එක අපිට තියෙන බොහොමයක් රූපලාවන්‍ය හා සෞඛ්‍යය ගැටලු වලට වතුර කියන්නේ තියෙන හොඳම හා අංක එකේ විසඳුම. ඒ නිසා අනිවාර්යයෙන් වැඩිපුර වතුර බොන්න. සමේ තෙතමනය ආරක්ෂා කරන ගමන්ම සැමට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න වතුර වලට පුළුවන්.