කුරුලෑ ඇති වෙන්න පෙර වළක්වා ගන්න

April 8, 2018
13,884
Precautions to prevent acne or pimple
කුරුලෑ කියන්නනේ ගොඩාක් වෙලාවට කාන්තා පාර්ශවයටම හරිම හිසරදයක් වුනු දෙයක්. දෙපාර්ශවයේම මුහුණේ සුන්දරත්වයට, පෙනුමට බාධා කරන්නක්. මේකෙන් ගැලවෙන්න මොන දේ කලත් සමහර අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කුරුලෑ වලට කරන්න තියෙන හැම බෙහෙතම කරලා, ගාන්න තියෙන හැම ක්‍රීම් එකම, සබන් එකම ගාලා ඉන්න අයට වැදගත් වෙන ලිපියක් තමයි මේ. කුරුලෑ ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුව සහ ඇති වෙන්න පෙර වලක්වා ගන්න මොනවද කරන්න ඕන කියලා දැන ගත්තොත් කරදරයක් නැතිව කුරුලෑ කරදරෙන් ගැලවෙන්න පුළුවන්.

කුරුලෑ අවම කර ගන්න නම් ඔයා මුලින්ම කර ගන්න ඕන පිරිසිදුකම ආරක්ෂා කර ගන්න එක. පාවිච්චි කරන කොට්ට උර, ඇඳ ඇතිරිලි දවස් හතරකට පහකට වරක් මාරු කරන්න පුළුවන්නම් කුරුලෑ ඇතිකරන බැක්ටීරියාකාරක රැසක් අපට නොදැනීම ඉවත් වෙනවා. ඒ වගේම මුහුණ පිසදමන්න වෙනම පොඩි තුවායක් පාවිච්චි කරන්න. දින දෙකකට වරක් වත් එය සෝදා පිරිසිදු කර වියළිව තබා ගන්න. පිරිසිදුකම නැති වුනොත් තමයි කුරුලෑ ඇති වෙන්නේ.

ඒ වගේම තමයි හැම වෙලාවෙම මූණ අල්ලන එක, අතගාන එකත් කුරුලෑ එන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. අතේ තියන තෙල් ගතිය මුහුණේ තැවරීම නිසාත්, විෂබීජ මුහුණේ ඇති සියුම් සිදුරු තුලට කා වැදීම නිසා තමයි මෙහෙම වෙන්නේ. හැකි තරම් අත් වලින් මුහුණ ඈත් කරලා තියන තරමට කුරුලෑ අඩු වේවි.

ඔබ දිගු කෙස්කළඹක් හිමි අයෙක්නම් නිදා ගන්නා විට කොණ්ඩය මුහුණට නොවැටෙන ලෙස ගෙතීමට හෝ විසිරෙන්නේ නැති විදිහට බඳින්න පුරුදු වෙන්න. කොණ්ඩය, මුහුණට වැටීම නිසා කුරුලෑ කාරක මුහුණේ හට ගන්න තියන ඉඩ වැඩිවෙනවා.

ඒ වගේම හිස්හොරි කියන්නෙත් කුරුලෑ ඇති කරන්න හේතු වෙන තවත් හේතුවක්. ඒ නිසා මුලින්ම හිස්හොරි කරදරෙන් නිදහස් වෙන්න.

ඒ වගේම තමයි මානසික ආතතිය වැඩි වීමත් කුරුලෑ වලට හේතුවක් වෙනවා. මනසට අවශ්‍යය විවේකය නොලැබුනොතින් ඒක ඔබේ පෙනුමටත් බලපානවා. විවේකය හා මානසික ඒකාග්‍රතාවයක් නැතිනම් මුහුණේ ලස්සන ඇති කර ගන්න එක ටිකක් අමාරුයි. ලස්සනට ඉන්න කැමතිනම් විවේකය කියන සාධකය අනිවාර්ය දෙයක්.

නොකඩවා නිදි වැරීම කියන්නෙත් කුරුලෑ ඇති වීමට බලපාන තවත් හේතුවක්. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් ගොඩාක් වැදගත්.

මේ දේ අදාළ වෙන්නේ කාන්තාවන්ට විතරයි. කාන්තාවන් භාවිතා කරන උපත් පාලන ඖෂධ වර්ග මගින් සිරුරේ හෝර්මෝන යම්තාක් දුරට වෙනස් වීමක් සිදු කරනවා මේ නිසාත් සමහර වෙලාවට කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් දැනුවත් වෙන එක වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 754 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:51:32 AM
Script:/article/754/precautions-to-prevent-acne-or-pimple.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:51:33 AM
Script:/article/754/precautions-to-prevent-acne-or-pimple.html