නිදාගන්නේ මෙහෙම නම් ඔයාටත් වෙන්නේ ටික ටික මැරෙන්න

July 6, 2018
8,023
Are you sleeping in the wrong way
නින්ද කියන වචනය ඇහුනත් කට්ටියකට දැනෙන්නේ මාර සනීපයක්. හැබැයි ඉතින් හැමෝටම නම් එහෙම නැහැ. මොකද ගොඩක් අයට නින්ද කියන්නේ ජීවිතේ තියෙන ලොකු බාධාවක්. මේ අය හිතන්නේ නින්ද ඒ අයගේ දියුණුවට බාධාවක් කියලා.

ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්නේ නිදා ගන්න එක අඩු කරලා අනාගතේ වෙනුවෙන් වැඩ කරන එක. හැබැයි ඉතින් ඔයා මේ විදිහට හිතලා නින්ද අඩු කරොත් නම් ඔයාට සතුටින් ජීවත් වෙන්න තරම් අනාගතයක්  ඉතුරු කරගන්න බැරි වෙයි. දන්නවද අපේ නිරෝගී කමට නින්ද ඒ තරම්ම වැදගත්. හරි නින්දක් නොලැබුනොත් අපිට වෙන්නේ ටික ටික මැරෙන්නේ. මොකද රටේ ලෝකේ තියෙන ලෙඩ රෝග ගොඩකට අපිට උරුමකම් කියන්න වෙනවා. ඒ නිසා මොන දේ තිබුනත් දවසකට නිදාගන්න ඕනේ ප්‍රමාණය හැම දවසකම නිදාගන්න බලන්න. නැත්නම් වෙන්නේ පස්සේ ගොඩක් පසුතැවෙන්න. කියවලාම බලන්නකෝ නින්ද අඩු උනාම අපිට වෙන්නේ මොනවද කියලා.

01. මොළයේ ක්‍රියාකාරිත්වයට බරපතල ලෙස බලපෑම් කරනවා

කවුරු කොහොම මොනවා කිවුවත් අපේ ශරීරයේ තියෙන වැදගත්ම කොටස තමයි මොළය. ඒක හරියට වැඩ කරේ නැත්නම් අනිත් ඔක්කොම ඉවරයි. අපි ඇහැරලා ඉන්න හැම වෙලාවකම වෙන්නේ මොනවා හරි කාර්යක් වෙනුවෙන් අපේ මොලය වෙහෙසෙන එක. අපි නිදාගත්තට පස්සේ තමයි මොලය එයාගේ බාහිර වැඩ ටික පැත්තකින් තියලා එයාගේ වැඩ ටික කරගන්නේ. ඉතින් අපිට ප්‍රමාණවත් නින්දක් ලැබුනේ නැත්නම්  මොලයට එයාගේ අලුත් වැඩියා කටයුතු ටික හරියට කරගන්න බැරුව යනවා නිතරම මොලය වෙහෙසෙන එක තමයි වෙන්නේ. මේ නිසා මොලය එන්න එන්නම දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ සිතීමේ ශක්තිය, මතකය, නිවැරදි තීරණ ගැනීම, අවධානය වගේ ගොඩක් දේවල් වල ප්‍රශ්න ඇති වෙනවා.  අන්තිමට මේ තත්වය කෙලවර වෙන්නේ මානසික රෝගයක් තරමටම දුරදිග ගිහින්.

02. හදවත් රෝග ඇති වෙනවා

නිරෝගී හදවතක් ලබාගන්න නම් අපිට හොඳ නින්දක් අනිවාර්යෙන් අවශ්‍යයි. ප්‍රමාණවත් නින්දක් දිනකට නොලැබීම 48% කින් හදවත් රෝග වර්ධනය වීමට හේතුවක්. ඒ වගේම හදිසියේ ඇතිවෙන හර්දයබාධ වලටත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවක්.

03. අදික රුධිර පීඩනය ඇති කරනවා

නින්ද අඩු වෙන්න වෙන්න අපේ මානසික පීඩනයත් වැඩි වෙනවා. මේ නිසා ශරීරය තුල රුධිර පීඩනය වැඩි වෙනවා. මේ තත්වය ඇත්තටම ටිකෙන් ටික ඔබව මරණයට ලං කිරීමක්. විශේෂයෙන් දැනටමත් අධික රුධිර පීඩනය තියෙන අය විශේෂයෙන් අනිවාර්යෙන්ම දිනකට ප්‍රමාණවත් නින්දක් ලබාගත් යුතුයි.

04. අංශභාගය ඇතිවෙනවා

අපි කලින්ම කිවුවනේ අඩු නින්ද ප්‍රබලවම මොලයේ ක්‍රියාකාරිත්වයට බලපානවා කියලා . අපි නින්දේ ඉන්නකොට මොලය මුළු රැය පුරාවටම කරන්නේ මොලයේ අලුත් වැඩියා කටයුතු ටික කරගන්න එක. නින්දක් හරියට ලැබෙන්නේ නැහැ කියන්නේ අපේ මොලය එන්න එන්නම් දුර්වල වෙනවා. මේ නිසා මොලයේ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය වෙලා අංශභාගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

05. ලිංගික බෙලහිනතාවය ඇතිකරනවා

මේක කායිකව වගේම මානසිකවත් සිද්ධ වෙන දෙයක්. අඩු නින්ද මොලය හරහා මුළු සිරුරටම බලපෑම් කරනවා. මේ නිසා ලිංගික කටයුතු වලට ඇති හැකියාව අඩු වෙනවා. ඒ වගේම නින්ද නොමැති කම නිසා ඇතිවෙන තෙහෙට්ටු බව ලිංගික ක්‍රියාකාරකම වලට අපේ තියෙන අසාවත් අඩු කරනවා.

06. ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා

machine එකකට උනත් හරියට වැඩ කරන්න නම් පොඩි විවේකයක් දෙන්න වෙනවා. අපේ ශරීරයටත් එහෙමයි. නින්ද කියන්නේ අපි අපේ සිරුරට ලබාදෙන විවේකය. ඉතින් ඒ විවේකය හරියට ලැබුනේ නැත්නම් අපේ ශරීරයේ ගොඩක් දේවල් නිසි ආකාරව ක්‍රියාත්මක වෙන එක නතර වෙනවා. ඒ වගේ නින්ද අඩුවීම නිසා අඩපන වෙන දෙයක් තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය. මේ නිසා ලොකු ලොකු ලෙඩ රෝග වලට වගේම පොඩි පොඩි ලෙඩ රෝග වලටත් අපේ ශරීරය ඔරොත්තු දෙන්නේ නැතුව යනවා. ඒ නිසා හැමදාම ජිවත් වෙන්න වෙන්නේ නිතරම හැදෙන හොඳ කරගන්න බැරි ලෙඩ ගොඩක් එක්ක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 922 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:17 AM
Script:/article/922/are-you-sleeping-in-the-wrong-way.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:17 AM
Script:/article/922/are-you-sleeping-in-the-wrong-way.html