ඔබව නිතරම වෙහෙසට සහ කම්මැලි වීමට මේ හේතු 8 බලපානවා

December 5, 2020
8,485
8 reasons to make you lazy and tired
වර්තමානයේ අපි අවට ලෝකය තුළ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. ඒ අතර, නිමක් නැතිව නිවසේ සිට වැඩ කිරීමට සිදු වීම සහ කොරෝනා වයිරස් වසංගතය තවමත් විශාල වශයෙන් තුරන් වෙලා නොමැති වීම විශේෂයෙන්ම අත් විඳින්න සිද්ධ වෙලා තියන තත්ත්වයන්. ඒ නිසාම බොහෝ අයගේ ජීවිත තාමත් බොහෝ දුරට අක්‍රිය අවධියක පවතින බව‍යි පෙනෙන්න තියෙන්නේ.

දින වෙනස් වෙමින් පැවතුණත් ගොඩක් අයගේ හිතේ අඳුරු කම්පන තවමත් හිර වෙලා තියෙනවා. ඔබටත් එලෙසම දැනෙනවා නම්, අපි ඔබට ඒවායින් මිදෙන්න ක්‍රම ටිකක් අද කියන්නම්. දුක, වෙහෙස, තරහ යනාදි හැඟීම් දැනෙන එක කමක් නැ. ඔබේ ඒ සියලු හැඟීම් සාමාන්‍යයි. කෙසේ වෙතත් කිසියම් ඍණාත්මක හැඟීමක් ඔබ තුළ දිගින් දිගටම පවතිනවා නම් ඒකට යම්කිසි මූලික හේතුවක් තිබෙනවාද කියලා සොයා බැලීමට උත්සාහ කරන්න. ඒ වගේ වෙලාවට දිගින් දිගටම ඔබ කාර්‍යබහුල වෙනවාට වඩා පියවරක් පසුපසට අරගෙන විවේකයක් ගන්න එක වඩාත් සුදුසුයි. හැම වෙලාවකම නිදිමත, වෙහෙස, හැඟීම් වලින් අඳුරු බවක් දැනීම කියන්නේ නම් ඔබේ ශරීරය ගැන වඩාත් ගැඹුරින් සොයා බලන්න කියලා දෙන ඉඟියක් වෙන්නත් පුලුවන්.
ඒ වගේ තත්ත්වයකට හේතු වෙන්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අපි ලැයිස්තුගත කළා. දිගටම කියවන්න.

1. යකඩ නොමැතිකම

ගොඩක් අයට ඉහත අපි කිව්ව ආකාරයේ හැඟීම් දැනෙන්න පොදු හේතුවක් වන්නේ ඔබේ ශරීරයේ යකඩ මට්ටම අඩු වීමයි. ඔබේ යකඩ මට්ටම අඩු වෙලා කියලා දැනෙන අවස්ථාවන් වලදී දිගු වේලාවක් නිදාගත්තත් කමක් නෑ. අඩු යකඩ මට්ටමක් බහුලව දකින්නට ලැබෙන්නේ ගර්භනී කාන්තාවන් තුළ, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන දින තුළ මෙන්ම අධික ලෙස සත්ත්ව ආහාර වලින් තොර අය හෝ සලාද පදනම් කරගත් ආහාර අනුගමනය කරන අය තුළයි.

2. නින්ද නොමැතිකම

ප්‍රමාණවත් නින්දක් නොලැබෙන අයට හෝ රෑට දීර්ඝ වෙලාවක් ඇහැරන් ඉන්න අයට අධික වෙහෙසක් දැනෙනවා. ඒ නිසා ඔබ දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම වැදගත්. ප්‍රමාණවත් ලෙස නිදා නොගැනීම වෙහෙසට පත් කරවන අතර ඒකෙන් ඔබට නිතරම කම්මැලිකම, ඈනුම් යෑම සහ දවස පුරා නිදිමත දැනෙන්න පුලුවන්. මෙය ඔබේ ශරීරයට හා සමට ද අහිතකරයි.

3. මානසික ආතතිය හෝ වෙහෙසකර හැඟීම් දැනීම

ආතතියෙන් හෝ අධික ලෙස මනස වෙහෙසට පත්වීම කියන්නේ තෙහෙට්ටුවට හා ඇඟේ ශක්තියක් නොදැනීමට තවත් හේතුවක්. ඒ නිසා බොහෝ විට කම්මැලිකම හෝ වැඩ වලට ප්‍රමුඛතාවයක් දෙන්න බැරිකම නිසා ඔබේ වගකීම් ගොඩ ගැසීමට හේතු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට ආතතියක් දැනෙනවා. මේ නිසා වැඩි ශක්තියක් භාවිතා කරමින් වැඩ කරන්න ඔබේ මනස ලිහිල් වෙන්නේ නෑ. ඊට පස්සේ ඔබට නිදාගැනීමේ අපහසුතාවයන්ට ද මුහුණ දෙන්න වෙනවා.

4. සෞඛ්‍ය සම්පන්න නොවන හෝ අසමබර ආහාර වේලක්

ඔබ ගන්නා ආහාර ඔබේ ශරීරයටයි බලපාන්නේ. ඇත්ත වශයෙන්ම සෑම වේලාවකම ඔබේ ශරීරයේ සෛල නිරන්තරයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඔබ අනුභව කරන ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය කියන්නේ නැවුම් බවක් හෝ වෙහෙසක් දැනීම අතර වෙනස වෙන්න පුලුවන්.

5. විජලනය වීම

විජලනය වීම නිසා ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරල ප්‍රමාණයක් නොමැති වෙනවා. ඒ හරහා ඊළඟට හිසරදය, කැක්කුම්, කරකැවිල්ල හා ශක්තියක් නොමැති වීම ආදී රෝග ලක්ෂණ ඇති කරනවා. අපේ ශරීරයේ බහුතරයක් කොටස් සෑදිලා තියෙන්නේ ජලයෙනුයි. ඉතින් අපේ පද්ධති වලට ප්‍රමාණවත් තරම් ජලය නොලැබුණොත් ඒක වෙහෙසට පත් වෙන්න තවත් ප්‍රධාන හේතුවක් වෙනවා.

6. වැඩෙන ශරීරය

ඔබේ වයස මත පදනම් වෙමින් ඔබේ ශරීරය තමාත් වැඩෙනවා වෙන්න පුලුවන්; ඒ නිසා ඔබ කලින් භාවිතා කළ ආකාරයට වඩා වැඩ වලට වැඩි ශක්තියක් භාවිතා කරනවා. ඒක ඔබේ වෙහෙසට හේතු වෙනවා.

7. ඕනෑවට වඩා ව්‍යායාම කිරීම

දීර්ඝ වෙලාවක් තිස්සේ ශාරීරික ව්‍යායාම කිරීමෙන් පස්සේ ඔබට ශක්තියක් ඉතිරි නොවන බව ඔබට දැනිලා ඇති. ඒ නිසා ඔබේ ශරීරයේ ශක්ති මට්ටම පවත්වා ගැනීම සඳහා යම් ශක්ති ප්‍රභවයක් (බීම වර්ගයක් ගෝ ආහාරයක්) ළඟ තබා ගන්න.

8. ව්‍යායාම නොකිරීම

ඔබට කම්මැලිකමක් දැනීමට මෙය තවත් හේතුවක්. ව්‍යායාම කිරීමෙන් අපි පරිභෝජනය කරන කැලරි දහනය කරවනවා. ඒකෙන් අපිව ක්‍රියාශීලී වෙනවා හා යෝග්‍යතාවක් ඇති කරනවා. ඒත් කිසිම ව්‍යායාමයක් නොකර සිටීමෙන් ඔබට දවස පුරා නිදිමතක් හා කම්මැලි බවක් දැනෙන්න පුලුවන්.

9. උණුසුම හෝ අසනීප

අධික උණුසුම් හෝ අධික තෙතමනය සහිත පරිසරයක වැඩි කාලයක් ගත කිරීමෙන් ද වෙහෙසකර බවක් ඇති කරනවා. ඒ වගේ පරිසර වලදී ඔබට හිසරදයක් හෝ කරකැවිල්ලක්ද දැනෙන්නට පුළුවන්. ඒ විදිහට ඔබ අසනීප වුණාම ඔබේ ශක්ති මට්ටම පහත වැටෙන අතර, එමඟින් ඔබ වෙහෙසට පත් වෙලා, නිදිමත සහ තාව දුරටත් ශක්තියක් නොමැති බවක් දැනෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවකදී නම් බරපතල ගැටළු ඇති වීම වළක්වා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් විමසන්න.

ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න පුරුදු වෙන්න. එසේම, ඔබව සජලීව තබා ගැනීමට අවශ්‍ය තරම් ජලය පානය කරන්න. නිතිපතා සාමාන්‍ය මට්ටමින් ව්‍යායාම කරමින් ඔබේ මනස සන්සුන්ව හා ආතතියෙන් තොරව තබා ගන්න. මේ වගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු එක්ක ඔබට දවස පුරා නැවුම් හා ක්‍රියාශීලී බවක් දැනෙන අතර වෙහෙසක් දැනෙන්නේත් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1919 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:36 PM
Script:/article/1919/8-reasons-to-make-you-lazy-and-tired.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:36 PM
Script:/article/1919/8-reasons-to-make-you-lazy-and-tired.html