දෙමව්පියන් වශයෙන් දරුවාට අනිවාර්යයෙන් පුහුණු කළ යුතු පුරුදු

December 31, 2018
11,832
Skills that parents should teach children when they are young
දරුවන්ට හැම අතින්ම ආදරය කරන දෙමව්පියන්, කවදාවත් දරුවන්ට නොමගට යන්න දෙන්නේ නැහැ. එහෙත් දරුවන්ට ඔබ සැබැවින්ම ආදරේ නම් ඔවුන්ට නිදහස සහ වගකීම් කියන දෙක අනිවාර්යයෙන්ම දෙන්න. ඔයාගේ දරුවටත් පොඩි කාලයේදීම තනි පුද්ගලයෙක් විදිහට හිතන්න තීරණ ගන්න පුරුදු කරන්න. අද හැඩකාරි අපි ඔයාට දෙමව්පියන්ට විදිහට දරුවාගේ අනාගතය ගැන හිතලා, අනිවාර්යයෙන්ම පුහුණු කළ යුතු පුරුදු කිහිපයක් ගැන කතා කරන්නයි යන්නේ.

මුදලේ වටිනාකම 

දෙමව්පියන් විදිහට තම දරුවාට මුදලේ වටිනාකම අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ. මුදල් අද ඔයා ළඟ තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. ඉතින් මුදල් කියන දේ පරිහරණය කරන විදිහ දරුවන්ටත් පුරුදු කරන්න. ඒ විතරක් නෙමෙයි දරුවන් අම්මා තාත්තාව ආදර්ශයට අරන් තමා ජීවිතය ගොඩනගා ගන්නේ. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවට ආදර්ශවත් විදිහට මුදල් පරිහරණය කන්න ඕනේ. දරුවාව කඩේට එක්කන් ගියාම, දරුවා ඕනේ කියන හැම දේම අරන් දෙනවා නම් දරුවට මුදලේ වටිනකා හඳුන ගන්න බැරි වෙනවා. ඒ වගේම මහන්සියක් නැතිව ඔවුනට ලැබෙන දේවල් වල වටිනාකම ඔවුන් හඳුනා ගන්නේ නෑ. දැරුවාට පොඩි කාලයේ ඉඳලාම මුදල් භාවිතා කරන හැටි කියලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්.

ගෙදර වැඩ පුරුදු කරන්න

අද සමාජයේ හුඟාක් දෙමව්පියන් කරන ලොකු වැරැද්දක් තමයි දරුවන්ගෙන් ගෙදර දොරේ කිසිම වැඩක් ගන්නේ නැති එක. අඩුම තරමේ කාපු කෑම පිඟානවත් හෝදන්න කියලා කියන්නේ නැහැ. ඉතින් මේ හැම වැරැද්දක්ම කරන්නේ දෙමව්පියන්. පොඩි කාලයේදීම දරුවාව ස්වාධීන පුද්ගලයෙක් කරන්න. කුඩා කාලයේ සිටම දරුවාගෙන් ගෙදර දොරේ වැඩ වලට පොඩි පොඩි උදව් ලබා ගන්න. පිඟාන කෝප්පය සේදීමට, අතු ගෑමට, කුස්සිය පිරිසිදු කරන්න, ඇඳ අස් කරන්න, ගත්ත බඩුව ආයෙත් ඒ තැනම තියන්න කියන දේවල් අද ඉඳන්ම දරුවට කරන්න දෙන්න.
 
නිවසට අවශ්‍ය බඩු තේරීමට

ඔයා බඩු ගන්න යන පුළුවන් හැම අවස්ථාවකම දරුවත් ඔයත් එක්ක එක්කරගෙන යන්න. ඔහු පොඩියි ඔහුට මේවා ගැන තේරුමක් නැහැ කියලා හිතන්න එපා. සමහර වෙලාවට ඔයාට වඩා ලොකු දැනුමක් පොඩි දරුවට තියෙන්න පුළුවන්. හැම මොහොතකම බඩු තෝර ගන්නත් දරුවාගෙන් උදව් ලබා ගන්න. ගෙදරට අවශ්‍ය කරන බඩු ගැන දරුවත් එක්ක කතා කරන්න. කෑමක් සැදීමට යන අවස්ථාවකදී පවා උදව් ලබා ගන්න. හැම දෙයකටම සීමාවක් ඇතිව බඩු තෝරා ගැනීමට පුරුදු කරන්න. මුදල්වල වටිනාකම තේරුම් ගැනීමට ඉඩ සලස්වන්න.
 
දරාගන්න කියලා දෙන්න

අම්මා කෙනෙක් විදිහට ඔයා නම් මේ දේට හුඟාක් කැමති වේවි. පුංචි තුවාලයක් වුණාම අඬාගෙන අම්මා ළඟට දුවගෙන එන දරුවෙක් වෙනුවට, තනියම ප්ලාස්ටරයක් දාගෙන හිනා වේවි ඔයා ළඟට එන දරුවෙක්ව බිහි කිරීමේ වගකීමත් දෙමව්පියන් සතුයි. අනතුරක් උනාම කලබල නොවී එයට ප්‍රතිකර්ම කරන විදිහ, බෙහෙත් පෙට්ටියේ ඇති බෙහෙත් පාවිච්චි කරන විදිහ දරුවට කියල දෙන්න. නොසිතූ වෙලාවක හෝ කවුරුවත් ළඟ නැති වෙලාවක දරුවාට අනතුරක් වුණොත් ඒ අවස්ථාවට මුහුණ දීමට හැකි වන සේ දරුවාව පුහුණු කරන්න. හදිසි වෛද්‍ය උපකාරක අංක මතක තබා ගැනීමට දරුවාට පුරුදු කරන්න.

මේ දේවල් ඔයා ඔයාගේ දරුවට පුරුදු කරොත් ඔයාගේ ජීවිතයත්, දරුවාගේ ජීවිතයේ අදත් හෙටත් ලස්සන කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1215 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:25 AM
Script:/article/1215/skills-that-parents-should-teach-children-when-they-are-young.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:25 AM
Script:/article/1215/skills-that-parents-should-teach-children-when-they-are-young.html