අවශ්‍ය ද්‍රව්‍ය :
මුං ඇට ග්‍රෑම් 500
සහල් ග්‍රෑම් 500
කරදමුංගු ග්‍රෑම් 10
පොල් තෙල් බෝතල් 1
සීනි ග්‍රෑම් 500
පැණි බෝතල් 1/2
පොල් කිරි අඬු කෝප්ප 2
සාදන ක්‍රමය :
1. රැයක් පෙඟවූ සහල්, කොටා පිටි සාදාගන්න.
2. මුං ඇට හොඳින් බැදගෙන කුඩු කරගන්න.
3. සීනි සහ පැණි, වතුර අඬු කෝප්ප 1ක් දමා හොඳින් මිශ්‍රකර ලිප තබා පැණි උණුකර ගන්න.
4. පැණි උණු වූ පසු මුං ඇට පිටි සහ හාල් පිටි දමා ලී හැන්දකින් හැඳිගාමින් මෙම මිශ්‍රණය තම්බාගන්න.
5. දැන් බන්දේසියක් ගෙන එයට සාදාගත් මුං පිටි මිශ්‍රරණය දමා තුනීකර කැමති ප්‍රමාණයට කපාගන්න.
6. හාල් පිටි, පොල් කිරි දමා උකු බැටරයක් සාදාගෙන කපාගත් මුං පිටි කැබැලිවල බැටරය තවරා මුං ඇට කැවුම් රත් වූ පොල් තෙල් වලින් බැදගන්න.