පිරිමි බහුතරයක් ආදරයේදී කාන්තාවන්ට බොරු කරන්නේ මේ නිසයි

May 9, 2017
62,311
Why do men lie to women
ආදරයකදී රැවටීමකට හසුවෙනවා තරම් වේදනාවක් ගෙන දෙන දෙයක් තවත් නැති තරම්. මොකද කවුරු උනත් කෙනෙක් සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නේ වේදනාවකින් එය කෙලවර වෙනවා දකින්න හිතාගෙන නෙවෙයි. නමුත් සමහර අවස්ථාවන් වල ඇතැම් අයට සිදුවෙනවා මේ අත්දැකීමට මුහුණදෙන්න. ආදරයේදී පිරිමි වගේම කාන්තාවනුත් බොරු කරනවා. නමුත් අද අපි කතාකරන්නේ පිරිමි බහුතරයක් ආදරයේදී බොරුකරන්න හේතුවෙන කාරණාවන් ගැන.

1. ඔහුට සබදතාවය අත්හැර දැමීමට අවශ්‍ය නිසා

සමහර විට ඔහුට තව දුරටත් ඔබත් සමග ඇති සබදතාවය පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති නිසා ඔවුන් ඔබට බොරු කරනවා වෙන්න පුළුවන්. මොකද මේ නිසා ඔබේ හිතේ ඇතිවෙන්නේ ඔවුන් ගැන කලකිරීමක්. එය ඔවුන්ට පහසුවක් ගෙනදෙනවා ඔබව අත්හැර යන්න.

2. ඔහුගේ අරමුණු වෙනස් වීම

කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් තමන්ගේ අනාගතය ගැන සිහින දකිනවා. ඒ වගේම ආදරය ගැනත්. නමුත් ඔවුන්ට ටික කාලයකට පස්සේ තේරුම් ගියොත් ඔබ ඔවුන්ගේ අරමුණු සහ සිහින වලට නොගැලපෙන අයෙක් බව ඔවුන් ඔබට බොරු කරමින් සබදතාවය අත්හැර යන්න උත්සහ කරනවා.

3. සබදතාවයක් පවත්වාගෙන යාමට තරම් ඔවුන් ශක්තිමත් නොමැති බව සිතුනොත්

සමහර පිරිමි කැමති විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගතකරන්න. ඔබ ඔහුට ඒ සදහා බාධාවක් ලෙස දැනුනොත් ඔවුන් ඔබට බොරුකර ඔබව හැරයන්න උත්සහ කරනවා. ඒ වගේම ඔහුට හිතුනොත් සබදතාවය ඉදිරියට පවත්වාගෙන යන්න තරම් ඔහු ආර්ථික අතින් හෝ මානසික අතින් ශක්තිමත් නොවන බව ඔවුන් ඔබට බොරුකර ඔබව හැරයාමට උත්සහ කරාවි.

4. ඔහුට බාහිර වටපිටාවෙන් එල්ලවෙන බලපෑම්

විශේෂයෙන්ම ඔහුගේ පවුලෙන්. ඔහු පවුලට ලැදි අයෙක් නම් අනිවාර්යෙන්ම දෙමවුපියන්ගේ තීරණයකට එකග වෙනවා. ඒ වගේම බාහිර සමාජය ඔබ ගැන කියන දේවල් වලින් ඔහුට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා ඔහු ඔබව හැරයන්න පුළුවන්.

5. ආදරය නිසා කලින් ඇතිවූ අමිහිරි අත්දැකීම්

සමහර විට ඔහු කලින් අවංකවම ආදරය කර වේදනාවට පත් වූවෙක් විය හැකියි. මේ නිසා ඔහු තවත් සබදතාවයකදී අවංකවීම අනවශ්‍ය දෙයක් ලෙස සිතනවා විය හැකියි. මේ නිසා ඔහු ඔබව රිදවන්න වගේම ඔබට බොරු කර ඔබව හැරයාමටත් උත්සහ කල හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 264 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:52 AM
Script:/article/264/why-do-men-lie-to-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:52 AM
Script:/article/264/why-do-men-lie-to-women.html