ඔයත් විදුලි බිල අඩු කරගන්න කියලා ශීතකරණය off කරනවද?

April 3, 2018
5,629
Do you turn off your fridge to reduce electricity bill
ගොඩක් දෙනෙක් තමන්ගේ නිවසේ විදුලි බිල අඩු කරගන්න හිතාගෙන රෑට ශීතකරණයේ උෂ්ණත්වය අඩු කරන්න වගේම වසා දමන්නත් පියවර ගන්නවා. ඒත් විවිධ වර්ගයේ ආහාර පාන ශීතකරණය තුළ තිබියදීත් මෙවැනි පියවරක් ගැනීම ඔබේ ශරීර සෞඛ්‍යයට හොඳ ද? නැද්ද? කියලා එක වරක්වත් ඔබ හිතුවද ?ගොඩක් ගෘහණියන් අරපිරිමැස්මෙන් වැඩ කරන්න මේ දේවල් කරනව තමයි.  ඒත් මේවගෙන් වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල මොනවද කියන එක ගැනත් අපි දැනගන්න ඕනේ. අරපිරිමස්මෙන් වැඩ කරන්න ඕන කියල ශීතකරණයේ උෂ්ණත්වය අඩු කලාම, එහෙමත් නැත්තං off කරල දැම්මාම සෞඛ්‍ය පැත්තෙන් ඔබට, ගෙදර අයට වෙන්න පුළුවන් හානිය ගැනත් ඔබ දැනුවත් විය යුතුමයි.

සාමාන්‍යයෙන් අපි ශීතකරණයක් භාවිත කරන්නේ ආහාර පාන කල්තබා ගන්න. ඒ වගේම ආහාරපාන වල නැවුම් බව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව. ඒත් මේක නඩත්තු කරන එක ඇතැම් අයට ප්‍රශ්නයක් .විදුලි බිල ඉහළ යාම තමයි මේකට ප්‍රධානම හේතුව. මේ නිසා ශීතකරණය තුළින් විදුලි බිල ඉහළ යාම අවම කරගන්න ගොඩක් ගෘහණියන් උත්සාහ කරනවා. ඒත් ආහාරපාන තියෙන ශීතකරණයක් නම් එවැනි පියවරක් ගැනීම කොයිතරම් දුරට සෞඛ්‍යාරක්ෂිතයිද කියන එක ගැනත් හිතන්න වෙනවා නේද?

මස්, මාළු, කිරි, බිත්තර වැනි ද්‍රව්‍ය ශීතකරණය තුළ තිබෙනවා නම් ශීතකරණය ක්‍රියාවිරහිත කිරීම කොහෙත්ම සුදුසු නැහැ. එවිට සිදුවන්නේ විවිධ බැක්ටීරියා වලට මේ ආහාර වලට ඇතුළු වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කර දෙන එක. ඒ වගේම වැඩි කාලයක් මේ ආහාර ශීතකරණයක් තුළ තබා ගැනීමත් සුදුසු වෙන්නේ නැහැ. වැඩි කාලයක් ශීතකරණය තුළ මේ ආහාර තබා ගැනීම නිසාත් විවිධ බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්. මස්, මාළු, කිරි  වලට ඉතා ඉක්මනින් බැක්ටීරියා වර්ග ආසාදනය වෙනවා. මේ බැක්ටීරියාවන් මොළයට වඩාත් හානිදායකයි. මොළයේ ස්නායු දුර්වල කිරීමට පවා හේතු වෙනවා. ඒ වගේම ඔබ විවිධ රෝගවලට ගොදුරු වෙන්නත් හේතුවෙනවා.

විශේෂයෙන් බිත්තර සහ අතුරුපස වලට "සැල්මොනෙල්ලා" කියන බැක්ටීරියාව ඉක්මනින් ආසාදනය වෙනවා. උණ, පාචනය, උණ සන්නිපාතය වැනි රෝගී තත්වයන්ට මේ නිසා ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ආහාරයට ගත් දෙයක් ඉතිරි කර නැවත ශීතකරණයක තබන විට එය හොඳින් ආවරණය කිරීම ඉතාම සෞඛ්‍යාරක්ෂිතයි. සුළු මුදලක් ඉතිරි කර ගන්න හිතා ගෙන ඔබ කරන මේ වැරැද්ද නිසා ඇති වන ලෙඩ රෝග ඊට වඩා භයානක වෙන්න පුළුවන්.  සමහර අවස්ථා වල මේ රෝග සුවපත් කරන්න ඊට වඩා වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්.

ඔබ සතියකට පමණ ප්‍රමාණවත් වන විදියට එළවළු හා ආහාරපාන මිලදී ගන්න ගෘහණියක් නම්, විශේෂයෙන් එළවළු හොඳින් සෝදා තෙත සිදෙන්න හැර ඉන් පසුව පත්තර වල ඔතා ශීතකරණයේ ගබඩා කරන්න. කිසිම වෙලාවක පොලිතීන් කවර වල ආහාර ගබඩා කරන්න එපා. විශේෂයෙන් එළවළු හා පලතුරු. එහෙම වුනොත් ආහාර වර්ග ඉක්මනින් තැම්බෙන්න පුළුවන්. එයත් විවිධ බැක්ටීරියා හා අහිතකර තත්ත්වයන් ඇති කරන්න හේතු වෙනවා.

ඒ වගේම අයිස්ක්‍රීම් අතුරුපස වර්ග ශීතකරණයේ තිබියදී ශීතකරණයේ උෂ්ණත්වය අඩු කරන්න එපා. විශේෂයෙන් අයිස්ක්‍රීම් දිය වීම නිසා ඉක්මනින් ඊට බැක්ටීරියාවන් ඇතුළු වෙනවා.  මෙය ඔබත් ඔබේ පවුලේ අයත් විශේෂයෙන් කුඩා දරුවන් රෝගී කරන්න හේතු වෙන්න පුළුවන්.

ඒ වගේම සතියකට වරක්වත් ශීතකරණ පිරිසිදු කරන්න. බඩු දමන රාක්ක, මතුපිට පෘෂ්ඨය, ඒ වගේම දොරේ රබර් ආවරණය වැනි තැන් පිරිසිදු කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ සඳහා විෂබීජ නාශකයක් භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. 

අරපිරිමැස්ම පුරුදු කරන්න ගිහින් ඊට වඩා වැඩි ලෙඩ දාගන්නේ නැතුව හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ඇතුව කරන එක්  බුද්ධිමත් ගෘහනියක්කගේ ලක්ෂණයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 743 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:10 AM
Script:/article/743/do-you-turn-off-your-fridge-to-reduce-electricity-bill.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:10 AM
Script:/article/743/do-you-turn-off-your-fridge-to-reduce-electricity-bill.html