කළු කොණ්ඩය සුදු වෙලාද? ඩයි කරන්නේ බලාගෙනයි

April 22, 2018
6,281
Hair turned white? Be aware of dyeing your hair
වයසට යන එක අපිට නවත්තන්න බැහැ. එත් අපේ ගොඩාක් දෙනෙක් විශේෂයෙන් කාන්තා පාර්ශවය තමන්ගේ වයස කියන්නවත් වත් සැබෑ වයස පේනවටවත් එච්චර කැමති නැහැනේ. ඒක ඉතින් වැරද්දක් නෙවෙයි. අපි හැමෝම කැමතියිනේ අපේ තරුණ බව හැමදාම රැක ගන්න. ඒ නිසාම මොන තරම් නම් රුව රැක ගන්න දේවල් අපි කරනවද?

අවුරුදු 30, 35 පැන්නට පස්සේ වයස හංගන්න බැරි වෙන එක හේතුවක් තමයි කොණ්ඩ ගස් එක, දෙක සුදු වෙන්න ගන්න එක. එතකොට ඉතින් අපි ඒකට තියෙන හොඳම විසඳුම කියලා හිතන්නේ කොණ්ඩය ඩයි කරන එකනේ. ඔව්, ඒක හොඳ විසඳුමක් තමයි. හැබැයි ඉතින් කොණ්ඩය ඩයි කරන්න කලින් ඔබ අනිවාර්යෙන් මේ දේවල් ගැනත් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුවා.

ප්‍රමිතියෙන් යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්න. මේ හැම දෙයක්ම කරන්න කලින් ඔබ හිතන්න ඕන ඔබේ සෞඛ්‍ය ගැන. සෞඛ්‍යට හානි කරන කිසිම නිෂ්පාදනයක් භාවිත නොකරන්න ඔබ වගබලා ගත යුතුයි. ඒ නිසා වෙළඳපොලේ දකින දකින නිෂ්පාදන ගෙනත් කොණ්ඩේ ගාන්න එපා. ඒ සඳහා ඉතා හොඳ ප්‍රමිතියක් සහිත හොඳ නිෂ්පාදනයක් තෝරා ගන්න. අඩු මිල ගණන් වල නිෂ්පාදන නෙවෙයි මිල ටිකක් වැඩි උනත් හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරා ගන්න.

පළපුරුදු රූපලාවණ්‍යාගාරයක් තෝරා ගන්න. ඔබ මේ සඳහා රුපලාවන්‍යාගාරයකට යනවා නම් ඒ සඳහා පළපුරුදු සහ වගකීම් සහගතව කටයුතු කරන ස්ථානයක් තෝරා ගන්න. මොකද වර්ණ ගැන්වීම් සිදුකරන කෙනාගේ පළපුරුද්ද ඉතාමත් වැදගත් .ඒ වගේම ඒ සඳහා භාවිතා කරන නිෂ්පාදන නිසි ප්‍රමිතිය සහිත ඒවාද කියන එක ගැනත් අනිවාර්යෙන් සොයා බලන්න.

ආසාත්මිකතා ඇති වේදැයි හොඳින් පරික්ෂා කරන්න. අනිවාර්යයෙන්ම හිසකෙස් ඩයි කරන්න ප්‍රථම ඔබ තෝරා ගත් නිෂ්පාදනය ශරීරයට ආසාත්මිකතා ඇති කරවනවාද කියන එක අනිවාර්යෙන් පරික්ෂාකර බැලිය යුතුයි. එහෙම නොවුනොත් ඇතැම් විට ඔබේ ජීවිතය පවා අනතුරේ වැටෙන්න පුළුවන්. සුළු හෝ ආසාත්මිකතාවක් ඇති වුනොත් එය භාවිත කිරීමෙන් වලකින්න.

හිසකෙස් වර්ණ ගැන්වීමෙන් පසු එහි පැහැය ආරක්ෂාකර ගැනීමට ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. උණුසුම් ජලය, ක්ලෝරීන් මිශ්‍ර ජලය ස්නානය කිරීමෙන් වලකින එක වගේම සැර ෂැම්පු වර්ග පාවිච්චි කිරීමත් හිතකර නැහැ.

මෙන්න මේ දේවල් ගැන වැඩි අවදානයක් දෙන ගමන්ම සුදු කොණ්ඩය කළු කර ගත්තට කමක් නැහැ . කිසිම වෙලාවක මේ දේවල් ගැන හරි අවබෝධයක් නැතිව කිසිම සත්කාරයක් කරන්න එපා. එහෙම වුනොත් එය තමන් විසින් තමන්ගේ ජීවිතය අනතුරේ හෙලීමක් වෙනවා. හොඳම හා වටිනාම දේ තමයි වයසට යන එක නවත්තන්න බැහැ එක හැමෝටම පොදු වුනු දෙය බව මතක තබාගෙන වැඩ කරන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 784 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:19 AM
Script:/article/784/hair-turned-white-be-aware-of-dyeing-your-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:20 AM
Script:/article/784/hair-turned-white-be-aware-of-dyeing-your-hair.html