උසින් අඩු මහත ගැහැණු ළමයෙක්ට ගැළපෙනම විලාසිතා මෙන්න

August 2, 2018
31,711
Fashion for a short plus size woman
ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයි තරමක් උසින් අඩුයි වගේම ටිකක් විතර මහතයි. ගොඩක් අය හිතන්නේ සිරුර ටිකක් මහත් වුණාම කිසිම ඇඳුමක් ලස්සනට අඳින්න බෑ කියලා. ඒ වගේම මොන විදිහේ ෆැෂන් එක කරත් ලස්සන නෑ කියලා. එහෙම වෙන්නේ ඔයාට ගැළපෙන ඇඳුමක් තෝරා ගන්න අපහසු වුණාම. ඉතිං අද Hadakari වෙතින් උසින් අඩු ටිකක් මහත ගැහැණු ළමයෙක්ගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනෙන විදිහේ විලාසිතා කිහිපයක් ගැන කතා කරන්න අපි තීරණය කළා. ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

ටී ෂර්ට් එක යට කරලා අඳින්න





ඔයා උසින් අඩු කෙනෙක් නම් ඔයා අඳින ටී ෂර්ට් එක ටිකක් විතර දිග වෙන්න පුළුවන්. මෙවැනි ඇඳුමක් ඇන්දොත් ඔයාගේ උස තව ටිකක් අඩු වෙලා තමයි පේන්නේ. ඉතිං ඔයා උසෙන් අඩුයි නම් ඔයා කැමති නෑනේ තවත් ඔයාගේ උස අඩු වෙලා පේනවට. ඉතිං එකට ඔයාට ගන්න තියෙන හොදම විසඳුම තමයි ඔයාගේ ටී ෂර්ට් එක හෝ බ්ලවුසය සායට හෝ කලිසමට යට කරලා අඳින එක. ඔයා එහෙම අඳිනවා නම් ඔයාගේ සායේ හෝ කලිසමේ සිපර් එක ඇඳුමෙන් වැහෙන්නේ නැතුව තියෙන්න අඳින්න.

කලිසම යටින් නවන්න එපා



ගොඩක් ගැහැණු ළමයි කරන දෙයක් තමයි කලිසම ටිකක් දිග වැඩි වෙනකොට කලිසමේ කකුල යටින් නවන එක. ඔයා නොහිතුවාට මෙයින් සිදු වෙන්නේ ඔයාව තවත් මිටි කරලා පෙනෙන එක. ඒ නිසා ඔයාගේ කලිසම දිග වැඩි නම් දිග වැඩි කොටස කපලා ඔයාගේ උසට සකස් කර ගැනීම තමයි වැදගත්ම දේ. එතකොට ඔයාගේ ස්වභාවික ලස්සන පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයා ඉනේ ප්‍රමාණයට වඩා ලොකු කලිසමක් නම් අඳින්නේ ඒකත් එක්ක ඇඟේ ගානට යට කරපු ටී ෂර්ට් එකක් අඳින්න.

සමමිතික නොවන ඇඳුමක් ඇන්දොත් අඩි උස සෙරෙප්පු දෙකක් දාන්න





සමමිතික නොවන ඇඳුමක් කියලා කියන්නේ ඔයා අඳින ඇඳුම පැත්තකින් දිග වෙලා තවත් පැත්තකින් කොට වෙන්න පුළුවන්. මේ විදිහේ ගවුම් ඕනෑ තරම් ගැහැණු ළමයි අඳිනවා. ඔයා අඳින්නේ මේ විදිහේ අසමමිතික කොට ගවුමක් නම් ටිකක් අඩි උස සෙරෙප්පු දෙකක් දාන්න. මේ විදිහේ ඇඳුමකින් ඔයා උසයි කියලා පේන්න පටන් ගන්නවා.

කොට ගවුමක් නම් බෙල්ට් එකක් දාන්න අමතක කරන්න එපා





ඔයා උසින් අඩු මහත ගැහැණු ළමයෙක් නම්, ඔයා නිතරම ගවුම් අඳිනවා නම් ඔයාට ඔයාගේ මහත අඩු කරලා පෙන්නන්න තියෙන එක් විදියක් තමයි ඔයා අඳින ඇඳුමට බෙල්ට් එකක් පාවිච්චි කරන එක. ඇඟට ලොකුවට තියෙන ඇඳුමක් ඇන්දම ඔයාව තවත් මහතට පේන්න පටන් ගන්නවා. නමුත් ඇගට ලොකු ඇඳුමකට උණත් ඔයාට පුළුවන් නම් බෙල්ට් එකක් දාලා අඳින්න ඒකෙන් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන්.

ඉනේ හැඩය ඉස්මතු වෙලා පෙනෙන සාරියක් හෝ ගවුමක් අඳින්න





ගොඩක් අය කැමති තමන්ගේ ඇගට හිර නැති සැහැල්ලූ ඇඳුමක් අඳින්න. ඒ නිස ඔයා ළඟ තියෙන ඇඳුම්වලින් වැඩි හරිය ඇඟේ හැඩය ඉස්මතු වෙලා පේන්නේ නැති ලිහිල් ඇඳුම් විය හැකියි. ඒ නිසා ඉනේ හැඩය හොඳට පේන සාරියක් හරි ගවුමක් හරි අඳින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයා කොච්චර මහත් වුණත් ඔයාගේ ඉනේ හැඩය ඇඳුමෙන් ඉස්මතු වෙලා පෙනෙනවා.

ඔයාගේ උසට වැඩියෙන් තියෙන කලිසම් අඳින්න එපා



ඔයා අඳින කලිසමෙන් ඔයාගේ කකුල් දෙක සම්පුර්නයෙන්ම වැහෙනවා නම් එයින් සිදු වෙන්නේ ඔයාගේ උස තවත් අඩු වෙලා පේන එක. ඉතිං ඔයා දිගින් වැඩි කලිසමක් ගත්තොත් ඒක ඔයාගේ උසේ ප්‍රමාණයට නැවත සකස් කර ගන්න. කිසිම වේලාවක කලිසමේ දිග වැඩියි කියලා විලුඹට එන තෙක් රැලි කරන්න එපා. නිතරම ඔයා ඔයාගේ විලුඹ පෙනෙන තරමට කලිසම අඳින්න. එයින් ඔයා උස නැති බව ටිකක් අඩු කරලා පෙන්වන්න පුළුවන්.

සිරුරේ ප්‍රමාණයට ඇඳුම් අඳින්න





ඔයා ටී ෂර්ට් එකක් අඳිනවා කියලා හිතන්නකෝ. ඒක ඇඟට ටිකක් ලොකුයි නම් ඔයාට පුළුවන් ඇඟේ ගානට හදා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ෂර්ට් එකේ කර තරමක් පහත් නම් ඔයා ඒක ඔයාගේ ගානට හදා ගන්න. එකෙන් ඔයාව ටිකක් කෙට්ටු කරලා පෙන්නනවා.

ෂර්ට් එකට බ්ලේසර් එකක් පාවිච්චි කරන්න





ඔයා අඳින්නේ ඇඟට තරමක් ලොකු ෂර්ට් එකක් නම් ඔයාට පුළුවන් ෂර්ට් එකට බ්ලේසර් එකක් භාවිත කරන්න. ඔයාගේ ෂර්ට් එක උරහිස් ප්‍රමාණයට වඩා වැඩි වෙන විට ලොකුවට පේනවා. මේ ගැටලුව බ්ලේසර් එකක් ෂර්ට් එකට දැම්මොත් මගහරවා ගන්න පුළුවන්.

අත් දිගට අඳිනවා නම් අත් නවලා අඳින්න





ඔයා උසින් අඩුයි නම් අත් දිගට ෂර්ට් අඳින කොට ඔයාව තව ටිකක් මහතට පේන්න පුළුවන්. ඒ නිසා ඔයා අත් නවලා අඳින්න. ඒ විලාසිතාවෙන් ඔයාව ලස්සනට පේනවා විතරක් නෙමෙයි ඔයාගේ උසත් වැඩි කරලා පෙන්නනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 995 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:43:43 AM
Script:/article/995/fashion-for-a-short-plus-size-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:43:44 AM
Script:/article/995/fashion-for-a-short-plus-size-woman.html