එදිනෙදා ජීවිතයේදි අපට නොයෙකුත් පුද්ගලයන් සමග කටයුතු කිරීමට සිදුවන අතර සමහර පුද්ගලයන් සමග කටයුතු කිරීම ඉතාමත් පහසු වුවත් ඇතැම් පුද්ගලයන් සමග කටයුතු කිරීම ඉතාමත් සංකීර්ණයි සහ අපහසුයි.. රැකියා ස්ථානයේදි, අධ්‍යාපනය ලබන ස්ථානයේදි එසේ නැතිනම් නෑදෑයන් අසල්වැසියන් වැනි ඕනෑම ස්ථරයකදී ඔබට මෙවැනි පුද්ගලයන් හමුවනවා.. ඇතැම් විට ඔබගේ පවුල තුලත් නැතිනම් ඔබගේ ස්වාමිපුරුෂයාගේ පාර්ශවයේ හෝ මෙවැනි පුද්ගලයන් ඔබට හමුවනවා ඇති.
ඇත්තටම මෙවැනි පුද්ගලයන් සමග හිතකර සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ කෙසේද.. ඔබටත් ගැටළුවක් ඇති.. මේ කරුණු 20 ඔබට ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ගැටළු ඇති නොකරගෙන ඉදිරියට යන්න උදවු වේවි..
1. ඔබ නොසන්සුන් වූ විට ගැඹුරින් හුස්ම ගන්න
ඔබට කටයුතු කිරීමට අසිරු පුද්ගලයා සමග ගැටුම්කාරි තත්ත්වයක් හෝ උණුසුම් වාදයක් ඇතිවීමේ ලක්ෂණ පෙනේ නම් වහාම එම අවස්ථාව මගහැර මදක් නිස්කලංක ස්ථානයකට ගොස් හොඳින් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් එය පිටකරන්න.. මෙය කිහිප වරක් සිදු කර ඔබ සන්සුන් වූ පසු නැවතත් එම පුද්ගලයාට මුහුණ දෙන්න.
2. ඔවුන් වෙනස්වනු ඇතැයි අපේක්ෂා නොකරන්න
ඔබට කටයුතු කිරීමට අසීරු පුද්ගලයා ඔබ කලක සිට දන්නවා නම් හදිසියේ ඔහුගේ හෝ ඇයගේ ගති ලක්ෂණයන් වෙනස් වනු ඇතැයි අපේක්ෂා නොකරන්න. උදාහරනයක් ලෙස ඔබගේ මිතුරා දන්න දා සිට වෙලාවට වැඩ කිරීමට පුරුදු වූවෙක් නොවේ නම් ඔහු හෝ ඇය මුණ ගැසීමට පැමිණෙනවා යැයි කියූ වෙලාවට පැයකට පසුව පැමිණෙනවා නම් දැන් එය හදිසියේ වෙනස් වේයැයි නොසිතා ඔබ ඒ වේලාව ඵ්ලදායි කටයුත්තකට වෙන්කරන්න.. ඔබට සතුටට පත් කරන පොතක් කියවීමට හෝ ගීතයකට සවන් දීමට එම වේලාව වෙන්කරන්න. ඔබේ ඇදයක්ම හොයන කෙනෙක් නම්, ඔවුන්ගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ හරි දේ කරන්න. ඔවුන්ගේ අදහස් වලින් සිත රිද්දා ගන්න එපා.
3. ඇහුම්කන් දෙන්න
ඔබට ඇතැම් විට ඔබට එම සංකීර්ණ සහ කටයුතු කිරීමට අසීරු පුද්ගලයා වෙනුවෙන් කිරීමට කිසිම දෙයක් නොවූවත් ඇහුම්කන් දීම පමණක් කල හැකියි.. බොහෝවිට ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබගෙන් උපදෙස් නොව ඔවුන්ගේ දුක්ගැනවිලි හෝ මැසිවිලි සඳහා ඇහුන්කම් දීම පමණක් විය හැකියි.
4. සෑමවිටම ඔවුන් වෙත ලබාදෙන කාලය සීමා කරන්න
ඔබට කටයුතු කිරීමට අපහසු අසීරු පුද්ගලයන් සමග ඔබට අනිවාර්‍යෙන්ම සම්බන්ධ වීමට සිදුවනවා නම් එම කාලවේලාව හැකිතාල් කෙටි වේලාවක් බවට සීමාකරන්න.. ඔබව නොසන්සුන් හෝ කෝපයට, අපහසුතාවයට පත්වීමට ඉඩනොදී හැකිතාක් ප්‍රසන්න ලීලාවෙන් එයට මුහුන දෙන්න.
5. ඔබව පරික්ෂාවට ලක්කරන්න, අනතුරු අඟවන්න
ඇතැම් කටයුතු කිරීමට අපහසු පුද්ගලයන් සමග කටයුතු කිරීමේදි නොදැනුවත්වම ඔබ කෝපයට හෝ නොසන්සුන්තාවයට පත්විය හැකියි. එමනිසා කල්පනාවෙන් සිටින්න. ඔබට මදක් එම ස්ථානයෙන් පිටතට යාමට හෝ ගැඹුරු හුස්මක් ගැනීමට අවශ්‍යදැයි සිතා බලන්න. නැතිනම් එම පුද්ගලයාගෙන් ඈත්වීමට ගත හැකි පියවර කුමක්දැයි කල්පනා කරන්න.
6. පියවරක් පසුපසට ගත යුතු නම් එය කරන්න
ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ ගැටළුව ඔබේ ගැටළුව බවට පත් කිරීමට ඉතාමත් දක්ශයි. එමනිසා ඔබ අවස්ථානූකූලව කටයුතු කලයුතුයි. ඔවුන්ගෙන් මදකට හෝ ඈත් වී සිටීම ණුවනට හුරුයි.
7. සෑමවිටම විසඳුම කෙරෙහි අවධානයෙන් සිටින්න
ඇතැම් අසීරු පුද්ගලයන් ඔවුන්ගේ ගැටළුවට විසඳුම අතමානයේ තිබිය දීත් එය ඔබගෙන් බලාපොරොත්තු වනවා විය හැකියි.. උදාහරණයක් ලෙස ඔබගේ නැන්දණියගේ නිවසේ නාන කාමරයේ ජල කරාමය කැඩී ඇතිවිට ඇයට ජල නල කාර්මිකයා සම්බන්ධ කරගැනීමට හැකියාව තිබියදීත් ඔබට මැසිවිලි නගනවා නම් ඔබ කලබලයට පත් නොවී එම අවස්ථාවට ධනාත්මකව මුහුණ දිය යුතුයි. ඇයට ජලනළ කාර්මිකයකු සොයා දි ඔබට පාඩුවේ සිටිය හැකියි. සෑමවිටම එවැනි අසීරු පුද්ගලයන් සමග කටයුතු කරන විට දිය හැකි සරළම විසඳුම ලබාදෙන්න. ඉන්පසු එය අමතක කරන්න.
8. සමාව ඉල්ලිමෙන් වළකින්න
බොහෝ කටයුතු කිරීමට අපහසු පුද්ගලයන් ඔවුන්ගේ වරද අන් අය පිට පැටවීමට ඉතාමත් දක්ෂ වන අතර ඔබට ඔබ නොකල වැරදි සඳහා සමාව අයදීමට නොයෙක් වර සිදුව ඇති. එමනිසා සමාව අයදින විට සැලකිලිමත් වන්න.
9. ඔබ ගැන සිතන්න
ඇතැම් විට ඔබගේ දවසින් වැඩි කාලයක් අසීරු පුද්ගලයකු සමග ගත කිරීමට ඔබට සිදුව ඇති.. එසේනම් දවස අවසානයේ ඔබ මානසිකව පීඩාවට පත්ව ඇති.. ඔබ ඔබගේ මානසික සුවය ගැන සිතා කටයුතු කල යුතුයි. ව්‍යායාමයක යෙදීම හෝ ඇවිදීම හෝ මෘදු සංගීතයට සවන් දීම වැනි ඔබට සහනයක් අත්වන ක්‍රියාවක නිරත වන්න.
10. ඔබට විශ්වාස කලහැකි පුද්ගලයකු සමග අදහස් බෙදා ගන්න
දිගින් දිගටම දුෂ්කර පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කිරීමෙන් පසු සිත ඒකාග්‍ර කරගැනීම, සිත සන්සුන් කරගැනීම ඉතා අපහසු කාර්යයක්. ඇතැම් විට ඔබට ඔබගේ හදවතේ ඇති හැඟීම් තව අයකු හා බෙදා ගැනීමට අවශ්‍ය විය හැකියි.. එසේනම් ඔබට ඇහුම්කන් දෙන විශ්වාසී පුද්ගලයකු හා ඔබේ හැඟීම් බෙදාගන්න.
11. අතිශය පෞද්ගලික දෑ අසීරු පුද්ගලයන් වෙත හෙළි නොකරන්න
ඔබගේ අතිශය පෞද්ගලික තොරතුරු ඔබට විශ්වාස කිරීමට සහ කටයුතු කිරීමට අපහසු මිතුරන් සමග බෙදා ගැනීම ඇතැම් විට ඔබට අහිතකර ලෙස බලපෑමට සහ අපහසුතාවයට පත් වීමට ඉඩ ඇති බැවින් සීමාවකින් යුතුව ඔබගේ පෞද්ගලික තොරතුරු බෙදාගත යුතුයි.
12. ඔබව සතුටට පත් කරන දෑ කෙරෙහි අවධානය යොමුකරන්න
කටයුතු කිරීමට ඉතා අපහසු පුද්ගලයන් සමග අනවශ්‍ය වාද විවාදයන් සඳහා පැටලෙනවාට වඩා ඔබ ප්‍රියකරන මාතෘකාවක් සම්බන්ධයෙන් හෝ ඔබට අදහස් ප්‍රකාශ කල හැකි ඔබ දන්නා දෙයක් සම්බන්ධව කතා බස් කරන්න.. ඔබ නොදන්නා ඔබ අකමැති හෝ අප්‍රිය මාතෘකා මගහැර සිටින්න.
13. සමාජ මාධ්‍ය හෝ අන්තරජාලය සඳහා සීමා තබාගන්න
ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ සියළුම කටයුතු නිමා කර මහ රෑ ඔවුන්ගේ ගැටළු ඊමේල් කිරීමට හෝ වට්ස් ඇප් කිරීමට පුරුදු වී සිටින අතර වේලාව කීය වුවත් ඔබ ඒවාට පිළිතුරු යැවිය යුතුයැයි බලාපොරොත්තු වනවා.. එමනිසා එවැනි දෑ මගින් ඔබට බාධා සිදුවනවා නම් එවැනි දෑ මගහැර සිටීම වඩාත් සුදුසුයි. සමාජ මාධ්‍ය හෝ අන්තරජාලය සඳහා සීමා තබාගන්න. වක්‍රාකාරයෙන් හෝ ඍජුවම ඔබ රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය හෝ අන්තරජාලය භාවිතය සීමාකරන වේලාව දැනුම් දෙන්න.
14. එකග වීමෙන් වළකින්න
ධනාත්මක, නම්‍යශීලී හා අනුගත වීම වැනි චරිත ලක්ෂණ පිළිබඳව ඔබ සතුටට පත් වුනත් ඇතැම් පුද්ගලයන් ඔබගේ ඒ ලක්ෂණයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට හෝ ඒවා අවභාවිත කිරීමට උත්සාහ ගැනීමට ඉඩ තිබෙනවා. එමනිසා එවැනි පුද්ගලයන් පවසන ඕනෑම දෙයකට එකඟ වනවා වෙනුවට ඔබට ඒ සඳහා සිතා බැලීමට යම් කාලයක් අවශ්‍ය බව පවසන්න.
15. ඔවුන්ගේ ගැටළු ඔබේ ගැටළු බවට පත් කරගන්න එපා
බොහෝ විට අප අන් අයගේ ගැටළු අපේ කරගන්නා අතර ඒවාට විසදුම් සෙවීමට අනේක විධ උත්සාහයන් ගනු ලබන අතරම අවසානයේ එය අපට මානසික පීඩාවක් බවට පත් වනවා.. එමනිසා ඔබගේ අසීරු මිතුරා හෝ සගයා පවසන දෑ සඳහා අනුකම්පා කිරීම පමණක් කරන්න.. එම ගැටළු සඳහා විසඳුම් සෙවීමට මහන්සි නොවන්න.
16. ඔබගේ සිරැරෙන් පැවසෙන දෑ (BODY LANGUAGE) අවබෝධ කරගන්න
ඔබ දවසින් වැඩි කාලයල් ඔබට කටයුතු කිරීමට අපහසු පුද්ගලයකු සමග ගත කරනවා නම් ඔබගේ සිරැරෙන් පළවන ලක්ෂන පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබගේ දෑත් මිට මෙලවීද..? එසේ නොමැති නම් ඔබගේ බෙල්ල තදව ඇති ස්වභාවයක් දැනෙනවාද..? නැතිනම් ඔබ ඉක්මනින් හුස්ම ඉහල පහල යවන නොසන්සුන්කාරි ස්වභාවයක් දැකිය හැකිද..? එසේ නම් ඔබ මද විවේකයක් ගෙන ගැඹුරු හුස්මක් ගෙන ඔබගේ මනස සන්සුන් කරගත යුතුයි.
17. ඔබගේ සහජ බුද්ධිය (ඉව) පිළිබදව විශ්වාස කරන්න
ඇතැම් පුද්ගලයන් සමග කටයුතු කිරීමේදි සහජ් බුද්ධිය අනුව අපට තේරෙන දේ විශ්වාස කර කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු මගහරවා ගත හැකියි. එමනිසා ඇතැම් අසීරු පුද්ගලයන් සමග කටයුතු කිරීමේදි එය අනිවාර්‍යෙන් උපයෝගි කොටගත යුතුයි.
18. ඔබටම ශක්තියක් වන්න
ඔබ අසීරු පුද්ගලයන් සමග කටයුතු කර පැමිණි වහාම ඔබවම අගය කරගන්න.. එම පුද්ගලයාට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් ඔබටම ස්තුති කරන්න. එවිට ඔබට ඉදිරියටත් මෙවැනි පුද්ගලයන් සමග කටයුතු කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය වර්ධනය කරගත හැකියි.
19. විශේෂයක් නොමැති සරළ මාතෘකා තෝරාගන්න
ඔබට කටයුතු කිරීමට අසීරු පුද්ගලයන් සමග අනවශ්‍ය වාද විවාදයන්ට පැටළීමෙන් තොරව ඔවුන් සමග කතාබස් කරන විට සරළ, එතරම් විශේෂත්වයක් නොමැති මාතෘකා තෝරාගන්න. උදාහරණයක් ලෙස මේ සති අන්තයේ ඔබ කළේ කුමක්දැයි ඔබෙන් අසන විට, ඔබ රූපවාහිනියේ බැලූ දෙයක් ගැන හෝ කාලගුණය කෙතරම් සිසිල්ද යන්න ගැන කතා කරන්න.. ඔබට එය නීරස යැයි හැඟුණත් එය එවැනි පුද්ගලයන් සමග කටයුතු කිරීමට වඩාත් සුදුසු පියවරකි.
20. ඉතාමත් අසීරු නම් එම පුද්ගලයා ඔබගේ ජීවිතයෙන් ඈත් කරන්න
ඔබ ඉහත සියළු පියවරයන් උත්සාහ කර අසාර්ථක වූවා යැයි හැඟෙනවා නම් සහ ඔබට තවත් ඔහුට හෝ ඇයට දීමට කාලය නොමැතිනම් ඔවුන් ඔබගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඈත් කල යුතුයි. එවැනි සබඳතා ඉවත් කල තරමට සෞඛ්‍ය සම්පන්න සබඳතා පිළිබදව ඉගෙනීම, වර්ධනය කර ගැනීම සහ සොයා ගැනීම කෙරෙහි ඔබට අවධානය යොමු කළ හැකියි මෙන්ම ඒ පුද්ගලයාටද ගැලපෙන සබඳතාවයක් සොය ගැනීමට ඉඩක් ලැබේ.
ඇතැම් පුද්ගලයන් කොතරම් අසීරු වුවත් ඔබගේ ජීවිතයෙන් ඈත් කිරීමට නොහැකි අවස්ථා ද තිබෙනවා.. එමනිසා සෑමවිටම ඔබගේ මානසික මට්ටම ස්ථාවරව පවත්වා ගන්නා අතරම ඔවුන් සමග හිතකර සබදතාවයක් පවත්වා ගැනීමට ඉහත පියවරයන් අනුගමනය කර බලන්න. ඔබට සාර්ථක ප්‍රථිඵල ලබාගැනීමට හැකිවේවි..