ගමනක් ගිහින් ආපු හැටියේ ඇඳුම් ගලවන්න

March 30, 2017
8,702
Do you have wash when you get home?
ඔබ පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර හැමෝගෙම වගකීම් කරට අරගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. කොහොම වුනත් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැන නිරන්තර අවධානයෙන් ඉන්න එක ගෙදර හැමෝගෙම ඇඟට ගුණයි.

දවස පුරාම වැඩ කරලා ඉක්මනට ගෙදර ඇවිත් ඔබ මුලින්ම කරන්නේ මොකක්ද?
පුංචි පැටියාව හුරතල් කරනවා ද?
තේ එකක් හදාගෙන බොනවද?
කෙලින්ම ගිහින් ඇඳට පනිනවද?
ඇඳුම් ගලෝලා වොෂ් එකක් දාගන්නවද ?

ගොඩාක් වෙලාවට දවස තිස්සෙම මහන්සි වෙලා ගෙදර ආපු නිසා කෙලින්ම වොෂ් එකක් දාගන්නවා වෙනුවට ඔබ වෙන වෙන වැඩ කරනවා ඇති. හැබැයි ඒ දේ ගොඩාක් වැරදියි. අපි ගෙදරින් පිටවෙලා යනවා කියන්නේ විෂබීජ ගොඩාක් එක්ක ඉන්නවා කියන එකයි. ඉතින් ඒ විෂබීජ ගොඩත් එක්ක ගෙදර ඇඳ, පුටු, මේස භාවිතා කරන එක හොඳ නෑ. එතකොට ඒ දේවලුත් අපේ ශරීර තරම්ම අපිරිසිඳු වෙනවා.

අපි කොච්චර ඇඟ සෝදලා පිරිසිඳුව හිටියත්, අපේ ශරීරය හැම වෙලේම අපිරිසිඳු වෙනවා. දවසකට අපේ මුළු ශරීරයෙන්ම මැරුණු සම සෛල මිලියන 500ක් විතර ඉවත්වෙනවා. සමෙන් නිකුත් කරන දහදිය, එන්සයිම වර්ග වගේ දේවල් අපි දවස පුරාම ඇඳගෙන හිටපු ඇඳුම් වල රැඳෙනවා. ඉතින් ඒ ඇඳුම් හැකි ඉක්මනින් ගලවලා ඉවත් කරන එක තමයි හොඳම.

සමහර බැක්ටීරියා, විෂබීජ වලට ඇඳුම් මත සතියක්, මාසයක් ඊටත් වඩා කාලයක් වුනත් ජිවත් වෙන්න පුළුවන්. කඩේ තියෙන අලුත් ඇඳුම් වලත් අපිට හිතා ගන්න බැරි තරම් විෂ බැක්ටීරියා වර්ග ජිවත් වෙනවා. ඉතින් හිතන්නකෝ දවස පුරා ඇඳගෙන හිටපු ඇඳුම් වල කොයි තරම් නම් විෂබීජ ගොඩක් ඇද්ද කියලා?

දවස පුරා කිළුටු වුන ඇඳුම් තවදුරටත් ඇඳගෙන ඉන්නකොට සමේ රෝග වලට හේතුවක් බව ඔබ දැනගෙන හිටයාද? පිට මත ඇතිවන කුරුලෑ, සම අනවශ්ය ලෙස කැසීමකට ලක්වීම වගේ දේවල් සිද්ද වෙනවා එකම ඇඳුම එක දිගට ඇඳගෙන ඉන්නකොට.

ඉතින් වැඩ ඇරිලා ගෙදර ආපු හැටියේම වෙන කිසිම දෙයක් ගැන හිතන්නෙවත් නැතුව ඉක්මනටම ගිහින් ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා, ඇඟ සෝදලා, පිරිසිඳු වෙන්න. ඒක ඔබේ සෞඛ්‍යයට වගේම ඔබේ පුංචි සිඟිත්තාගේ ගෙදර අනිත් අයගේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත්.

කොහොමත් ගලවන්න ඉන්න කිලිටි ඇඳුම ගලවන්න පරක්කු කරන්න ඕනේ නෑනේ... නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 169 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:48 AM
Script:/article/169/do-you-have-wash-when-you-get-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:49 AM
Script:/article/169/do-you-have-wash-when-you-get-home.html